DP Education
  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්
DP Education
  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්
No Result
View All Result
DP Education
No Result
View All Result

ලොවේ තොරතුරු තාක්ෂණ අනාගත පරපුර ගොඩනගන ඩීපී එඩියුකේෂන් අයි ටී කැම්පස්

admin by admin
December 18, 2024
in දැනුමට යමක්
0
ලොවේ තොරතුරු තාක්ෂණ අනාගත පරපුර ගොඩනගන ඩීපී එඩියුකේෂන් අයි ටී කැම්පස්

තොරතුරු තාක්ෂණය කියන්නෙ අද ලෝකෙට අමුතු හෝ අලුත් මාතෘකාවක් නෙවෙයි. මම එක තැනක ඉඳගෙන ලියන මේ ලිපිය ඔබ සියලු දෙනා ලෝකයේ විවිධ තැන්වල ඉඳගෙන කියවන්නෙ ඒ තොරතුරු තාක්ෂණයේ පිහිටෙන්. ලෝකය කුඩා කරන්න සහ සබඳතා වඩා ලං කරන්න හේතුවෙච්ච ලොකුම කරුණක් විදියට මේ තොරතුරු තාක්ෂණය ලොකු හේතුවක් වෙලා තියෙනවා.

“මම ඩීපි එඩියුකේෂන් අයි ටී කැම්පස් එකේ ඉගෙන ගන්න දරුවෙක්. මම ඉගෙන ගන්නෙ වෑකඩ බැන්ඩිය පාසලේ.  මම මේ වෙද්දි ප්‍රොජෙක්ට්ස් 100 සම්පූර්ණ කරලා තියෙනවා.ඉතින් මම ඔයාලටත් කියනවාේ ප්‍රොජෙක්ට්ස් 100 සම්පූර්ණ කරලා, මේ course එකට සම්බන්ධ වෙන්න කියලා. මේ course එකෙන් ඔයාලට coding පිළිබඳ විශාල දැනුමක් ලබාගන්න පුළුවන්”

තොරතුරු තාක්ෂණය අද වනවිට ලෝකයේ වර්තමානය සහ අනාගතය තීරණය කරන තීරණාත්මක සාධකයක් ලෙසින් හඳුන්වන්න පුලුවන්. විශ්වය පුරා සෑම ක්ෂේත්‍රයකම, ගෝලීය තරඟකාරීත්වයේ ඉදිරියෙන් සිටින්නට, තොරතුරු තාක්ෂණයට පැවරුණු භූමිකාව සෑම විටම අතිශය වැදගත්.. ඒ නිසාම, ඩීපී එඩියුකේෂන්, ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින දරුවන්ට තොරතුරු තාක්ෂණය පිළිබඳ පුරෝගාමී දැනුම ලබා දීමේ මෙහෙවරක් ඉටුකරනවා

ඩීපී එඩියුකේෂන්, දරුවන්ට අනාගතයේ නවෝත්පාදන, සංවර්ධන හා කුසලතා සංවර්ධනය සඳහා අවශ්‍ය දැනුම සහ සම්පත් සැපයීම සඳහා කැපවී ඇති අතර, ඔවුන්ට ප්‍රායෝගික දැනුමක් සහ වෘත්තීයමය පුහුණු පහසුකම් ලබා දී, තොරතුරු තාක්ෂණය පිළිබඳ විශේෂඥයන් සහ ප්‍රවීණයන් ලෙස ගොඩනැගීමේ අරමුණක් තබාගෙන තමයි මේ ගමන ඉදිරියට යන්නෙ.

මෙහිදී, ඔවුන් දැනුමට සීමා නොවී, ගෝලීය තාක්ෂණික නව්‍යතා හා ප්‍රවණතා පිළිබඳව ප්‍රායෝගික දැනුමක් ගොඩනැගීමට, සංකීර්ණ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණත්වයක් ඇති කර ගැනීමට ලංකාව පුරා විසිරී ඉන්න දරු දැරියන්ට අවකාශ සලසා දෙනවා.

“මම හිරෝමි. මම ආවෙ කුලියාපිටියෙ ඉඳලා. මට වයස අවුරුදු 17. මම අට වසරෙ වගෙ ඉද්දි තමයි මම ඩීපී එඩියුකේෂන් යූ ටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල ටියුටෝරියල්ස් බලන්න පටන් ගත්තෙ. කොවිඩ් ආපු කාලෙ මට ගොඩක් අධ්‍යාපන කටයුතු මග හැරුණ නිසා මම මුලින්ම බලන්න පටන් ගත්තෙ ගණිතය පාඩම්. ඇත්තටම මම ගොඩක් දේවල් ඒකෙන් ඉගෙන ගත්තා”

ඩීපී එඩියුකේෂන් IT කැම්පස්, ශ්‍රී ලාංකීය දරුවන්ට තොරතුරු තාක්ෂණය සහ අධ්‍යාපනයේ නව අවස්ථා සොයා ගෙන, ඔවුන්ගේ අනාගතයට ශක්තියක් සහා විශ්වාසයක් සැපයීමේ අභිලාෂයෙන් පවත්වාගෙන යන ප්‍රගතිශීලී ව්‍යාපෘතියක් කියලා හඳුන්වන්න අපිට පුලුවන්. මෙම කැම්පස්වල සුවිශේෂී අරමුණ වන්නේ දරුවන්ට මූලිකම තොරතුරු තාක්ෂණික දැනුම ලබා දීලා, ලංකාවෙ හැම අස්සක් මුල්ලකම විසිරිලා ඉන්න ඉගෙන ගන්න දරුවන්ව මේ තොරතුරු තාක්ෂණ දැනුමෙන් සන්නද්ධ කරන එක.

ඩීපී එඩියුකේෂන් IT කැම්පස්, දැනුම ලබා ගැනීමට අවශ්‍ය නව දොරටු විවර කරමින්, දරුවන්ට නවීන තාක්ෂණික විෂයයන් පිළිබඳ තේරුම් සහ අවබෝධයක් ලබා දීමට කැපවී සිටිනවා. මෙහිදී, විශේෂයෙන් මෘදුකාංග සංවර්ධනය, දත්ත විශ්ලේෂණය, තොරතුරු ආරක්ෂාව ඇතුළු ක්ෂේත්‍රයන් පිළිබඳව පාඨමාලා නිර්මාණය කොට තිබෙනවා වගේම ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස්, ඩීපී එඩියුකේෂන් කෝඩින් පාසල, ඩීපී එඩියුකේෂන් රිමෝට් රොබොටික්ස් වගේ විෂය මාලාවන් පවා සරලව, මුල සිටම කියලා දෙන්න වැඩසටහන් සූදානම් කර තිබෙනවා.

මෙම IT කැම්පස්වල ඉගෙනගන්න දරුවන්ට, මූලික වැඩසටහන් හෝ කෙටි පාඨමාලා හරහා, තාක්ෂණික ක්ෂේත්‍රවලට අදාල දැනුම ලබා ගැනීමට අවස්ථාව සලසයි. තොරතුරු තාක්ෂණයේ ප‍්‍රායෝගිකම අංශ ඔවුන්ට අධ්‍යාපනය තුළින්ම ලබා දීමට මෙය නිර්මාණය කර තියෙනවා.

ඩීපී එඩියුකේෂන්, දරුවන්ව ගෝලීය තරඟකාරීත්වයට සූදානම් කිරීමේ අරමුණින්, ගෝලීය වේදිකාවේ මීළඟ පරපුර ප්‍රමුඛ තාක්ෂණ දැනුමෙන් සන්නද්ධ ගොඩනැගීමට, ශ්‍රී ලාංකීය දරුවන්ට නව අවස්ථා සලසනවා. මේ හරහා ඔවුන්ට, ජාත්‍යන්තර රැකියා වෙළඳපොළේ වැඩි වටිනාකමක් සහා ඉහල අවස්ථාවක් ලබන්නට ඉඩ සලසා දෙනවා.

ඩීපී එඩියුකේෂන් ආයතනය විසින් ශ්‍රී ලංකාව පුරා පිහිටුවා ඇති IT කැම්පස්වල හරහා සිසුන්ට තොරතුරු තාක්ෂණයේ පුළුල්ම දැනුම ලබා දීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. දැනටමත් පැවති වැඩසටහන් අතරින්, කාර්මික දැනුම සහ පුහුණු වැඩසටහන්, වැඩිදුර අධ්‍යාපන අවස්ථා, සහ නව තාක්ෂණික ක්ෂේත්‍රවල දැනුම බෙදාහැරීමේ වැඩසටහන් මෙහිදී සිදු කෙරෙනවා.

ඩීපී එඩියුකේෂන්, සියලු දරුවන්ට නොමිලේම අධ්‍යාපනික පහසුකම් සලසා දීමෙන් සමාජයෙහි සෑම දරුවෙක්ටම තාක්ෂණික දැනුමක් ලබා දීමට අවස්ථාව සලසන එක ඉතාම වටිනා දෙයක් බව කිව යුතුමයි. පාසැල් පංති කාමරවලින් පිටතටත් යමින් ඔවුන්ට තොරතුරු තාක්ෂණය පමණක් නොව, තාක්ෂණික කුසලතා සහ නවෝත්පාදන හැකියාවන් ද සපයන්න ඩීපී එඩියුකේෂන් හැමදාමත් කටයුතු කරන බව අප මෙනෙහි කරන්නෙ ඉතාම සතුටෙන්!

ඩීපී එඩියුකේෂන් අප මේ ගොඩනගන්නෙ දැයේ මෙන්ම ලොවේ තොරතුරු තාක්ෂණයේ අනාගත පරපුරයි!

Tags: DP Educationeducation websiteFree EducationLearn Free
admin

admin

Next Post
මහජන සෞඛ්‍ය වෙනුවෙන් ඉදිරි පියවරක් තබන ඩීපී එඩියුකේෂන් Public Health

මහජන සෞඛ්‍ය වෙනුවෙන් ඉදිරි පියවරක් තබන ඩීපී එඩියුකේෂන් Public Health

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

DP Education - Blog

© 2023 Dhammika & Priscilla Perera Foundation

Navigate Site

  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්

Follow Us

No Result
View All Result
  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්

© 2023 Dhammika & Priscilla Perera Foundation