නිදහස් අධ්‍යාපනය කියන්නේ ලංකාවට අමුතු වචනයක් නෙමෙයි. අපිට දශක ගණනාවක් තිස්සේ හුරුපුරුදු වුණු, හැමෝම ආදරය කරන, ගෞරවයට ලක් කරන වචනයක්. නමුත් ඇත්තටම හිතා බැලුවොත්, ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ සෙවණ සැබවින්ම ලබන්න පුළුවන් වුණේ දරුවන් බහුතරයකට පමණයි. නාගරික ප්‍රදේශවල පිහිටි යම් මට්ටමක් තියෙන පාසල්වල සිටින දරුවන්ට නම් අධ්‍යාපන ප්රතිලාභ වඩා හොඳින් උරුම වෙලා තිබුනත්, ඈත ගම් වල, දුප්පත්ම යටිතල පහසුකම් අඩු ප්‍රදේශවල ඉන්න දරුවන්ට එම සෙවණ වගේම, අනාගතයත්, කෙසේ හෝ සිහිනයක් වෙලා තියෙනවා.
ඩීපී එඩියුකේශන් කරළියට එන්නෙ ඒ බහුතරයත් අතලොස්සත් අතරට නිදහස් අධ්‍යාපනය වඩා ඉහළ තාක්ෂණික ක්‍රමවේදයන් රැගෙන යමින්.
සීමා රහිත අධ්‍යාපනය ලබාදීමට, ජාති, වර්ණ, ආර්ථික තත්ත්ව හෝ ප්රදේශමය වෙනසක් නොසලකා දැනුම බෙදාදීමේ මේ ඩීපී එඩියුකේශන් වේදිකාව, දරුවන්ට දැනුම ලඟා කර දීමට නව නිර්මාණාත්මක ක්‍රමවේදයන් මගින් අන්තර්ජාලය සහ දියුණු රටවල අධ්‍යාපනික ක්‍රමවේදයන්, නිදහස් අධ්‍යාපන හැකියාවන් ඔවුන් වෙත ගෙන එනවා.
ඉතාමත් විශිෂ්ට පාඩම් සැලසුම්, උසස් ගුණාත්මක පන්තිමාලා සහ විශිෂ්ට ගුරුවරුන් සමඟින් ඩීපී එඩියුකේෂන් අරමුණු කරන්නේ දරුවන්ට තම ඉගෙනුම් අවස්ථා හැමතැනින්ම පවත්වාගෙන යාමට අවශ්‍ය කුසලතා ලබා දීමයි. ඩීපී එඩියුකේෂන් ගුරුවරුන්ගේ සහාය සහ මෙහෙවර යෙදවමින්, දරුවන්ට පුළුල් ඉගෙනුම් ක්‍රමවේදයක් තොරව ලබාදීම සඳහා, උසස් තත්ත්වයේ දැනුම සැපයීම තමන්ගේ අරමුණ කරගෙන තියෙනවා.
ඩීපී එඩියුකේෂන් ආයතනයේ මෙහෙවර, සෑම දරුවෙකුටම සහ ලාංකේය තරුණ ප්‍රජාවටම ගුණාත්මක අධ්‍යාපනික පසුබැසීමකින් තොරව අවශ්‍ය දැනුම ලබාදීමයි. වසර පහක් පුරාවට ඩීපී එඩියුකේෂන් ආයතනය කරගෙන ආවේ ඒ මෙහෙවරයි. ඩීපී එඩියුකේශන් මෙහෙවර වන්නේ ගුණාත්මකවූත් විෂමතා රහිත වූත් ඩිජිටල් අධ්‍යයන ප්‍රවේශයක් සැමට නොමිලේ ලබා දීම යි.
පෙර පාසල් අධ්‍යාපනයේ සිට අ.පො.ස. උසස් පෙළ දක්වාත්, තොරතුරු තාක්ෂණ පාඨමාලා, ටිවෙට් අධ්‍යාපනය ඇතුළු විෂයන් රාශියක් ඔබට නොමිලේ හැදෑරීමට ඩීපී එඩියුකේෂන් අවකාශය සලසා දී තිබෙනවා. ඩීපී එඩියුකේෂන් යනු ජීවිතයේ සෑම වයස් මට්ටමක ම සිටින පුද්ගලයින්ගේ ඉගෙනුම් අත්දැකීම් වර්ධනය කිරීමට කැපවී සිටින පුරෝගාමී ප්‍රවේශයක්. අධ්‍යාපනය පුද්ගලාරෝපිත වූත්, සැමට ප්‍රවේශ විය හැකි වූත්, සීමා මායිම් රහිත වූත්, මාර්ගයක් විය යුතු බව ඩීපී එඩියුකේෂන් ආයතනය විශ්වාස කරනවා. එමෙන් ම ඒවා වර්තමාන ශිෂ්‍ය පරපුරෙහි විවිධ අවශ්‍යතා සහ අභිලාෂයන් සමඟ සමපාත විය යුතුයි. අද්විතීය අධ්‍යාපන ක්රමෝපායන් මගින් මානව හැකියාවන් වර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීම අපගේ මෙහෙවරෙහි කේන්ද්‍රීය සාධකය වේ.
තම අධ්‍යයන ජීවිතය ආරම්භ කරන පාසල් ශිෂ්‍යයන්ගේ සිට තම හැකියා ඉහළ නැංවීමට හෝ ප්‍රතිනිර්මාණය කිරීමට අපේක්ෂා කරන වැඩිහිටියන් දක්වා සෑම වයස් කාණ්ඩයකම විද්‍යාර්ථින් සඳහා පහසුකම් සැලසීමට ඩීපී එඩියුකේෂන් කැප වී සිටිනවා. ඩීපී එඩියුකේෂන් සමඟින් ඔබ මෙන් ම අනන්‍යවූත් – අද්විතීයවූත් ඉගෙනුම් අත්දැකීමක් ළඟා කරගන්න කටයුතු කරන බව අප විශ්වාස කරනවා.
ඩීපී එඩියුකේශන් ඔස්සේ ලබාදෙන අධ්‍යාපනික වැඩසටහන් විවිධාකාටයි. පසුගිය වසර පහක කාලය පුරාවටම ලබා දුන් සේවාවන් ගැන විස්තර කලොත්,
අපගේ මුල් ළමා විය අධ්‍යාපන පාඨමාලාව ගණිතය හා විද්‍යාව යන විෂයයන් ඇසුරින් අන්තර්ක්‍රියාකාරීත්වය අරමුණු කරගත්, කතන්දර කීම,චිත්‍ර,අත්වැඩ,සංගීතය සහ තවත් විෂයයන් ඇසුරින් සංජානනය, චිත්තවේගී කුසලතා සහ සමාජීය-භෞතික වර්ධනය අරමුණු කරගත්ත වැඩසටහනක්.
1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු පාසල් විෂයයන් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ම නොමිලේ හැදෑරීමට අවස්තාව සලසන ප්‍රාථමික හා ද්විතීක අධ්‍යාපන ක්‍රම ඔස්සේ ඩීපී එඩියුකේශන් කටයුතු කරනවා.
නවීන ලෝකයේ ඉල්ලුමට සරිලන පුළුල් තොරතුරු තාක්ෂණ පාඨමාලා, NVQ මට්ටම් 3 සහ 4 සඳහා අවශ්‍ය වන කුසලතා වර්ධනය කරගැනීමට වෘත්තීය අධ්‍යාපනය පාඨමාලා, ඔබේ භාෂා කුසලතා වර්ධනය කරගැනීමට හෝ ගෝලීය වෙළඳපොළේ ඉහළ රැකියා අවස්ථා හිමි කරගැනීමට අවශ්‍ය විවිධ භාෂා ඉගෙනීමට ඩීපී එඩියුකේෂන් හා සම්බන්ධ වන්නත් ඉඩකඩ තියෙනවා, දහම් පාසල්, පිරිවෙන් සහ ප්‍රාචීන අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණ විෂයයන්වන Python, HTML, Fullstack, WordPress ඇතුළුව තවත් විෂයයන් ගණනාවක් ඉගෙන ගැනීමට අවස්ථා, ජාත්‍යන්තර තරඟ සඳහා මෙන් ම ඔබගේ පරිකල්පන බුද්ධිය දියුණු කරගැනීම සඳහා ඩීපී එඩියුකේෂන් වෙතින් ඔලිම්පියාඩ් ගණිතය සහ තොරතුරු තාක්ෂණය, ආර්ථික විද්‍යාව පිළිබඳ ඔබේ අවබෝධය වැඩි දියුණු කිරීම සඳහා නිර්මාණය කර ඇති වැඩසටහන්, මනා සෞඛ්‍ය භාවිතය, මානසික සෞඛ්‍යය හා ප්‍රසව වෛද්‍ය විද්‍යාව යනාදි විෂය ක්ෂේත්‍ර පිළිබඳ දැනුවත්භාවයට උදව් වෙන පාඨමාලා, එදිනෙදා ජීවිතයට අවශ්‍ය වන කුසලතා වර්ධනය කරගැනීමට ජීවන කුසලතා, අපගේ ඉහළ පෙළේ පුහුණුව සමඟින් ඔබේ ක්‍රිකට් , ජවන හා පිටිය ක්‍රීඩා කෞශල්‍යයන් දියුණු කරගන්න, ලෝක කුසලාන සහ ඔලිම්පික් ජයග්‍රහණ අත්කරගත් ශූරයින් සමඟින් පුහුණු වීමට අප හා එක්වන්න ඩීපී එඩියුකේශන් ඔස්සේ ඔබට අවකාශ සලසා තිබෙනවා.
ඉතින් ඩීපී එඩියුකේශන් අප හා ඔබ එක්වී දැන් වසර පහක්.
ඒ වසර පහ තුල අපත් සමග නිරත්තරයෙන්ම එක්වී සිටි ඔබට අපේ ස්තුතිය, කෘතඥතාවය අප මේ විදියට ඔබත් එක්ක බෙදාගන්නවා!
පුරා පස් වසරක් ඩීපී එඩියුකේෂන් කෙරෙහි විශ්වාසය තබා සිටි සිසුන්, ගුරුවරුන්, දෙමාපියන් ඇතුළු සියලු දෙනාහට, අපගේ හදපිරි ස්තුතිය. ඩීපී එඩියුකේෂන් අපි නිරන්තරයෙන් ඔබ වෙත ගුණාත්මක ඩිජිටල් අධ්‍යාපනයක් ලබාදීමට කැපවී සිටින්නෙමු!