DP Education
  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්
DP Education
  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්
No Result
View All Result
DP Education
No Result
View All Result

පොඩ්ඩාව Smart කරන්නෙ කොහොමද?

admin by admin
November 8, 2024
in දෙමාපියන්ට උපදෙස්
0
පොඩ්ඩාව Smart කරන්නෙ කොහොමද?

ඕනම අම්මා කෙනෙක් සහ තාත්ත කෙනෙක්ගේ හීනේම වගේ අරමුණක් තමයි තමන්ගේ දරුවා Smart (උගත්, විනෝදශීලී, සහ හිතාමතා කටයුතු කරන) දරුවෙක් කිරීම. දරුවෙක් නිවැරදි ලෙස දැනුම සහ  හැකියාවන් වඩවන ලෙසට වැඩ කරන කෙනෙක් කරන්න මවක් සහ පියෙක් හැකි උපරිම ප්‍රයත්නයක් කරනවා. නමුත් මේ සංකල්පය සාර්ථක කරවා ගැනීමට අවශ්‍ය කාර්ය මාලාව සහ ගැඹුරු අවබෝධයක් තිබිය යුතුයි.

දරුවව Smart දරුවෙක් කරන්න ඉස්සෙල්ලම ඒ අවශ්‍ය පරිසරය අපි හදන්න ඕන. දරුවෙක් Smart දරුවෙක් වෙන්න, ඔහුගේ ජීවන පරිසරය ඉතා වැදගත්ය. අම්මලා සහ තාත්තලා දරුවාගේ වටපිටාව සුදුසු ලෙස සැකසීමෙන්, ඒ දරුවාගේ හැකියාවන් ඉක්මවා වැඩෙන හැටියට උපකාර කරනු ඇත. දරුවා ජීවත්වන පවුලේ ආදරය සහ ආරක්ෂාවෙන් පිරුණු පරිසරයක් ඔහුට නිවැරදි මාර්ගෝපදේශනයක් ලබා දෙන්න ගොඩක් වැදගත්.

Smart දරුවෙක් වන්න නම්, දරුවාට නිවැරදිව ඉගෙනීමට අවස්ථා ලබා දීම හරිම ප්‍රධාන කාර්යයක්. අධ්‍යාපනය තුළ වටිනාකමක් තියෙනවා. නමුත්, එය පමණක් නොව, දරුවාට නව දේවල් පරීක්ෂා කරන්න, ප්‍රශ්න අහන්න, සහ නිදහසේ සිතන්න ද ආවශ්‍යයි. දරුවාට පොත පතින් ලබාගන්නා දැනුමට සීමා නොවී, විමසුම් සහ නිදහස් සිතුවිලි වර්ධනය කිරීමේ හැකියාවන් වඩන්නට දෙමව්පියන්ගේ උනන්දුවත් හරිම වැදගත්.

දරුවන්ට අඩුපාඩු තියෙන්නත් පුළුවන්. හැබැයි ඒ වගේ වෙලාවක අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෙක්ට ඒ වැරදි අඩුපාඩු පවා පෙන්නල දෙන්න ඕන ආදරයෙන් සහ කරුණාවෙන්. ඒ ආදර සහ කරුණාව, දරුවන්ට ඉඩ දෙනවා තමන්ගෙ වැරදි සහ අඩුපාඩු තමන් විසින්ම තේරුම් අරගෙන ඒව හදාගෙන Smart විදියට වැඩෙන්න.

ඒ වගේම තමයි ඕනම වයසකදි අපිට ජීවිතයේ මුහුණ දෙන්න වෙන අභියෝග සහ බාධක ඕනතරම් තියෙනවා. පොඩි දරුවෙක්ට උනත් එච්චරයි. ඒ වගේ වෙලාවක අභියෝග සහ ප්‍රශ්න ළඟදි කලබල වෙන්නෙ නැතුව, බය වෙන්නෙ නැතුව තීරණ ගන්න විදිය දරුවන්ට කියලා දීමෙන් දරුවන්ව Smart කරන්න පුලුවන්.

මීට අමතරව අපි බලමු දරුවෙක්ව Smart දරුවෙක් කරන්න යොදාගන්න පුළුවන් විද්‍යාත්මක ක්‍රම මොනවද කියලා?

  1. සංගීතය

සංගීතය කියන්නෙ විශ්ව භාශාවක්නෙ. මේ විශ්ව භාශාව ගොඩක් උපකාරී වෙනවා දරුවෙක්ව Smart විදියට හිතන දරුවෙක් බවට පත් කරන්න.

සංගීතය හදාරන දරුවන්ගෙ IQ Level එක අනිත් දරුවන්ට වඩා සාපේක්ෂව ඉහළ අගයක තියෙනවා කියලා අන්තර්ජාලයේ සඳහන් වෙනවා.

ඇත්ත වශයෙන්ම සංගීත පුහුණුව බාල මහලු සැමට උපකාර කරනවා.එක්තරා පර්යේෂණ කණ්ඩායමක් සංගීත පුහුණුව සිසුන්ට පන්ති කාමරයේ ඉගෙනීමේ වාසි ලබා දෙන බව සොයාගෙන තියෙනවා.

  • දරුවන් එක්කම කියවන්න

කියවන්න ඉගෙන ගන්න පොඩි දරුවෙක් ගෙදර ඉන්නවද? ඔයා එයාට පොත් කියවනකම් පොතක ඇති පින්තූර දෙස බලා සිටීමට දරුවන්ට ඉඩ දෙන්න එපා.

වචන කෙරෙහි අවධානය යොමු කරන්න. එයාලටත් කියවන්න ඉඩ දෙන්න. පර්යේෂණ මගින් පෙන්නුම් කරන්නේ එය ඔවුන්ගේ කියවීමේ කුසලතා ගොඩනැගීමට උපකාරී වන බවයි.

ළමුන්ගේ කියවීමේ කුසලතා සහ උපාය මාර්ග වර්ධනය කෙරෙහි පැහැදිලි අවධානයකින් බෙදාගත් පොත් කියවීම වැඩි කරන විට දරුවන්ගේ මුල් සාක්ෂරතා හැකියාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඵලදායී වෙන බව සඳහන් වෙනවා.

  • නින්ද අඩුකම

පැයක නින්දක් නැතිවීම හයවන ශ්‍රේණියේ සිසුවෙකුගේ මොළය හතරවන ශ්‍රේණියේ සිසුවෙකුගේ මොළය බවට පත් කරනවා කියලා පර්‍යේෂන වලින් කියනවා.

 සාමාන්‍යයෙන් A සාමාර්ථ ලැබූ දරුවෙක් B සාමාර්ථ ලැබූ සිසුන්ට වඩා මිනිත්තු පහළොවක් පමණ වැඩිපුර නිදා ගන්නා අතර, ඔවුන් C ලැබූ සිසුන්ට  වඩා මිනිත්තු පහළොවක් නිදාගෙන තියෙන බව මේ වගේ පර්‍යේෂණ වලින් හොයාගෙන තියෙනවා. Wahlstrom කරපු පරීක්ෂණයකින් හොයාගත්ත මේ දත්ත බ්‍රවුන්ස් කාර්ස්කඩොන් විසින් රෝඩ් අයිලන්ඩ් උසස් පාසල් සිසුන් 3,000 කට අධික සංඛ්‍යාවක් පිළිබඳ පූර්ව අධ්‍යයනයක ප්‍රතිඵලවල පරිපූර්ණ අනුකරණයකි.

  • ස්වයං – හැදියාව

Self-Discipline කියන එකත් මෙතනදි ඉතාම වැදගත් කාර්‍යයක් කරන බව සඳහන් වෙනවා. ඒ කියන්නෙ IQ Level එක කොච්චර වැඩිවුණත් Discipline හරි නැත්තම් ඒ දරුවන්ව Smart කියලා අපිට ඇත්තටම සලකන්න බෑ.

අධ්‍යයන දුසිම් ගනනක් පෙන්නුම් කරන්නේ තනි පුද්ගල සාර්ථකත්වය සඳහා අධිෂ්ඨාන ශක්තිය ගොඩක් වැදගත් බවයි. ඉහළ මට්ටමේ අධිෂ්ඨාන ශක්තියක් යෙදූ සිසුන්ට තම පන්තිවල ඉහළ ලකුණු ලබා ගැනීමට සහ වඩාත් තෝරාගත් පාසල්වලට ඇතුළත් වීමට වැඩි ඉඩක් ඇත. ඔවුන් නොපැමිණීම අඩු වූ අතර රූපවාහිනිය නැරඹීමට අඩු කාලයක් සහ ගෙදර වැඩ සඳහා වැඩි පැය ගණනක් ගත කරනවා. .ස්වයං විනය බුද්ධිමය කුසලතාවන්ට වඩා අධ්‍යයන කාර්ය සාධනය කෙරෙහි විශාල බලපෑමක් ඇති කරනවා.

  • Active විදියට ඉගෙන ගන්න

අපේ මොළය පරිණාමය වූයේ දේවල් කිරීමෙන් ඉගෙන ගැනීමට මිස ඒවා ගැන ඇසීමෙන් නොවේ. බොහෝ කුසලතා සඳහා, එය අවශෝෂණය කර ගැනීමට වඩා එය ඔබම පරීක්ෂා කර බැලීමට ඔබේ කාලයෙන් තුනෙන් දෙකක් පමණ වැය කිරීම වඩා හොඳ වීමට මෙය එක් හේතුවකි. තුනෙන් දෙකේ නීතියෙන් කියන්නෙ ඒක. ඔබට ඡේදයක් කටපාඩම් කිරීමට අවශ්‍ය නම්, එය කියවීමට ඔබේ කාලයෙන් සියයට 30 ක් වැය කිරීම වඩා හොඳය, අනෙක් සියයට 70 එම දැනුම මත ඔබම පරීක්ෂා කර බලන්න වැය කරන්න ඕන.

  • සතුටෙන් ඉන්න දරුවන් හරිම සාර්ථකයි

ඕනම කෙනෙක්, දරුවෙක් විතරක් නෙවෙයි ඕනම කෙනෙක් සාර්ථක වෙන්න නම් සතුටෙන් ඉන්න කෙනෙක් වෙන්න ඕන. හැමදේටම Depress වෙන කෙනෙක්ට සාර්ථක වෙන්න, Smart වෙන්න අපහසුයි.

සාමාන්‍යයෙන්, සතුටින් සිටින මිනිසුන් රැකියාවේදී සහ පෞද්ගලික ජීවිතය යන දෙකෙහිම අසතුටින් සිටින අයට වඩා සාර්ථක වේ. ඔවුන් වඩා හොඳ කාර්ය සාධන සමාලෝචන ලබා ගනී, වඩා කීර්තිමත් රැකියා ඇත, සහ ඉහළ වැටුප් උපයනවා.

ඉතින් දරුවෙක්ව විතරක් නෙවෙයි, ඔයාට වුණත් Smart වෙන්න ඕන නම් මෙන්න මේ ඉහළ කියල තියන කරුණු අනුව වැඩ කටයුතුවල නිරත වෙන එක වඩා හොඳ ප්‍රතිඵල අරගෙන එන්න පුළුවන්.

ඕනවට වඩා පාඩම් වැඩවලම ගිලිලා ඉන්න, ඒකම තමයි ජීවිතේ කියල හිතන් ඉන්න කෙනෙක්ට වඩා හැමදේම හොඳින් Balance කරගෙන යන එක Smart වෙන්න වගේම Successful වෙන්නත් පුළුවන්.

ඉතින් හැමදේම හොඳින් Balance කරගෙන, ඔයාලගෙ දරුවන්ව Smart දරුවන් විදියට ලෝකයට මුදාහරින්න දෙමව්පියන් විදියට ඔයාලගෙ වගකීම ඉටු කරන්න අමතක කරන්න එපා!

Tags: advice for parentsDP Educationeducation websiteFree EducationLearn Freenew trends
admin

admin

Next Post
පස් වසරක් පුරා ඔබ වෙනුවෙන් ගෙන ආ අපේ මෙහෙවර

පස් වසරක් පුරා ඔබ වෙනුවෙන් ගෙන ආ අපේ මෙහෙවර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

DP Education - Blog

© 2023 Dhammika & Priscilla Perera Foundation

Navigate Site

  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්

Follow Us

No Result
View All Result
  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්

© 2023 Dhammika & Priscilla Perera Foundation