DP Education
  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්
DP Education
  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්
No Result
View All Result
DP Education
No Result
View All Result

කැන්ඩි සිටි සෙන්ටර් හී – මහනුවර පොත් ප්‍රදර්ශනය සමග පැවැත්වුණු ඩීපී එඩියුකේශන් ප්‍රදර්ශන කුටිය

කැන්ඩි සිටි සෙන්ටර් හී - මහනුවර පොත් ප්‍රදර්ශනය සමග පැවැත්වුණු ඩීපී එඩියුකේශන් ප්‍රදර්ශන කුටිය

admin by admin
October 8, 2024
in පුවත් සහ යාවත්කාලීන තොරතුරු
0
කැන්ඩි සිටි සෙන්ටර් හී – මහනුවර පොත් ප්‍රදර්ශනය සමග පැවැත්වුණු ඩීපී එඩියුකේශන් ප්‍රදර්ශන කුටිය

අද වන විට තාක්‍ෂණය ලෝකය පුරා අපගේ ජීවිතයේ අත්‍යාවශ්‍ය අංගයක් බවට පත්ව තිබේ. සෑම ක්ෂේත්‍රයකම, ව්‍යාපාරවල දියුණුවේ සිට දරුවන්ගේ අධ්‍යාපනය දක්වා, තාක්‍ෂණික දැනුම එක්රැස් කරගන්න සහ ඒවා ප්‍රායෝජනයට ගැනීම සඳහා ඉතා වැදගත් සාධකයක් වෙලා තියෙනවා. මේ අන්දමින්, අධ්‍යාපන ආයතන හා සමාජ සංවර්ධන මධ්‍යස්ථාන තාක්‍ෂණය ඔවුන්ගේ මූලික කාර්යයන්හි කොටසක් ලෙස තෝරාගෙන තියෙනවා.

ඩීපී එඩියුකේශන් අධ්‍යාපනික මංසල ඔස්සේ ලබාදෙන තොරතුරු තාක්ෂණික දැනුම වඩා වැදගත්වන්නේත් අන්න ඒ නිසාමයි.

2024 වසරේ ජුලි 1 වන දා සිට 7 වන දා දක්වා මහනුවර Kandy City Center හි පැවැත්වුණ පොත් ප්‍රදර්ශනය හා සමගාමීව එහි ඩිජිටල් අධ්‍යාපන සහකරු ලෙස සහභාගී වූ ඩීපී එඩියුකේශන් ප්‍රදර්ශන කුටිය දින හත පුරාම තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ වන්නට කැමැත්තක් දැක්වූ ලාංකේය දරු දැරියන් රැසකගෙන් පිරී ඉතිරී ගියා.

“මම සාමාන්‍ය පෙලට කරන්නෙ අයි ටී. ඒකට මට ඩීපී එඩියුකේෂන් කෝඩින් ස්කූල් එකෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් උදව් වෙනවා. ඒ වගේම ඩීපී එඩියුකේෂන් එකෙන් ලබා දෙන ඔන්ලයින් දැනුමෙන් මට මම දන්නෙ නැති ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්” කියා මෙන්ම

“ඇත්තටම හොඳයි, ධම්මික පෙරේරා මහත්මයාට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මේ වගේ දෙයක් පටන්ගත්ත එක ගැන. මේකෙන් අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්. දැනටමත් අපිට ඇප් එහෙම හදන්න පුලුවන් ඩීපී එඩියුකේශන් කෝඩින් ස්කූල් එකෙන් ලැබුන දැනුම නිසා,” යැයි ඩීපී එඩියුකේශන් ප්‍රදර්ශන කුටිය වෙත පැමිණි දරුවන් ඩීපී එඩියුකේශන් වෙතින් ඔවුන්ට ලබා දෙන තොරතුරු තාක්ෂණ දැනුම වෙත ආයතනයට සහ එහි නිර්මාතෘවරුන්ට ස්තුතිවන්ත වෙන්නත් අමතක කලේ නැහැ.

ඩීපී එඩියුකේෂන්, ජීවිතයේ සෑම වයස් මට්ටමක සිටින පුද්ගලයන්ගේ ඉගෙනුම් අත්දැකීම් වර්ධනය කිරීමට කැපවී සිටින නවීන පද්ධතියක් කීම වඩාත් නිවැරදියි. ඩීපී එඩියුකේශන් සහ එහි නිර්මාතෘවරුන් විශ්වාස කරනවා, අධ්‍යාපනය පුද්ගලික හා සීමා රහිත විය යුතු බව. ඒ නිසා, ඩීපී එඩියුකේෂන් වර්තමාන ශිෂ්‍ය පරපුරෙහි විවිධ අවශ්‍යතා සහ අභිලාෂයන්ට අනුකූල පරිගණක සහ අනෙකුත් තාක්ෂණික කුසලතා සපයන්නට නිරත්තරයෙන් ඇප කැප වී සිටිනවා.

ඩීපී එඩියුකේශන් කණ්ඩායම, අධ්‍යාපනඥයින්, සංවර්ධකයින්, නිර්මාණශිල්පීන් සහ විෂය මූලික විශේෂඥයින් එක්ව, ලෝක මට්ටමේ ඩිජිටල් ඉගෙනුම්, ඉගැන්වීම් සහ වෘත්තිය මාර්ගෝපදේශන පහසුකම් ලබා දීමට කැපවී සිටිනවා. ඩීපී එඩියුකේශන්හි මෙහෙවර, සමාජයේ සහ පුද්ගල වර්ධනයේ දියුණුවට උපකාරී වීමයි. ඩීපී එඩියුකේෂන්, සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමවේදයන් ඉක්මවා ගොස්, පුද්ගලයන්ගේ මානව හැකියාවන් වර්ධනය කිරීම සඳහා කටයුතු කරන අධ්‍යාපනික මංසලක් ලෙස හඳුන්වා දීම වඩාත් සුදුසුයි.

මහනුවර පැවති පොත් ප්‍රදර්ශනයේ, ඩීපී එඩියුකේශන් ප්‍රදර්ශන කුටිය වෙත පැමිණි තරුණ තරුණියන් ඇතුළු තාක්ෂණික අධ්‍යාපන දැනුම පිපාසයෙන් පෙලෙන්නන් බොහොමයකට අවශ්‍ය තොරතුරු සහ අධ්‍යාපනික වැඩසටහන් ගැන දැනුම ලබාදෙන්නටත් දින හත පුරාම කටයුතු කරන්නට ඩීපී එඩියුකේශන් කණ්ඩායම නිරත්තරයෙන් ඇප කැප වුණා.

මෙම ප්‍රදර්ශන කුටිය හරහා ඩීපී එඩියුකේශන් අධ්‍යාපනික පද්ධතියේ තාක්ෂණික දැනුම සහ අධ්‍යාපන ප්‍රවණතාවන් පිළිබඳව දැක්වූ කැපවීම, ලාංකේය තරුණ පරපුරට අනාගතයේ වඩාත් වැදගත් වන ඉගෙනුම් සහ ඉගැන්වීම් රටා පිළිබඳ අපූර්ව මගපෙන්වීමක් බව සනාථ කරන්නකි.

 ලංකාවේ කොතැන සිටියත්, තරාතිරම, වත්කම් කුමක් වුවත් නොමිලේ ලබාගන්නට හැකි මෙවන් අධ්‍යාපනික අවස්තාවන් නිසා අනාගතයට විවර වන දොරටු, අනාගත රැකියා වෙළඳපොල වෙනුවෙන් විවර වන දොරටු කිසිදු බේදයකින්, බාධාවකින් තොරව විවර කරගන්නට ලාංකේය තරුණ තරුණියන්ට අවකාශ සැපයෙනවා.

“දුප්පත්කම තුරන් කල හැකි එකම එන්නත අධ්‍යාපනය” බවට ප්‍රකාශ කරමින් ඩීපී එඩියුකේශන් නිර්මාතෘ ධම්මික පෙරේරා මහතා විසින් ආරම්භ කරන ලද මෙම මහඟු අධ්‍යාපනික තෝතැන්න ඉදිරි අනාගතයේදී ලංකාව මෙන්ම මේ පුංචි රටේ ජීවත්වන තරුණ තරුණියන්ගේ ජීවිත වඩාත් ඔප මට්ටම් කරන්නට මෙන්ම වඩාත් උස් තැන්වලට ඔසවා තබන්නට හේතුවන බව නිසැකයි.

Tags: best websiteDP EducationFree Educationkandy book fair
admin

admin

Next Post
Devices සහ දරුවන් අතර සම්බන්ධය සුරක්ෂිත කරන්නේ කොහොමද?

Devices සහ දරුවන් අතර සම්බන්ධය සුරක්ෂිත කරන්නේ කොහොමද?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

DP Education - Blog

© 2023 Dhammika & Priscilla Perera Foundation

Navigate Site

  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්

Follow Us

No Result
View All Result
  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්

© 2023 Dhammika & Priscilla Perera Foundation