DP Education
  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්
DP Education
  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්
No Result
View All Result
DP Education
No Result
View All Result

මාස 02න් සාමාන්‍ය පෙළ ගොඩයන්න පුළුවන්ද?

admin by admin
September 13, 2023
in දිවියට සවියක්
2
මාස 02න් සාමාන්‍ය පෙළ ගොඩයන්න පුළුවන්ද?
  1. ළඟ එන සාමාන්‍ය පෙළ විභාගයේ උණුසුම දැන් දැන් හිතට දැනෙනවා නේද?

විභාගයට තියෙන මේ මාස දෙකක කාළය තමයි, මේ සාමාන්‍ය පෙළ විභාගය කියන කඩුල්ල සාර්ථකව ජයගන්න ඔබට ලැබී තිබෙන හොඳම අවස්ථාව.

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ඇත්තටම කඩයිම් විභාගයක්. ඉදිරි අනාගතයේ හදාරන්න බලාපොරොත්තු වන උසස් අධ්‍යාපනය, තමන් කැමති අංශයකින් හදාරන්න ඔබට වරම් ලැබෙන්නෙ සාමාන්‍ය පෙළ ප්‍රතිපල මත.

සාමාන්‍ය පෙළ විභාගයට මාස කිහිපයකට පෙර සිසුන් ආතතියට, කලබලයට පත්වන්නෙත් ඒ නිසාමයි. විෂයයන් රැසකට අදාල කරුණු මතකයේ තබාගන්නට සිදුවන නිසා ගෙවෙන හැම තප්පරයකින්ම උපරිම ප්‍රයෝජන ගැනීමට සිදු වෙනවා.

නමුත් මාස දෙකක කාලයක් තුළ, ආතතියට හෝ කලබලයට පත් නොවී හැම තප්පරයකින්ම උපරිම ප්‍රයෝජන ගනිමින් සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙන්න ඕන කොහොමද?

ඩී.පී.එඩියුකේෂන් අධ්‍යාපනික වේදිකාව ඔබට ඵලදායී ලෙස කාළය කලමනාකරණය කර ගැනීමට සහ සාමාන්‍ය පෙළ විභාගයට හොඳින් මුහුණ දීමට උපකාරී වෙනවා. මෙම ලිපියෙන් අපි අද ඔබත් එක්ක බෙදාගන්නේ,මාස දෙකකින් සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම් වීමට ඩී.පී.එඩියුකේෂන් අධ්‍යාපනික වේදිකාව භාවිතා කරන්නේ කොහොමද කියන එක ගැන.

  1. ස්ටඩි ප්ලෑන්  එකක් හදාගන්න

සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වීමේ පළමු පියවර වන්නේ නිවැරදි ස්ටඩි ප්ලෑන්  එකක් හදාගැනීම. ඩී.පී.එඩියුකේෂන්  යූ ටියුබ් නාලිකාව ඔස්සේ ගෙන එන සාමාන්‍ය පෙළ සිංහල මාධ්‍ය වීඩියෝ ඔස්සේ සාමාන්‍ය පෙළ සියලුම විෂයයන්ට අදාල විෂය කරුණු පිළිබඳව ඔබට දැනගන්න පුලුවන්. මෙම වීඩීයෝ පටවල විභාගයට ඇතුළත් කර ඇති සියලුම විෂයයන් සහ මාතෘකා ආවරණය කරන අතරම ඔබ දැනගත යුතු දේ පිළිබඳ පුළුල් දළ විශ්ලේෂණයක් සපයයි. 

ස්ටඩි ප්ලෑන් එකකට අනුව වැඩ කරන්න, ස්ටඩි ප්ලෑන් එකක් හදාගන්නෙ කොහොමද? ස්ටඩි ප්ලෑන් එකක් සකසා ගැනීමේදී අනිවාර්‍යෙන්ම අන්තර්ගත විය යුතු කොටස් කිහිපයක් තිබෙනවා.

  1. විභාගයේදී අනිවාර්‍යෙන්ම ආවරණය වන කොටස් හඳුනාගන්න
  2. කාල සටහනක් සකසාගන්න
  3. වැඩි අවධානයක් දිය යුතු කොටස් අධ්‍යයනය කිරීම සඳහා නිශ්චිත කාලයන් වෙන් කරගන්න
  4. ඔබට පහසු, අධ්‍යයන කටයුතු කිරීමට බාධා නොවන දින චර්‍යාවක් සකසා ගන්න
  5. පෙළපොත්, අධ්‍යාපන මාර්ගෝපදේශ, මාර්ගගත් අධ්‍යයන මාධ්‍ය භාවිතා කරන්න
  6. ඔබේ ඉලක්ක කොටස් වලට වෙන් කරගනිමින් එකින් එක ඉලක්කයන් කරා ළඟාවන්න
  7. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සිදු කිරීම

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වීමට ඇති හොඳම ක්‍රමයක් වන්නේ පසුගිය ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සැපයීමයි. ඩී.පී.එඩියුකේෂන්  යූ ටියුබ් නාලිකාවේ මෙම පසුගිය විභාග ප්‍රශ්න රැගෙන ඒවාට නිවැරදි පිළිතුරු ලබා දිය යුතු ආකාරය, නිවැරදි පිළිතුර නියමිත කාළය තුළ ගොනු කර ලිවිය යුතු ආකාරය පිළිබඳව විස්තරාත්මකව පැහැදිළි කරයි. පසුගිය ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සැපයීමෙන්, විභාග ආකෘතිය සහ ඇසිය හැකි ප්‍රශ්න වර්ග පිළිබඳව ඔබට වඩා හොඳ අවබෝධයක් ලබාගත හැක. මෙම ප්‍රවේශය ඔබට වඩාත් විශ්වාසයෙන් හා විභාග දිනයේදී සූදානම් වීමට උපකාරී වේ.

  1. විෂය කරුණු නැවත මතක් කරගැනීම

ඩී.පී.එඩියුකේෂන්  යූ ටියුබ් නාලිකාවේ ගණිතය, විද්‍යාව, භාෂා සහ සමාජ අධ්‍යයනය ඇතුළු විෂය මාලාවන් රැසක් පිළිබඳ අධ්‍යාපනික වීඩියෝ ඇතුළත් වේ. මෙම අධ්‍යාපනික වීඩියෝ සැලසුම් කර ඇත්තේ සිත් ඇදගන්නා සහ පහසුවෙන් තේරුම් ගත හැකි වන පරිදි නිසා විභාගයට සූදානම් වන ඔබට ඉතාම පහසුවෙන් අධ්‍යාපනික කරුණු පිළිබඳව දැනුවත් විය හැක.

වීඩියෝ නැරඹීම සඳහා:  https://www.යූ ටියුබ්.com/@DPEducationOLSubjects/videos

  1. විෂයයන්ට අදාල ගැටළු නිරාකරණය කරගැනීම

ඩී.පී.එඩියුකේෂන්  ලයිව් ක්ලාසස් පළපුරුදු ගුරුවරුන් විසින් මෙහෙයවනු ලබන අතර සාමාන්‍ය පෙළ විභාගයට අදාල විෂයයන් සහ මාතෘකා රාශියක් ආවරණය කරයි. ගුරුවරුන් සහ අනෙකුත් සිසුන් සමඟ අන්තර් ක්‍රියා කිරීමට, ප්‍රශ්න ඇසීමට සහ ඔබේ ප්‍රගතිය පිළිබඳ දැන ගැනීමට ඉඩකඩ සලසන බැවින්, මාස දෙකක කෙටි කාළයකදී ආතතියකින් තොරව විෂය කරුණු නැවත මතක් කරගැනීමට සහ ඔබට තිබෙන ගැටළු විසඳා ගැනීමට පහසු මගකි.

ව්‍යුහගත අධ්‍යයන පරිසරයක් තුළ, පළපුරුදු උපදේශකයින්ගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන මෙම ලයිව් ක්ලාසස් ඔස්සේ මාස දෙකක කාළයජ් තුළ මග හැරුණු විෂය කරුණු නැවත මෙනෙහි කරගනිමින්, ගැටළු සහිත තැන් විසඳා ගනිමින්, නිත්‍ය තක්සේරු කිරීම් ඔස්සේ සාමාන්‍ය පෙළ කඩයිම ජයගැනීමට සිසුන්ට උපකාර කරයි.

ඩී.පී එඩියුකේෂන් ලයිව් ක්ලාසස් සඳහා පිවිසෙන්න:

https://www.facebook.com/photo/?fbid=526488949613017&set=a.442907911304455

  1. ඔබ දුර්වල විෂය කරුණු සඳහා වැඩි අවධානය දෙන්න

ස්ටඩි ප්ලෑන්  එකට අනුව විෂය කරුණු නැවත මෙනෙහි කරමින් යන අතරවාරයේ, ඔබේ දුර්වලතා සහ දුර්වල විෂය කරුණු හඳුනාගෙන ඒවාට ප්‍රමුඛත්වය දෙන්න. ඔබට වඩාත්ම අභියෝගාත්මක බව පෙනෙන විෂයයන් හෝ මාතෘකා නැවත නැවතත් මෙනෙහි කරන්න. මෙම විෂයයන් සඳහා වැඩි කාලයක් ගත කරන්න සහ විශ්වාසය ලබා ගැනීම සඳහා පසුගිය විභාග ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. 

මාස දෙකකින් අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම් වීම අභියෝගාත්මක විය හැකි නමුත්, නිවැරදි සම්පත් සහ මෙවලම් භාවිතයෙන්, සාර්ථකත්වය ළඟා කර ගත හැකිය. ඩී.පී.එඩියුකේෂන්  විසින් ඔබ වෙත ගෙන එනු ලබන සාමාන්‍ය පෙළ විභාග විෂයන්ට අදාල කරුණු රැගත් යූ ටියුබ් නාලිකාව සහ ලයිව් ක්ලාසස් ඔබට ඵලදායී ලෙස සූදානම් වීමට උපකාර කිරීම සඳහා පරිපූර්ණ සම්පත් සහ මෙවලම් පිරිනමයි. ස්ටඩි ප්ලෑන්  සැකසීමෙන්, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සැපයීමෙන්, ඩී.පී.එඩියුකේෂන්  හි යූ ටියුබ් නාලිකාව භාවිතා කිරීමෙන් සහ සජීවී පන්තිවලට සහභාගී වීමෙන්, මාස දෙකක් තුළ සාමාන්‍ය පෙළ විභාගයට හොඳින් මුහුණ දීමට අවශ්‍ය ශක්තිය සහ හැකියාව ළඟා කරගත හැක.

admin

admin

Next Post
ඉස්කෝලෙ ඉවර වෙලා ඇවිත් ගෙදර වැඩ කරන්න පොඩ්ඩන්ට කියල දෙන්නෙකොහොමද?

ඉස්කෝලෙ ඉවර වෙලා ඇවිත් ගෙදර වැඩ කරන්න පොඩ්ඩන්ට කියල දෙන්නෙකොහොමද?

Comments 2

  1. G. Thilakarathna says:
    1 year ago

    ඉතාමත් අගය කරනවා මේ වැඩසටහනට .
    අපිට ඉතාමත් ප්‍රයෝජනවත් මේ Do education එකෙන් කරන පාඩම් වීඩීයෝ නිසා.
    ☺️👍👍

    Reply
  2. gangani says:
    1 year ago

    සිංහල උසස් පෙල විශයන් වල වීඩියෝ පාඩම් ගන්නෙ කොහොමද

    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

DP Education - Blog

© 2023 Dhammika & Priscilla Perera Foundation

Navigate Site

  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්

Follow Us

No Result
View All Result
  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්

© 2023 Dhammika & Priscilla Perera Foundation