DP Education
  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්
DP Education
  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්
No Result
View All Result
DP Education
No Result
View All Result

ඩී.පී එඩියුකේෂන් එක්ක අධ්‍යාපනයත් ක්‍රීඩාවත් ජයගත් දෙව්ම් සනහස් රණසිංහ!

admin by admin
December 14, 2023
in ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
0
Dewum Sanas Ranasinghe the Youngest AL Candidate in Sri LankaDewum

අධ්‍යයන හා ක්‍රීඩා කටයුතු යන ද්විත්වයම සමබර කරගෙන ඉදිරියට යාම බොහෝ සිසුන් මුහුණ දෙන අභියෝගයකි. එනමුත් අධ්‍යාපන කටයුතු මෙන්ම ක්‍රීඩා කටයුතුත් සමබර කරගනිමින් පියවරෙන් පියවර ඉහළ යන දරුවන්ද ලාංකේය සිසු ප්‍රජාව තුළ නැතුවාම නොවේ.

ලාංකේය පාසල් අධ්‍යාපනය තුළ සිසු දරුවන් මුහුණ දෙන විශාලතම අභියෝගය වන්නේ උසස් පෙළ කඩයිමයි. වයස අවුරුදු 19 දී මුහුණ දීමට ඇති උසස් පෙළ විභාගය, වයස අවුරුදු 14 දී ලියා සමත් වීම කෙතරම් නම් විශාල කඩයිමක්ද?

අපි අද මේ ලිපියෙන් ඔබත් සමග බෙදාගන්නට යන්නේ අවුරුදු 14 දී වාණිජ අංශයෙන් උසස් පෙළ විභාගය ලියා සමත් වුණු සුවිශේෂී දරුවකු වන පුංචි දෙව්ම් සනහස් රණසිංහ ගැනයි.

යූ ටියුබ් හි සැරිසරමින් සිටින විට දුටු වීඩියෝවක් නිසා උත්තේජනයට පත් වුණු කුඩා දෙව්ම්, වයස අවුරුදු 14 දී උසස් පෙළ ලියන්නට පෙළඹෙන්නෙ අධ්‍යාපනය කෙරෙහි තිබුණු කැපවීමත්, තමන් කෙරේ වූ විශ්වාසයත් සහ දෙමව්පියන්ගෙ නොමද ආශිර්වාදයත් පෙරමුණු කොට ගෙනයි.

“අධ්‍යාපනයත් මග හැර ගන්නේ නැතුව, ක්‍රිකටුත් එක්කම යන්න ඕන නිසා මම කළින් උසස් පෙළ ලියල දැන් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙනවා” යන්න දෙව්ම් වැඩි දුරටත් අප හා බෙදාගත්තේ අධ්‍යාපනයට මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවටත් ඔහුගේ ඇති ඇල්ම මොනවට පැහැදිළි කරමින්.

ඩී.පී එඩියුකේෂන් යූ ටියුබ් චැනලය ඔස්සේ උසස් පෙළ වාණිජ විෂයට අදාල අධ්‍යාපනික විෂය කරුණු දැනගන්නට හැකි වීම උසස් පෙළ බී සාමාර්ථ තුනක් සමග සමත් වීමට ඔහුට උපකාරී වුණු බව දෙව්ම් සඳහන් කරන්නෙ ඉමහත් සතුටින්.

සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන කාල වකවානුවේ සිට ඉතිහාසය සහ විද්‍යාව යන විෂයයන් ද්විත්වයට අදාල අධ්‍යාපනික වීඩියෝ ඩී.පී එඩියුකේෂන් යූ ටියුබ් නාලිකාව ඔස්සේ හැදෑරු  දෙව්ම් උසස් පෙළ විෂයයන් තුන සඳහාම අවශ්‍ය දැනුම ලබාගන්නට භාවිතා කරනු ලැබුවේත් ඩී.පී එඩියුකේෂන් යූ ටියුබ් නාලිකාවයි.

මාස 05ක් වැනි කෙටි කාලයක සූදානමකින් අඩු වයස් සීමාවකදී වාණිජ විෂය ධාරාවෙන් උසස් පෙළ විභාගයට පෙනී සිට සමත්වන්නේ ඔහුට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යාමේදී බාධා මතුවෙතැයි ඇති වුන අවිනිශ්චිතතාව මත බව  දෙව්ම්ගේ මව වන මල්කා රණසිංහ හා පියා වන අනුර රණසිංහ ගුරුවරුන් දෙපළ මෙන්ම පුංචි දෙව්ම්ද වැඩිදුරටත් පවසනවා.

ඩී.පී එඩියුකේෂන් ඔස්සේ තමා ලද අත්දැකීම් හේතුවෙන්ම තම කුඩා සොයුරා සහ සොයුරියටත් ඩී.පී එඩියුකේෂන් ඔස්සේ අධ්‍යාපන කටයුතු සාර්තක කරගන්නට පුංචි දෙව්ම් උදව් වන්නේ යහපත් වැඩිමහල් සොයුරෙකුට හිමි වගකීමද ඉටු කරමින්.

ශක්තිමත් ආධාරක පද්ධතියක් තිබීමේ වැදගත්කම ගැනද පවසන දෙව්ම්ට අනුව ඔහුගේ කාලය සමතුලිත කිරීමට සහ ඔහුගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඔහුගේ පවුලේ අය, ගුරුවරුන් සහ පුහුණුකරුවන් ඔහුට උපකාර කර ඇත. ඔවුන් ඔහුට අධ්‍යාපනික හා ක්‍රීඩා යන දෙඅංශයෙන්ම සාර්ථක වීමට අවශ්‍ය මඟ පෙන්වීම සහ දිරිගැන්වීම ලබා දී ඇත.

ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන අතරම කාලය මනා ලෙස කලමනාකරණය කරගිනිමින් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ කඩයිම් ද්විත්වයම ජයගන්නට පුංචි දෙව්ම් සනහස් රණසිංහට උපකාරී වන්නට ලැබීම ඩී.පී එඩියුකේෂන් යූ ටියුබ් නාලිකාවට හැකිවීම කෙතරම් නම් වටිනවාද?

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් නීති වේදය හදාරා රටට වැඩදායී, උගත් පුද්ගලයකු ලෙස ඉදිරි ගමන සකසාගැනීම පුංචි දෙව්ම් ගේ ඊළඟ අරමුණයි.

“තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා – උගතමනා ශිල්පයමයි මතු රැකෙනා” යන කියමන තව තවත් ලාංකේය සිසු දරුවන්ට තේරුම් කරවනු වස් ධම්මික පෙරේරා මහතාගේ දුර දක්නා නුවණින් ක්‍රියාත්මක වුණු ඩී.පී එඩියුකේශන්, මෙරටට අධ්‍යාපනය සහ ක්‍රීඩාව යන අංශ ද්විත්වයෙන්ම දස්කම් විස්කම් පාන දරුවෙකු බිහි කිරීම පිළිබඳ මෙරට ජනයා ලෙස අප නිරතුරුවම අගය කරන්නෙමු.

admin

admin

Next Post
Coding Hologram Screen

පරිගණක විද්‍යාවේ සහ කේතීකරණයේ සන්ධිස්ථාන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

DP Education - Blog

© 2023 Dhammika & Priscilla Perera Foundation

Navigate Site

  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්

Follow Us

No Result
View All Result
  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්

© 2023 Dhammika & Priscilla Perera Foundation