DP Education
  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්
DP Education
  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්
No Result
View All Result
DP Education
No Result
View All Result

1 – 13 දක්වා පාසල් දරුවන්ගේ අධ්‍යාපනය තාක්ෂණයෙන් පෝෂණය කරන ඩීපී එඩියුකේෂන්

admin by admin
February 3, 2025
in දෙමාපියන්ට උපදෙස්
0
1 – 13 දක්වා පාසල් දරුවන්ගේ අධ්‍යාපනය තාක්ෂණයෙන් පෝෂණය කරන ඩීපී එඩියුකේෂන්

අපේ අනාගතය වඩා යහපත් දෙයක් කරන්න හේතුවෙන්නෙ මොකද්ද කියන එක ගැන අපි හැම කෙනෙක්ම කල්පනා  කරලා   බලනවා. විශේෂයෙන්ම දරුවන් ඉන්න අම්මලා තමන්ගෙ දරුවන්ගෙ අනාගතය යහපත් එකක් බවට පරිවර්තනය කරන්න  උදව් වෙන සාධක ගැන සැලකිලිමත් වෙන්නෙ දරුවො  ඉතාම පුංචි කාලෙ ඉඳලමයි.

 දරුවන්ට ආදර්ශමත් මනුෂ්‍යයෙක් වන්නට, බුද්ධිමත්, නිහතමානී, සහයෝගී පුද්ගලයෙකු වන්නට අවශ්‍ය මාර්ගයන් මොනවද කියන එක ගැන ඕනම අම්මා කෙනෙක් තාත්ත කෙනෙක් වැඩිහිටියෙක් හිතනවා. මේක අපි හැමතිසෙම හොයලා බලන දෙයක් වුණත්, අධ්‍යාපනය මගින් අපේ හෙට දවසේ පදනම ශක්තිමත් කරන, හොඳ අනාගතයක් බලාපොරොත්තු වන්නට අවශ්‍ය මාර්ගයක් කියන දේ අපේ ඔලුවට කාවැදිලා  තියෙන්නෙ අනාදිමත් කාලයක ඉඳලා. ඒත්, ලාංකීය අධ්‍යාපන ක්‍රමය කොපමණ දුරට එම අරමුණ සපුරාගෙන යනවද කියන ප්‍රශ්නය අපිට නැතුවම නොවෙයි.

ලංකාවේ මේ සම්ප්‍රදායික වූ පාසල් විෂය ක්‍රමය, දරුවන්ට ඇත්තෙන්ම ලෝකය සමඟ එක් වීමට, නව අදහස් පුරුදු කරවීමට සහ නිදහස්ව සිතන හැකියාවන් ලබාදීමට මග සලසනවද කියන එක ගැන දැන් දැන් දෙමව්පියන් සහ වැඩිහිටියන් හිතන්න පටන් අරගෙන තියෙනවා.

අපි හිතන්න පුළුවන්ද, ලෝකයේ විවිධ රටවල් තමන්ගෙ අධ්‍යාපන ක්‍රමවල නිරන්තරයෙන් පුරෝගාමී වෙනසක් කරා යන විට, අපේ රටේ අධ්‍යාපන ක්‍රමය තවමත් සාම්ප්‍රදායික කටයුතු පමණක් කරා  සීමාවී තියෙනවා  කියන එක? විවිධ රටවල අධ්‍යාපන ක්‍රම සහතික කරන්නේ දරුවන්ට ජීවිතයේ අත්‍යවශ්‍ය කුසලතා, නිර්මාණශීලීත්වය, සහ අවබෝධය ඇතිකර දීපුළුවන් වන ආකාරයේ අධ්‍යාපනයක් ලබාදෙන්න.

විශේෂයෙන් නවීන රටවල අධ්‍යාපන ක්‍රම විෂය කෙරෙහි පමණක් නොසීමාවී, දරුවන්ගේ චිත්තවේගීය, සමාජීය, සහ නවකාලීන තාක්ෂණික අවබෝධය ද මනාව වර්ධනය කරවීමට තීරණය කර තිබෙනවා. උදාහරණයක් ලෙස, ෆින්ලන්තය වැනි රටවල දරුවන්ට විභාග අරමුණින් පමණක් නොව, ජීවිතයේ වටිනා අත්දැකීම් ලබාදීමේ අරමුණකින් තමයි ඒ රටවල අධ්‍යාපන ක්‍රමවේදයන් සහ පාඨමාලාවන් සකස් කරලා තියෙන්නෙ. එමෙන්ම, එක්සත් ජනපදය සහ යුරෝපීය රටවල දරුවන්ට ඔවුන්ගේ ආශාවන්ට ගැලපෙන විෂයයන් තෝරාගැනීමේ නිදහස ලබා දෙන අතර, නව විෂයයන්, කලා, ක්‍රීඩා සහ තාක්ෂණය ඇතුළුව විවිධ කුසලතා  පෝෂණය කරවන්නටත් උපකාර කරනවා.

මෙම ගෝලීය ප්‍රවණතා  මත පදනම්ව, අපේ අධ්‍යාපන ක්‍රමයද නවීන සංකල්පයන් යටතේ ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. අපේ දරුවන්ටද තාක්ෂණය සමඟ නිර්මාණශීලීව සිතන, ප්‍රායෝගික කුසලතා ඇති, අනාගතයට හසුරවන්නට හැකි, සහ සමාජයට ප්‍රයෝජනවත් පුද්ගලයෙක් වීමට හැකි අධ්‍යාපන ක්‍රමයක් ඉතා වැදගත් වගේම මේ තමයි හරිම කාලය එහෙම දෙයක් පටන්ගන්න.

මේ වාතාවරණය තුළදී, දරුවන්ට සාම්ප්‍රදායික පාසල් අධ්‍යාපනයට පමණක් සීමා නොවී, විවිධ විෂයයන් ඇසුරින් සිතන, සමාජික හැකියාවන් සහ චිත්තවේගී වර්ධනය පෝෂණය කරන නව අධ්‍යාපන ක්‍රමයන් සකස් කිරීමේ අවශ්‍යතාවය පැහැදිලි වෙනවා. මේ අරමුණ මත පදනම්ව, ඩීපී එඩියුකේෂන් මඟින් දරුවන්ට කුඩා අවධියේ සිටම විවිධ විෂයයන්, භාෂා, සහ හැකියාවන් එකට එක්කරමින් ඔවුන්ගේ අධ්‍යාපනය කෙරෙහි වෙනස්වූ ආකාරයකින් උනන්දුවක් ලබාදීමට විවිධාකාර පාඨමාලා සැකසීම සිදු කරගෙන යනවා.

ඩීපී එඩියුකේෂන් අධ්‍යාපන වේදිකාව අරගෙන එන මුල් ළමා විය අධ්‍යාපන පාඨමාලාව ගණිතය හා විද්‍යාව යන විෂයයන් ඇසුරින් අන්තර්ක්‍රියාකාරීත්වය අරමුණු කරගත්, කතන්දර කීම,චිත්‍ර,අත්වැඩ,සංගීතය සහ තවත් විෂයයන් ඇසුරින් සංජානනය, චිත්තවේගී කුසලතා සහ සමාජීය-භෞතික වර්ධනය අරමුණු කරගත්ත එකක්.

ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු පාසල් විෂයයන් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ම නොමිලේ හැදෑරීමට ඔබට අවස්ථාව සලසා දෙනවා.

මෙම අධ්‍යාපන ක්‍රමවේදය අනෙකුත් සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමවලට වඩා වෙනස්. එහිදී පුද්ගලයාගේ හැකියාවන් පෝෂණය කරමින් ඔහුගේ පෞද්ගලික සහ සමාජීය වර්ධනය සමඟ ඒකාබද්ධ කර ගත හැකි අධ්‍යාපන ක්‍රමවේදයක දරුවන්ට ලබාදෙන්න අපි නිරත්තරයෙන් කටයුතු කරනවා. ඉතාමත් කුඩා අවධියෙ සිටම සෑම දරුවෙකුටම තමන්ගේ හැකියාවන් සොයාගෙන තමාගේ ලෝකය අළුත් දැනුමක් සමගින් වඩා යහපත් කරගත හැකි පරිසරයක් ලබා දීමේ අරමුණත් මේකට ඇතුලත් වෙනවා.

උදාහරණයක් ලෙස, 1 ශ්‍රේණියේ සිටම ගණිතය, විද්‍යාව සහ සමාජීය විෂයන් ඇතුළු පාසල් විෂයයන් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම නැවුම් ආකාරයේ පාඨමාලා හරහා ඔවුන්ට නොමිලේ උගන්වන්නට මෙහිදී අවස්ථාව ලබා දී තියෙනවා. සෑම විෂයක්ම භාෂා තුනෙන්ම ඉගෙනීමට ඇති මෙම අවස්ථාව දරුවන්ගේ ජාතික සහ සංස්කෘතික අවබෝධය වැඩි දියුණු කරමින් විවිධාකාර පසුබැසීම්වලින් පැමිණි දරුවන් අතර ඒකාබද්ධ සහ අවංක අවබෝධයක් ඇති කිරීමට විශාල ඉඩක් සපයනවා.

එසේම, පාසල් අධ්‍යාපනයට අමතරව අතිරේක අධ්‍යාපන හැකියාවන් ද ලබා දීමත් ඩීපී එඩියුකේෂන් අරමුණක් කරගෙන ඇත. මෙය දරුවන්ට විශිෂ්ට අධ්‍යාපන අත්දැකීම් ලබාදීමට නිර්මාණය කර ඇති එකම ස්ථානයක් නොව, ඔවුන්ගේ හැකියාවන් තවත් වර්ධනය කර ගන්නා තැනක්ද වෙන්නෙ අන්න ඒ නිසාමයි!

Tags: DP Educationeducation websiteFree EducationLearn Free
admin

admin

Next Post
2024 Calin Popular Awards උළෙලේදී විශේෂ ඇගයීම් සම්මානයෙන් පිදුම් ලැබූ ඩීපී එඩියුකේෂන්!

2024 Calin Popular Awards උළෙලේදී විශේෂ ඇගයීම් සම්මානයෙන් පිදුම් ලැබූ ඩීපී එඩියුකේෂන්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

DP Education - Blog

© 2023 Dhammika & Priscilla Perera Foundation

Navigate Site

  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්

Follow Us

No Result
View All Result
  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්

© 2023 Dhammika & Priscilla Perera Foundation