DP Education
  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්
DP Education
  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්
No Result
View All Result
DP Education
No Result
View All Result

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය දැනුමෙන් සුපෝෂණ කරන්නට එක් වූ ඩීපී එඩියුකේෂන්

admin by admin
January 17, 2025
in පුවත් සහ යාවත්කාලීන තොරතුරු
0
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය දැනුමෙන් සුපෝෂණ කරන්නට එක් වූ ඩීපී එඩියුකේෂන්

සෑම අවුරුද්දකම සැප්‍තැම්බර් මාසය කියන්නෙ පොත් කියවන, පොත් ලියන අයට හරිම විශේෂ, ආදරයෙන් ආශාවෙන් බලාගෙන ඉන්න මාසයක්. මේ අවුරුද්දෙ පොත් ප්‍රදර්ශනය, දැනුම පිපාසයෙන් පොත් සොයාගෙන එන අයට වඩ වඩාත් යහපත් සහ දැනුමින් පුරවන්න ඩීපී එඩියුකේෂන් අපිත් එකතු වුණා.

“මම ඩීපි එඩියුකේෂන් IT Campus එකේ ඉගෙන ගන්න ශිෂ්‍යයෙක්.මම ඉගෙන ගන්නෙ වෑකඩ බැන්ඩිය පන්සලේ. මම මේ වෙද්දි projects 100ක් සම්පූර්ණ කරලා තියෙනවා. ඉතින් මම ඔයාලටත් කියනවා, මේ projects 100 ක් නම් සම්පූර්ණ කරලා, මේ course එකට සම්බන්ධ වෙන්න කියලා. මේ Course එකෙන් ඔයාලට coding පිළිබඳ විශාල දැනුමක් ලබාගන්න පුළුවන්”

මේ විදියට අපත් සමග අදහස් බෙදාගත්තේ කොළබ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ තිබුණ ඩීපී එඩියුකේෂන් කුටියට ආව තවත් ඩීපී එඩියුකේෂන් Coding පාසලේ දරුවෙක්.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ තිබූ මේ ඩීපී එඩියුකේෂන් කුටියට පැමිණ බොහෝ දේ ඉගෙන ගැනීමේ, දැනගැනිමේ වරප්‍රසාදය දිවයිනේ සෑම අතකින්ම ආ දරුවන්ට ලැබුණු බව අප කියන්නෙ ඉමහත් සන්තෝසයෙන්. පොත් මිල දී ගන්නට ආ දහස් ගණනක ජන ගංගාවෙන් කොටසක් ඩීපී එඩියුකේෂන් කුටියට පැමිණීම ගැන අප ඉමහත් සතුටු වෙනවා.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී, ඩීපී එඩියුකේෂන් කුටිය අධ්‍යාපනයට ආස කරන දරුවන් හා පාඨමාලා ගැන වැඩිදුර ඉගෙනගන්න කැමති පුද්ගලයන්ට විශේෂ අත්දැකීමක් ලබා දෙන ස්ථානයක් වුණා. එම කුටිය ඔස්සේ, දරුවන්ට ඩීපී එඩියුකේෂන් වෙබ් අඩව්‍ය අනෙකුත් සම්පත් භාවිතා කරමින් පවත්වන විවිධ පාඨමාලා, විෂයයන්, සහ අධ්‍යාපනික ගමන් මග ගැන හොඳින් පැහැදිලි කරදීමට උත්සාහ කළා.

ඉතාමත් සරල සහ ආකර්ශනීය ලෙස කුටිය සරසවමින්, විවිධ වයස් කාණ්ඩවල දරුවන්ට ගැලපෙන පාඨමාලා එහි ප්‍රදර්ශනය කර තිබුණා. කුඩා ළමයින්ට මෙන්ම විශ්ව විද්‍යාල සිසුන් වැනි විශාල වපසරියක පැතිරුණු දරු දැරියන් රැසක් වෙනුවෙන් නිර්මාණය කල, පාඨමාලා, විද්‍යාව, තාක්ෂණය, කලා සහ මානව විද්‍යාත්මක විෂයයන් තුළ ගැඹුරු අධ්‍යාපනය ලබාදෙන අන්තර්ගත දක්වාම, මෙහි සෑම අංශයක්ම අන්තර්ගත විය.

කුටියට පැමිණි දරුවන්ට අධ්‍යාපනයට ආසාවෙන් කෙරෙන ක්‍රියාකාරකම් වලට සහභාගී වීමටත්, ඔවුන්ගේ අනාගතය වඩා යහපත් කර ගැනීම සඳහා තමන්ට ගැලපෙන පාඨමාලා තෝරාගැනීමටත් හැකියාව තිබුණා. ඩීපී එඩියුකේෂන් කාර්ය මණ්ඩලය ඔවුන්ට අදාළ ප්‍රශ්න අසන්නටත්, පාඨමාලා පිළිබඳ අවශ්‍ය තොරතුරු ලබාගැනීමටත් ආරක්ෂිත හා හිතකාමී පරිසරයක් එහි සකසා තිබුණ බවත් මෙහිදී කිව යුතුමයි.

අද වන විට තාක්‍ෂණය ලෝකය පුරා අපගේ ජීවිතයේ අත්‍යාවශ්‍ය අංගයක් බවට පත්ව තිබෙනවා. සෑම ක්ෂේත්‍රයකම, ව්‍යාපාරවල දියුණුවේ සිට දරුවන්ගේ අධ්‍යාපනය දක්වා, තාක්‍ෂණික දැනුම එක්රැස් කරගන්න සහ ඒවා ප්‍රායෝජනයට ගැනීම සඳහා ඉතා වැදගත් සාධකයක් වෙලා තියෙනවා. මේ අන්දමින්, අධ්‍යාපන ආයතන හා සමාජ සංවර්ධන මධ්‍යස්ථාන තාක්‍ෂණය ඔවුන්ගේ මූලික කාර්යයන්හි කොටසක් ලෙස තෝරාගෙන තියෙනවා.

ඩීපී එඩියුකේශන් අධ්‍යාපනික මංසල ඔස්සේ ලබාදෙන තොරතුරු තාක්ෂණික දැනුම වඩා වැදගත්වන්නේත් අන්න ඒ නිසාමයි.

2024 වසරේ සැප්තැම්බර් මාසයේ පැවැත්වුණ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය හා සමගාමීව එහි ඩිජිටල් අධ්‍යාපන සහකරු ලෙස සහභාගී වූ ඩීපී එඩියුකේශන් ප්‍රදර්ශන කුටිය පොත් ප්‍රදර්ශනය පැවැත්වුණ සියලුම දින පුරාම තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ වන්නට කැමැත්තක් දැක්වූ ලාංකේය දරු දැරියන් රැසකගෙන් පිරී ඉතිරී යෑම ඩීපී එඩියුකේෂන්හි අරමුණ තව තවත් සාර්ථක කරගන්නට හේතුවක් වුණා.

මෙම ප්‍රදර්ශන කුටිය හරහා ඩීපී එඩියුකේශන් අධ්‍යාපනික පද්ධතියේ තාක්ෂණික දැනුම සහ අධ්‍යාපන ප්‍රවණතාවන් පිළිබඳව දැක්වූ කැපවීම, ලාංකේය තරුණ පරපුරට අනාගතයේ වඩාත් වැදගත් වන ඉගෙනුම් සහ ඉගැන්වීම් රටා පිළිබඳ අපූර්ව මගපෙන්වීමක් බව සනාථ කරන්නටත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පැවැත්වුන ඩීපී එඩියුකේෂන් කුටියට ආ ඔබ සැම එක් වූ බව කිව යුතුමයි!

“දුප්පත්කම තුරන් කල හැකි එකම එන්නත අධ්‍යාපනය” බවට ප්‍රකාශ කරමින් ඩීපී එඩියුකේශන් නිර්මාතෘ ධම්මික පෙරේරා මහතා විසින් ආරම්භ කරන ලද මෙම මහඟු අධ්‍යාපනික තෝතැන්න ඉදිරි අනාගතයේදී ලංකාව මෙන්ම මේ පුංචි රටේ ජීවත්වන තරුණ තරුණියන්ගේ ජීවිත වඩාත් ඔප මට්ටම් කරන්නට මෙන්ම වඩාත් උස් තැන්වලට ඔසවා තබන්නට හේතුවන බව නිසැකයි.

Tags: DP EducationFree EducationInternational Languages
admin

admin

Next Post
“සාමාන්‍ය පෙළින් දිවයිනේ හතරවෙනි තැනට එන්න මට උදව් කලේ ඩීපී එඩියුකේෂන්” – නඳුනි පමුදිතා රණවක

“සාමාන්‍ය පෙළින් දිවයිනේ හතරවෙනි තැනට එන්න මට උදව් කලේ ඩීපී එඩියුකේෂන්” - නඳුනි පමුදිතා රණවක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

DP Education - Blog

© 2023 Dhammika & Priscilla Perera Foundation

Navigate Site

  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්

Follow Us

No Result
View All Result
  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්

© 2023 Dhammika & Priscilla Perera Foundation