DP Education
  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්
DP Education
  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්
No Result
View All Result
DP Education
No Result
View All Result

සම්මාන දිනාගනිමින් අභිමානවත් ගමනක් යන ඩීපී එඩියුකේෂන්!

admin by admin
December 30, 2024
in පුවත් සහ යාවත්කාලීන තොරතුරු
0
සම්මාන දිනාගනිමින් අභිමානවත් ගමනක් යන ඩීපී එඩියුකේෂන්!

“මේ වෑයම රජවෙන්න නොවේ” කියන්න ඩීපී එඩියුකේෂන් ආයතනයට සහ එහි නිර්මාතෘවරුන්ට ඇත්තටම හැකියාව තියෙනවා. උසස් අධ්‍යාපනය හැකි උසස්ම අයුරින් ලංකාව පුරා විසිරී සිටින, සෑම අස්සක් මුල්ලකම හිඳින දරුවන්ට පවා ප්‍රවේශ විය හැකි ආකාරයට සකසමින් යන ඩීපී එඩියුකේෂන් අධ්‍යාපනික වේදිකාවේ අරමුණ අපට රජවීම නොවේ. සුවහසක් ලාංකේය දරුවන් අධ්‍යාපනය නම් කිසිදා මල නොබදින ආයුධවලින් සන්නද්ධ කර, ඔවුන්ට හිමි රාජධානි වල කිරුළු පලන් රජවරුන් කිරීමයි.

ඒ දරන වෑයම වෙනුවෙන් අප පෙරලා බලාපොරොත්තු වූ එකම දෙය නම් සුවහසක් ලාංකේය දරුවන්ගේ අනාගතයේ උන්නතිය පමණයි. ඒත් ඩීපී එඩියුකේෂන් ඒ නිහඬ කැපකිරීම කිසිම දිනක, වගකිව යුත්තන්ගේ දෑස් මානයෙන් මග හැරී ගියේ නැහැ. එයට හොඳම උදාහරණය ඩීපී එඩියුකේෂන් ආයතනය පසුගිය දිනෙක ලබා ගත් Bett Asia – Disruptive Award සහ UNESCO – Wenhui Award සම්මාන ද්විත්වයයි.

මේ සම්මාන වලින් පිදුම්ලබන්නෙ ඔබේ අනාගතය වඩා පැහැබර කරන්නට ඩීපී එඩියුකේශන් විසින් හෙලනා රන් දහදිය බිඳයි.

සුවහසක් ලාංකේය දරුවන්ගේ අධ්‍යාපනය පිපාසය සංසිදුවාලනු පිණිස ධම්මික පෙරේරා සහ ප්‍රිසිලා පෙරේරා පදනම විසින් ආරම්භ කරන ලද ඩීපී එඩියුකේෂන්  සංකල්පයට, ආයතනය විශිෂ්ටත්වය කියන්නෙ තවත් එක් වචනයක් පමණක්ම නොවෙයි.

එවන් වූ අපි තවත් විශිෂ්ට සම්මාන ද්විත්වයකටම පාත්‍ර වූ බව අප කියන්නේ ඉතාමත් සතුටින්.

ගුණාත්මක බවින් ඉහල නව්‍ය අධ්‍යාපනයක නව මංපෙත් සොයා යන අපේ ජයග්‍රහණය ඔබ වෙනුවෙන් තව තවත් විශිෂ්ට දේ ගෙන එන්නට කටයුතු කරන අපේ ගමනට ශක්තියක්. පිටිවහලක්.

දුප්පත්කම වළක්වාගෙන ජීවිතය උසස් කරගන්නට අධ්‍යාපනය වඩාත්ම බලවත් ආයුධයක් බව ඩීපී එඩියුකේෂන් ආයතනයේ නිර්මාතෘ ධම්මික පෙරේරා මහතා පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ දරුවන්ගේ අධ්‍යාපන ප්‍රවේශය සහ ගුණාත්මක අධ්‍යාපනය උදාකරන්නට ඩීපී එඩියුකේෂන් ආයතනය ක්‍රියාත්මක වන අතර, එම උත්සාහය හරහා අප වටිනා දිනාගත්තා යැයි කීමත් අපට ආඩම්බරයක්. එය ඔබ වෙනුවෙන් තවත් බොහෝ වටින දේ අරගෙන එන්න අපිව දිරිමත් කරන සාධකයක්

අපගේ මෙහෙවරේ විශිෂ්ටත්වය පදනම් කරගනිමින් අනාගත රැකියා වෙළඳපොලට සුදුසු දැනුම හා හැකියාවන් සපයන්නට යාම Bett Asia The Disruptor Award සම්මානයට පාත්‍ර වීමෙන් මොනවට ඔප්පු වෙනවා. ඒ පමණක්ම නෙවෙයි ඉගෙනගැනීම් ප්‍රතිසාධනය සඳහා අධ්‍යාපනික නවෝත්පාදන’ යන තේමාව කේන්ද්‍ර කර ගත් වෙන්හුයි සම්මානයේ 2022-2023 සංස්කරණය එහි ජයග්‍රාහී ව්‍යාපෘති ද්විත්වය නිවේදනය කරේ පසුගිය දිනයක.

වෙන්හුයි සම්මානය යනු 2010 වසරේදී UNESCO ආසියා-පැසිෆික් අධ්‍යාපන නවෝත්පාදන වැඩසටහන (APEID) සහ UNESCO සඳහා චීන ජාතික කොමිෂන් සභාව විසින් එක්ව ආරම්භ කළ සම්මානයක්. මෙහි අරමුණ වෙන්නේ ආසියා-පැසිෆික් කලාපයේ අධ්‍යාපන නවෝත්පාදනය තුළින් සුවිශේෂී දායකත්වයක් දැක්වූ පුද්ගලයන් හෝ ආයතන හඳුනාගෙන ඔවුන්ට ගෞරව දැක්වීම.

මෙම සම්මානයෙන්, සෑම සංස්කරණයකටම ජයග්‍රාහකයින් දෙදෙනෙකු තෝරාගන්නා අතර, එක් අයෙකුට USD20,000 ක මුදල් ත්‍යාගයක් ලබා දේ. එමෙන්ම, සුවිශේෂී අධ්‍යාපන නව්‍යත්වය ප්‍රදර්ශනය කළ අයදුම්කරුවන්ට ගෞරවනීය සඳහනක්ද ලබා දේ.

සම්මානය ආරම්භයෙන් පසුව 24 දෙනෙකු ජයග්‍රාහකයින් ලෙස තෝරා ඇති අතර, ආසියා-පැසිෆික් කලාපය පුරා විවිධ රටවල් 21 ක පුද්ගලයින් සහ ආයතන සඳහා ගෞරවනීය නිර්දේශ 36ක් ලබාදී තියෙනවා.

මේ අවස්තාව අපට විශේෂ වන්නේ 2023 වසරේ එලෙසින්, ගෞරවයට පාත්‍ර වන්නට අවස්තාව ලැබුණු දෙදෙනාගෙන් එක් අයෙකු වන්නට ලංකාවේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මහඟු මෙහෙවරක් ඉටුකල සහ ඉටුකරන ඩීපී එඩියුකේෂන් ආයතනයට හැකිවීම නිසායි.

ඒ අවස්තාවන් දෙක ලැබුනේ ඉන්දුනීසියාවේ ආර්ථික කටයුතු සම්බන්ධීකරණ අමාත්‍යාංශය තුළ Kartu Prakerja හි ව්‍යාපෘති කළමනාකරණ කාර්යාලය විසින් ‘Kartu Prakerja වැඩසටහන’ සහ නොමිලේ ගුණාත්මක ඩිජිටල් සඳහා සාධාරණ ප්‍රවේශයක් සහිත මානව ප්‍රාග්ධන සංවර්ධනය සඳහා ආයෝජනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනම විසින් පිහිටුවනු ලැබූ ඩීපී එඩියුකේෂන් ආයතනයයි.

අප ලද සියලු සම්මාන වලින් පෙන්නුම් කරන්නේ දරුවන්ගේ මෙන්ම ගුරුවරුන්ගේත් හොඳම තේරීම ඩීපී එඩියුකේෂන්  බවයි. නව්‍යකරණයට, ගුණාත්මකභාවයට සහ සියලු දෙනාටම පරිශීලනයට ඇති හැකියාව සහ පහසුව ආදී බොහෝ කරුණු අන් සියලු අධ්‍යාපනය නාලිකා පසුකර ඉදිරියටම එන්නට අපට මග සලසා තිබෙනවා.

අධ්‍යාපනඥයින්, සංවර්ධකයින්, නිර්මාණ ශිල්පීන් සහ විෂය අන්තර්ගත පිළිබඳ විශේෂඥයින්ගෙන් සමන්විත මනා කැපවීමන් සහිත කණ්ඩායමක් සමඟින්, ඩීපී එඩියුකේෂන්  අන්තර්ජාතික තලයේ ඩිජිටල් ඉගෙනුම් – ඉගැන්වීම් සඳහා සාධාරණ ප්‍රවේශයක් ලබා දීම වෙනුවෙන් මෙහෙයවනු ලබන අතර මෙම ඒකාබද්ධ ප්‍රවේශය දිළිඳුකම පිටුදැකීමට පමණක් නොව පුද්ගල වර්ධනයට සහ ප්‍රජා සංවර්ධනයට ද උපකාරී වේ.

ඩීපී එඩියුකේෂන් යනු ඉගෙනුම් පාඨමාලා සම්පාදනය කරන මාධ්‍යයක් පමණක් නොවේ; එය අධ්‍යාපනය විෂයෙහි කුතුහලය ඇති කිරීම, විශ්වාසය ගොඩනැගීම සහ ඒ ඇසුරින් මානව ජීවිතය සවිබල ගැන්වීමට කැපවූවකි.

 සාම්ප්‍රදායික අධ්‍යාපනයෙන් ඔබ්බට ගිය ධනාත්මක බලපෑමක් ඇති කරමින් මානව හැකියා සංවර්ධනය සඳහා ආයෝජනය කිරීම අපගේ අරමුණයි.

Tags: best websiteDP Educationeducation websiteFree EducationLearn Free
admin

admin

Next Post
කෝඩින් එක්ක ලෝකෙ අල්ලන්න හදන පොඩ්ඩන්ට – ඩීපී එඩියුකේෂන් කෝඩින් පාසල

කෝඩින් එක්ක ලෝකෙ අල්ලන්න හදන පොඩ්ඩන්ට - ඩීපී එඩියුකේෂන් කෝඩින් පාසල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

DP Education - Blog

© 2023 Dhammika & Priscilla Perera Foundation

Navigate Site

  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්

Follow Us

No Result
View All Result
  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්

© 2023 Dhammika & Priscilla Perera Foundation