DP Education
  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්
DP Education
  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්
No Result
View All Result
DP Education
No Result
View All Result

දැයේ දරුවන්ට හෙට ලොව ජයගන්න කියාදෙන ඩීපී එඩියුකේෂන් අයි ටී කැම්පස්

admin by admin
February 11, 2025
in දැනුමට යමක්
0
දැයේ දරුවන්ට හෙට ලොව ජයගන්න කියාදෙන ඩීපී එඩියුකේෂන් අයි ටී කැම්පස්

“මහනුවර දිස්ත්‍රික්කයේ පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ශ්‍රී සංඝානන්ද විද්‍යායතන පිරිවෙනෙහි දී 158 වන ඩීපි එඩියුකේෂන් අයි.ටී. කැම්පස් මධ්‍යස්ථානය ඔක්තෝබර් මස 27 වන දින විවෘත විය”

මේ පණිවිඩය ඩීපී එඩියුකේෂන් ආයතනයේ අප ඔබ වෙත ගෙන එන්නේ නිහතමානී ආඩම්බරයක් එක්කමයි.තොරතුරු තාක්‍ෂණ දැනුමෙන් තොර රැකියාවක් ඇත්තටම අපිට සොයාගන්න හරිම අමාරුයි, රැකියාවක් නොකරන කෙනෙකුට වුණත් තොරතුරු තාක්ෂණය එක්ක ඉතාමත් සමීප සබැඳියාවක් තියෙනවා. මේ තොරතුරු තාක්ෂණය නිසාවෙන් ඇත්තටම ලෝකය වඩාත් කුඩා වි සබඳතා තවත් සමීප වී තිබෙන නිසා.

එදා දින ගණනක් පුරාවට තැපැල් සේවාවන් ඔස්සේ යවන්නට වූ පණිවිඩ අද යවන්න අපිට ගතවෙන්නේ තත්පර ගණනක් වැනි ඉතා කෙටි කාලයක්. ඒ දිනෙන් දින දියුණූ වන තොරතුරු තාක්‍ෂණයේ පිහිට නිසා.

“අධ්‍යාපනයෙන් පොහොසත් වුණු කිසිම පවුලක් දුප්පත් නැහැ. මොකද කියනවනම් හරි අධ්‍යාපනය ලබා ගෙන තියෙනවනම් මුදල් හොයන්න ඕන තරම් මාර්ග ඒ අධ්‍යාපනය තුල තියෙන නිසා. ලංකාවටම එක හා සමානව ඉගෙන ගන්න පුලුවන් තැනැක් තමයි ඩී.පී. එඩියුකේෂන් කියන්නේ. ඒ අධ්‍යාපනය තියෙන්නේ අම්මගේ හෝ තාත්තගේ අතේ තියෙන ස්මාර්ට් ජංගම දුරකථනය තුල. ඒක හරියට පාවිච්චි කරන විදිය දැනගත්තනම් සියලුම විෂයන්ට අදාල ඉගැන්වීම් ඩී.පී. එඩියුකේෂන් යෙදවුම තුල තියෙනවා.” කියා ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ වන ධම්මික පෙරේරා මහතා කියන්නේ ඒ නිසාමයි.

තොරතුරු තාක්‍ෂණය ලෝකයේ අනාගතය නිර්මාණය කරන ප්‍රබල සාධකයක්ද? කියන පැනය ඔබ ඔබෙන්ම මීට කලින් අහලා තියෙනවානම් ඒ ප්‍රශ්නයට උත්තරය වන්නේ ඔව්. තොරතුරු තාක්ෂණය කියන්නේ ලෝකයේ අනාගතය පමණක් නොවෙයි, වර්තමානය පවා තීරණය කරන ඉතාම ප්‍රබල සාධකයක්.

ඒ නිසාමයි, ඒ සඳහා දරුවන් සූදානම් කිරීමේ වගකීම භාරගනිමින්, ඩීපි එඩියුකේෂන් ලංකාවේ හැකි සෑම තැනකම පාහේ ඩීපී එඩියුකේෂන් අයි ටී කැම්පස් පහසුකම් සලසමින් ලංකාව පුරා විසිරී සිටින සුවහසක් දරු දැරියන්ව මේ තොරතුරු තාක්ෂණය ප්‍රබල අනාගතයකට මග සලසන්නෙ. මේ අරමුණ ඉටු කිරීමේ යුතුකම සඳහා ඩීපි එඩියුකේෂන්, ශ්‍රී ලංකාව පුරා බොහෝ තැන්වල පිහිටුවා ඇති තොරතුරු තාක්ෂණ කේන්ද්‍ර අන්තර්ජාල පහසුකම් නොමැති සිසුන්ට පවා දැනුම ලබා දීමේ සුදුසු වාතාවරණයක් සකස් කරනවා.

“අයි ටී වගේ විෂයන් ඉගෙන ගන්න පුලුවන් පහසුකම් තියෙන ප්‍රදේශවල දරුවන්ට පමණයි” කියා අප සිතූ සිතුවිලි වලට දැන් ඇත්තටම ඉඩක් නැහැ. ඒ මේ ඩීපී එඩියුකේෂන් අධ්‍යාපන වේදිකාව තමන්ගෙ මෙහෙවර ඉතාමත් විශිෂ්ට අයුරින් කරමින් පවතින නිසා.

2024 ඔක්තෝබර් මස 27 වන දින, මහනුවර දිස්ත්‍රික්කයේ පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ශ්‍රී සංඝානන්ද විද්‍යායතන පිරිවෙන් පරිශ්‍රයේ 158 වන ඩීපි එඩියුකේෂන් අයි.ටී. කැම්පස් මධ්‍යස්ථානය විවෘත කිරීමත් සමඟ, තවත් දරුවන් රැසකට තොරතුරු තාක්ෂණ අධ්‍යාපන මාර්ගයෙන් ඔවුන්ගේ සිහින සපුරා ගැනීමේ අභිලාෂය සඳහා නව පියවරක් සලසා දී තිබෙනවා.

ලංකාව පුරා ඩීපී එඩියුකේෂන් විසින් පිහිටුවනු ලැබූ අයි ටී කැම්පස් ප්‍රමාණය 158ක්. ඒ අයි ටී කැම්පස් 158 න් තොරතුරු තාක්ෂණ දැනුම ලබාගන්නා දරුවන් සංඛ්‍යාව ගණන් කරන්න බැරි තරම්.

ඉතින්, ශ්‍රී ලංකාවේම විශාලතම තොරතුරු තාක්ෂණ අධ්‍යාපන ජාලයක් පිහිටුවමින්, ඩීපි එඩියුකේෂන් දරුවන්ට තොරතුරු තාක්ෂණය හා එහි නවෝත්පාදන මගින් අනාගත ලෝකයට පිවිසෙන්න ඉඩකඩ හදා දෙනවා.

ලංකාව පුරා පිහිටුවන ලද මෙම අයි.ටී කැම්පස් 158ක ව්‍යාපෘතිය දැන් සිටින සිසු ප්‍රජාවටත්, අනාගතයේ ඉපදෙන තවත් සිසු ප්‍රජාවන් රැසකගේත් අනාගතය යහපත් කරන්නට කටයුතු කරන කෙම්බිමක් වන බව නොඅනුමානයි.

ලංකාව පුරා විසිරී සිටින දරු දැරියන් රැසක් උදෙසා ධම්මික පෙරේරා මහතාගේ මූලිකත්වයෙන් ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනම අරඹන ලද මෙම ව්‍යාපෘතිය ලාංකේය අධ්‍යාපන ක්‍රමය නවීකරණය කිරීමේ පළමු පියවරක් ලෙස හඳුන්වන්න පුලුවන්.

නවීණ තොරතුරු තාක්ෂණ දැනුමෙන් පිරිපුන් සිසු පරපුරක් නිර්මාණය කිරීමෙහි පුරෝගාමී වීමට ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් ජාලයට හැකි වී තිබෙනවා. අපගේ සිසුන් අධ්‍යාපනික දැනුමෙන් පමණක් නොව තරඟකාරී ඩිජිටල් ආර්ථිකයට අවශ්‍ය ප්‍රායෝගික නිපුණතාවලින් සන්නද්ධ කරනවා.


ඩී. පී. එඩියුකේෂන් කෝඩින් පාසල

දිවයින පුරා ඇති ඩී. පී. එඩියුකේෂන් අයි.ටී. කැම්පස් ජාලය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල සමඟ සහයෝගීතාවයෙන් සිදු කරන සහතික පත්‍ර පාඨමාලාවන් යන කරුණු තුන මේ ඩීපී එඩියුකේෂන් ඔස්සේ රැගෙන එන තොරතුරු තාක්ෂණ දැනුම් සම්භාරය තව තවත් ශක්තිමත් කරන්න හේතුවක් වී තිබෙන බවත් කිව යුතුමයි.

ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා පෙන්වා දෙන පරිදි දුප්පත්කම නැති කළ හැකි එකම එන්නත අධ්‍යාපනය යි.

දරුවන්ට නිවැරදි අධ්‍යාපනය ලබා දීම හරහා වැඩි කාලයක් නොගෙස් දුප්පත්කම තුරන් කළ හැකි බවට ඔහු විශ්වාසය පළ කරනවා.

එතුමාට අනුව අධ්‍යාපනය යනු දැනුම ලබාදීම පමණක් නොවේ; එය දිළිඳුකම තුරන් කිරීම සඳහා යොදාගත් හැකි බලවත් මෙවලමකි. ගුණාත්මක අධ්‍යාපනයෙන් දරුවන් සන්නද්ධ කිරීමෙන් දරිද්‍රතාවයේ චක්‍රය බිඳ දැමිය හැකි බව ඔහු තරයේ විශ්වාස කරයි. “අධ්‍යාපනයෙන් පොහොසත් කිසිම පවුලක් දුප්පත් නැහැ” ඔහු ප්‍රකාශ කරයි. “මොකද ඔබ නිවැරදි අධ්‍යාපනයක් ලබා ඇත්නම්, එම අධ්‍යාපනය තුළ මුදල් උපයා ගත හැකි ක්‍රම බොහොමයක් තිබේ.” යනුවෙන් එතුමා පවසන්නේ ඒ නිසාමයි!

Tags: DP Educationeducation websiteFree EducationLearn Free
admin

admin

Next Post
මහජන සෞඛ්‍ය වෙනුවෙන් ඉදිරි පියවරක් තබන ඩීපී එඩියුකේෂන් Public Health

මහජන සෞඛ්‍ය වෙනුවෙන් ඉදිරි පියවරක් තබන ඩීපී එඩියුකේෂන් Public Health

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

DP Education - Blog

© 2023 Dhammika & Priscilla Perera Foundation

Navigate Site

  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්

Follow Us

No Result
View All Result
  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්

© 2023 Dhammika & Priscilla Perera Foundation