දුප්පත්කම තුරන් කල හැකි එකම එන්නත අධ්‍යාපනය බව කියන්නේ ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ ධම්මික පෙරේරා මහතා. සුවහසක් ලාංකේය දරුවන්ගේ අධ්‍යාපනය පිපාසය සංසිදුවාලනු පිණිස එතුමා විසින් ආරම්භ කරන ලද ඩීපී එඩියුකේෂන් සංකල්පයට, ආයතනය විශිෂ්ටත්වය කියන්නෙ තවත් එක් වචනයක් පමණක්ම නොවෙයි.
එවන් වූ අපි තවත් විශිෂ්ට සම්මාන ද්විත්වයකටම පාත්‍ර වූ බව අප කියන්නේ ඉතාමත් සතුටින්.
ගුණාත්මක බවින් ඉහල නව්‍ය අධ්‍යාපනයක නව මංපෙත් සොයා යන අපේ ජයග්‍රහණය ඔබ වෙනුවෙන් තව තවත් විශිෂ්ට දේ ගෙන එන්නට කටයුතු කරන අපේ ගමනට ශක්තියක්. පිටිවහලක්.
නවමු තාක්ෂනය උපයෝගී කරගෙන, සම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය විප්ලවීය වෙනසකට ගෙන යෑම අගයමින් අපට ලැබුණු එක් සම්මානයක් වන්නේ Bett Asia The Disruptor Award.
එහිදී නවීන තාක්ෂණය සමගින් අනාගත රැකියා වෙළඳපොලට අවශ්‍ය කරන දැනුම ලබාදෙන අවස්තාවන් නිර්මාණය කිරීම පිළිබඳව ඩීපී එඩියුකේෂන් ආයතනය Bett Asia The Disruptor Award සම්මානයට පාත්‍ර වුණා.
එයට අමතරව 2023 වසරේ ශ්‍රී ලංකාවේ යූ ටියුබ් අංශයේ ජනප්‍රියම අධ්‍යාපන නාලිකාව ලෙස British Way Popular Awards සම්මානයට පාත්‍ර වන්නටත් අපට අවස්තාව හිමිවුනා.දහස් ගණනක් වන ශ්‍රී ලාංකිකයන් හට උසස් ගුණාත්මක භාවයකින් යුතු අධ්‍යාපන ප්‍රවේශයක් ලබා දීම පිණිස අපි කල කැපවීම මෙම සම්මානය ඔස්සේ අගයනු ලැබුවා.
-අධ්‍යාපනයට නව මුහුණුවරක් ලබා දුන් ඩීපී එඩියුකේෂන් –
අධ්‍යාපනය සඳහා වූ අපේ විප්ලවීය ප්රවේශයන් අගයමින්, සිංගප්පූරුව, මලයාසියාව, ඉන්දියාව වැනි සංවර්ධිත ආසියානු රටවල් අභිභවා ආසියාවෙන්ම පලමු තැනට ඒමට ලැබීම ආයතනයක් ලෙස අපටත් අපේ රටටත් ඉමහත් ආඩම්බරයක්.
අධ්‍යාපන පිපාසයෙන් යුතු දරුවන් රැසකට ඵලදායී ලෙස, සතුටෙන් සහ ක්‍රියාකාරීව අධ්‍යාපනයේ නිරත වෙන්න, දැනුම උරගා බලන්නට අප අවස්තාව ලබා දෙනවා. විශිෂ්ටත්වය වෙනුවෙන් ඇති නොනවතින උත්සහය අප අද ලබාගෙන ඇති කීර්තියට හේතුවක්.
ආකර්ශණීය පාඩම් මාලාවන් හා නිබන්ධන පරිශීලයනට ඇති හැකියාව මෙන්ම තමන් ප්‍රියකරන විෂයන් ඉගෙනුමට ඇති හැකියාව, ඒ ඔස්සේ අධ්‍යාපනයෙන් ඉදිරියාට යාමට ඇති හැකියාව සහ ඒ ඔස්සේ තම දැනුම උරගා බලන්නට අවස්තාවක් ලබා දීම ඩීපී එඩියුකේෂන් අනෙකුත් අධ්‍යාපනික මාධ්‍යයන් අභිබවා ඉදිරියට ඒමට හේතුවක් ලෙස සලකන්නට හැකියි.
-විශිෂ්ට මෙහෙවර පිටුපස හිඳින විශිෂ්ටයින්-
මේ සා දුරක් කෙටි කලකින් ඒමට හැකියාව ලබා දෙමින් ඩීපී එඩියුකේෂන් ශක්තිමත් කරන්නට කැප වූ අපගේ විශිෂ්ට අධ්‍යාපන මඩුල්ලට අප ස්තුතිවන්ත වෙනවා.
ඔබේ අධ්‍යාපනය ගුණදායී මෙන්ම ඵලදායී කරන්නට ඩීපී එඩියුකේෂන් මෙහෙවර පිටුපස ගුරුවරුන් සහ නිර්මාණකරුවන් ලෙස බොහෝ පිරිසක් තම දායකත්වය සපයනවා. ඔවුන්ගේ ඒ කැපවීම ඔබව අධ්‍යාපනික මංපෙත් ඔස්සේ බොහෝ දුර ගමනක් ගෙන යන බව අපට විශ්වාසයි.
ඉතින් ඔබ අධ්‍යාපනයේ හිණිපෙත්තටම යාමට බලාපොරොත්තුවෙන් හිඳින ශිෂ්‍යයෙකු වුවත්, දැනුම එකතුකරමින් වෘත්තිය ජීවිතයේ ඉහලටම යන්නට බලාපොරොත්තු වන වෘත්තිකයකු වුවත් ඒ සෑම අයෙකු වෙනුවෙන්ම ඉඩක්, අවස්තාවක් ලබාදෙමින් විශිෂ්ටත්වය කරා ඔබව රැගෙන යන්න ඩීපී එඩියුකේෂන් ඔස්සේ ලබාදෙන්න අප සූදානම්!
-විශිෂ්ටත්වය කරා යන ගමනක්-
අප ලද සියලු සම්මාන වලින් පෙන්නුම් කරන්නේ දරුවන්ගේ මෙන්ම ගුරුවරුන්ගේත් හොඳම තේරීම ඩීපී එඩියුකේෂන් බවයි. නව්‍යකරණයට, ගුණාත්මකභාවයට සහ සියලු දෙනාටම පරිශීලනයට ඇති හැකියාව සහ පහසුව ආදී බොහෝ කරුණු අන් සියලු අධ්‍යාපනය නාලිකා පසුකර ඉදිරියටම එන්නට අපට මග සලසා තිබෙනවා.
අධ්‍යාපනඥයින්, සංවර්ධකයින්, නිර්මාණ ශිල්පීන් සහ විෂය අන්තර්ගත පිළිබඳ විශේෂඥයින්ගෙන් සමන්විත මනා කැපවීමන් සහිත කණ්ඩායමක් සමඟින්, ඩීපී එඩියුකේෂන් අන්තර්ජාතික තලයේ ඩිජිටල් ඉගෙනුම් – ඉගැන්වීම් සඳහා සාධාරණ ප්‍රවේශයක් ලබා දීම වෙනුවෙන් මෙහෙයවනු ලබන අතර මෙම ඒකාබද්ධ ප්‍රවේශය දිළිඳුකම පිටුදැකීමට පමණක් නොව පුද්ගල වර්ධනයට සහ ප්‍රජා සංවර්ධනයට ද උපකාරී වේ.
ඩීපී එඩියුකේෂන් යනු ඉගෙනුම් පාඨමාලා සම්පාදනය කරන මාධ්‍යයක් පමණක් නොවේ; එය අධ්‍යාපනය විෂයෙහි කුතුහලය ඇති කිරීම, විශ්වාසය ගොඩනැගීම සහ ඒ ඇසුරින් මානව ජීවිතය සවිබල ගැන්වීමට කැපවූවකි.
සාම්ප්‍රදායික අධ්‍යාපනයෙන් ඔබ්බට ගිය ධනාත්මක බලපෑමක් ඇති කරමින් මානව හැකියා සංවර්ධනය සඳහා ආයෝජනය කිරීම අපගේ අරමුණයි.