DP Education
  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්
DP Education
  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්
No Result
View All Result
DP Education
No Result
View All Result

සිව් වසරක් පුරා ඔබව දැනුමින් සන්නද්ධ කල ඩීපී එඩියුකේෂන් සංවත්සර සැමරුම

admin by admin
December 14, 2023
in පුවත් සහ යාවත්කාලීන තොරතුරු
0
DP Education 4th Anniversary Celebration

ඔක්තෝබර් 11 වන දා සවස කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී උත්සවශ්‍රීයෙන් පැවැත්වුණ ඩීපී එඩියුකේෂන්  සිව්වන සංවත්සරික සැමරුම් උළෙල සහ එයට සමගාමීව පැවැත්වුණ මාධ්‍ය හමුව සඳහා ගරුතර පූජ්‍ය පක්ෂය, සම්භාවනීය අමුත්තන්, දෙමව්පියන් සහ සිසු දරු දැරියන් විශාල පිරිසක් සහභාගි වන ලදී.

ඩීපී එඩියුකේෂන්  නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙරේරා මහතා විසින් මෙම උත්සවසයේ ප්‍රධාන දේශනය කරමින් තොරතුරු තාක්ෂණයේ ඇති වැදගත්කම, එයින් අනාගත රැකියා වෙළඳපොළට ඇතිවන ඉල්ලුම සහ ඒ ඔස්සේ මෙරටට විදේශ විනිමය ගෙන්වා ගැනීමට ඇති හැකියාව ගැන හරවත්ව අදහස් දැක්වීමක් සිදු කරන ලදී. එමෙන්ම ඒ කතාබහ අවසානයේ ලංකාවට කේතකරුවන් මිලියනයක් බිහි කිරීමේ වැඩපිළිවෙල ගැනත් එතුමා විසින් අදහස් දක්වන ලදී.

ආරම්භක දේශනය ඉදිරිපත් කරමින් ප්‍රධාන විධායක නිළධාරිනී කෞෂි අමරසිංහ මහත්මිය විසින් සිදු කළ අතර ඩිජිටල් සාක්ෂරතාවයක් සහිත ශ්‍රම බලකායක් බිහිකරමින් සක්‍රීය ඩිජිටල් ආර්ථිකයක රැකියා වෙළඳපොළට සම්බන්ධ කරගැනීම සම්බන්ධව ඩීපී එඩියුකේෂන්  විසින් ඉටුකරනු ලබන කාර්‍යභාරය සහ දායකත්වය පිළිබඳව අදහස් දක්වන ලදී.

හිටපු ජ්‍යේෂ්ඨ මහාචාර්‍ය සහ මොරටුව විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති, ශ්‍රී ලංකා ICTA හි සභාපති මලික් රණසිංහ මහතා විසින් ආරාධිත දේශනය ඉදිරිපත් කරනු ලැබුවා.

අනතුරුව ඩීපී එඩියුකේෂන්  නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙරේරා මහතා විසින් නව සන්නාම කිහිපයක් හඳුන්වාදීමද මෙහිදී සිදු කරනු ලැබුවා.

ඒ,

  • ඩීපී එඩියුකේෂන් නව වෙබ් අඩවිය සහ දුරකතන යෙදවුම
  • ඩීපී කිඩ්ස් දුරකතන යෙදවුම
  • ඩීපී එඩියුකේෂන් අයි. ටී කැම්පස්
  • මොරටුව විශ්ව විද්‍යාලය විසින් කරනු ලබන නව පාඨමාලා
  • කැළණිය විශ්ව විද්‍යාලයෙන් ලබාදෙන SAP Foundation පාඨමාලා
  • ඩීපී එඩියුකේෂන් භාෂා පාසල

මෙම භාෂා පාසල, භාෂා කුසලතා වර්ධනය කරගනිමින් ගෝලීය වෙළඳපොළේ ඉහළ රැකියා අවස්තාවන් හිමි කර ගැනීම සඳහා අවශ්‍ය භාෂා දැනුම – වර්ධනය කර ගැනීමට දෙනු ලබන අත්වැලකි.

  • ඩීපී එඩියුකේෂන්  ඔලිම්පියාඩ්

ජාත්‍යන්තර තරග සඳහා මෙන්මරිකල්පන බුද්ධිය දියුණු කර ගැනීම උදෙසා ඩීපී එඩියුකේෂන්  ඔස්සේ ලබාදෙන ඔලිම්පියාඩ් ගණිත වැඩසටහන් සඳහා අත්වැලකි.

  • ඩීපී එඩියුකේෂන්  මැජික් බිට්ස්ර්චුවල් රොබොට්ස්

ඩීපී එඩියුකේෂන්  හා මැජික් බිට්ස් එක්ව සජීවීව අන්තර්ජාලය හරහා රොබෝවරුන් පාලනය කිරීම සඳහා අවශ්‍ය දැනුම සහ කුසලතා වර්ධනය කරගැනීම පිණිස සලසන අත්වැලකි.

  • ඩීපී එඩියුකේෂන්  ටිවෙට් අධ්‍යාපනය

ගෝලීය රැකියා වෙළඳපොලේ ඉහළ ඉල්ලුමක් ඇති රැකියා සඳහා NVQ මට්ටම් 3 සහ 4 සඳහා අවශ්‍ය වන කුසලතා වර්ධනය කරගනු පිණිස වෘත්තීය අධ්‍යාපන පාඨමාලා ලබාදෙමින් සිදු කරන අත්වැලකි.

  •  ඩීපී එඩියුකේෂන්  සත්කාරක සේවා පාඨමාලාව

ඩීපී එඩියුකේෂන්  හා කේ.අයි.යූ ආයතනය එක්ව ගෝලීය රැකියා වෙළඳපොලේ ඉහළ ඉල්ලුමක් ඇති සත්කාරක සේවා සැපයීම සඳහා අවශ්‍ය NVQ මට්ටම් 3 සහ 4 සුදුසුකම් ඉගැන්වීම පිණිස ගෙන එන තෘතීයීක හා වෘත්තීය පාඨමාලා අත්වැලකි.

අනතුරුව එළඹුණේ සම්මාන ප්‍රදානය කිරීමේ අවස්තාවයි.

එහිදී ඩීපී එඩියුකේෂන්  හා සහසම්බන්ධ වන මයික්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා ආයතනයට හා රූස්ටර් ටෙක්නොලොජීස් ආයතන වලට ඔහුගේ හවුල්කාරීත්වය සහ නොමිලේ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙමින් ඔවුන් දක්වන දායකත්වය වෙනුවෙන් සම්මාන ප්‍රදානය කරන ලදී.

උත්සවයෙන් අනතුරුව පැවැත්වුණු මාධ්‍ය හමුවේ දී ඩීපී එඩියුකේෂන්  කණ්ඩායම විසින් මාධ්‍යවේදීන් නගන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් අතර ඩිජිටල් සාක්ෂරතාවය සහිත ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම සහ ඩිජිටල් ආර්ථිකයක රැකියා වෙළඳපොළට සහභාගී කරගැනීම සම්බන්ධව ඩීපී එඩියුකේෂන්  විසින් දක්වනු ලබන දායකත්වය සහ මෙහෙය පිළිබඳව ද සාකච්ජා කරන ලදී.

පසුගිය සතියේ දී තායිලන්තයේ බැංකොක් නුවර පැවති  Bett Asia සම්මාන උළෙලේදී ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනම විසින් පවත්වාගෙන යනු ලබන ඩීපී එඩියුකේෂන්  වැඩසටහන ආසියාවේ හොඳම ඔන්ලයින් පාසල් අධ්‍යාපනය වැඩසටහන ලෙස සම්මානයට පාත්‍ර වීමද විශේෂ කරුණක්.

පාසල් අධ්‍යාපනය නවීකරණක කිරීම සඳහා නිර්මාණශීලී නවීන තාක්ෂණික විසඳුම් භාවිතා කරන අධ්‍යාපන වැඩසටහන් සඳහා මෙම සම්මානය පිරිනැමෙන අතර ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව, ජපානය, කොරියාව, සිංගප්පූරුව සහ චීනය යන බලවත් රටවල් අභිබවා ගොසින් එවන් සම්මානයකට ලාංකීය  නිපැයුමක් වන ඩීපී එඩියුකේෂන්  පාත්‍ර වීම සාඩම්බරයකි.

admin

admin

Next Post
DP Education IT Campus

දිවයින පුරා ඩීපී එඩියුකේෂන් අයි. ටී. කැම්පස් 80ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

DP Education - Blog

© 2023 Dhammika & Priscilla Perera Foundation

Navigate Site

  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්

Follow Us

No Result
View All Result
  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්

© 2023 Dhammika & Priscilla Perera Foundation