2023 අවුරුද්දේ මාස හතරකුත් මේ වෙද්දි ගෙවිල ඉවරයි. අපේ රටේ වගේම,
අනිත් රටවල්වලත් සිදුවන කාලගුණ, දේශගුණ, දේශපාලනික සහ සමාජීය
වෙනස්කම් ගැන අපි නිතරම දැනුවත්.
ඒත් මේ අවුරුද්දේ අපිට ඉහළින් තියෙන අහසේ සිදුවන වෙනස් කම් ගැන අපි දන්නේ
ටිකක් අඩුවෙන් නේද? අන්න ඒ විදියට 2023 අවුරුද්දේ අපිට උඩින් තියෙන අහස වෙනස්
වෙන්නෙ කොහොමද කියල ඔයාලත් එක්ක බෙදාගන්න තමයි ඩී.පී එඩියුකේෂන් ඔස්සේ
අපි මේ ලිපිය අරගෙන එන්නේ.
“සමන්පිච්ච මල් ඉහිරුණු – නිල් තණකොල පිට්ටනියක් – වගෙයි අහස අන්න බලනු –
කොච්චර ලස්සනද රෑට” කියල පුංචි කාලෙ නම් අපි රෑට එළියට බැහැල අහස දිහා
බලාගෙන තරු රටා හෙව්වා, හඳ දිහා බැලුවා. සූර්යග්‍රහණයක් වෙනවා කියල
දැනගත්තම, පියවි ඇසින් බලන්න හොඳ නැති නිසා කණ්ණාඩි දාගෙන හරි, වතුර
බේසමක් තියල වතුර උඩට වැටෙන ඉරේ හෙවණැල්ලෙන් අපි සූර්යග්‍රහණයක් නැරඹුවා.
ටික ටික ලොකු වෙද්දි ඒ වගේ අහස නිරීක්ෂණය කරන නිමේෂයන් අපේ ජීවිත වලින්
ඈත්වුණාට තාමත් අහසෙ සිදුවන විචිත්‍රවත් වෙනස්කම් නම් එහෙමමයි.
1. අප්‍රේල් 20 වනදා සිදු වූ දෙමුහුන් සූර්යග්‍රහණය
නව සඳක් සූර්යයා හරහා ගමන් කරන විට සූර්යග්‍රහණයක් ඇති වෙන බව අපි පුංචි
කාලේ සිටම දන්නවා. 2023 අවුරුද්දේ අප්‍රේල් මාසයේදී අපි මෙතෙක් කාලයක් දැකපු
සූර්යග්‍රහණයක් වෙනුවට දෙමුහුන් සූර්යග්‍රහණයක් සිදු වුණා. ඒ දෙමුහුන් සූර්යග්‍රහණය
දර්ශනීය ලෙස දකින්න මහ පොළොවේ සිටින අපිට අවස්තාව ලැබෙන බව කළින්ම
ෆෝබ්ස් සඟරාවෙන් දන්වලා තිබුණා. ඊට අමතරව 2023 අප්‍රේල් 20 වන දින දුර්ලභ
දෙමුහුන් සූර්යග්‍රහණයක් – පූර්ණ සූර්යග්‍රහණයක් සහ වළයාකාර "ගිනි වළලු" ග්‍රහණයක්
– බටහිර ඕස්ට්‍රේලියාවට, ටිමෝර් ලෙස්ටේ සහ බටහිර පැපුවා වෙත විචිත්‍රවත් අත්දැකීම්
ගෙන එන බවත් ෆෝබ්ස් සඟරාවෙන් වැඩිදුරටත් කියා තිබුණා.
2. මැයි 17 වෙනිදාට අඬ සඳ සහ බ්‍රහස්පති ග්‍රහයාව දැකගන්න පුළුවන්
2023 මැයි 17 වෙනි බදාදා දිනය උදාවීමට පෙර අහසේ ක්ෂය වෙමින් පවතින අඩ සඳක්බ්රහස්පති ග්‍රහයා හරහා යන ආකාරය අහස දිහා බැලුවොතින් දැකගන්න අවස්තාව තිබෙනවා. පෘථිවිය වටා ඇති චන්ද්‍රයාගේ කක්ෂීය මාර්ගය සූර්යයා වටා පෘථිවි කක්ෂයට 5º පමණක් ආනතව ඇති බැවින් මෙම සිදුවීම නැවත නැවත කිහිපවරක් සිදුවිය හැකිබවත් ෆෝබ්ස් සඟරාව තව දුරටත් පවසනවා. සුවිශේෂ මෝටර්රයිස්ඩ් දුරේක්ෂා භාවිතා කරමින් පමණක් ඇමරිකාවේ සහ යුරෝපයේ ඇතැම් ප්‍රදේශවල සිටින මිනිසුන්ට මෙය බලන්න හැකි බවත් ඔවුන් පවසනවා. ඉතින් අපි ලංකාවෙ හිටියට අපේ හිතවතුන් ඇමරිකාවේ හෝ යුරෝපයේ ඉන්නවනම් එයාලව මේ පිළිබඳව දැනුවත් කරන්න ඔයාට පුළුවන්.
3. ජූනි 02 තරු පොකුරකට ඇතුලු වන අඟහරු
ජුනි මාසයේ දුරදක්නයකින් අහස විපරම් කරන කෙනෙකුට දකින්න ලැබෙන සුන්දරම
දර්ශනයක් තමයි අඟහරු තරු පොකුරකට ඇතුලත් වීම. M 44 ලෙසත් හඳුන්වන මේ
තාරකා පොකුර දුරදක්නයක් භාවිතා කර ජුනි 02 වන දා රතු ග්‍රහයා සමහ එක්වීම
දකින්න මහ පොළෝ වැසියාට අවස්තාව ලැබෙනවා.
4. අගෝස්තු 12/13 දකින්න ලැබෙන්න සඳ නැති උල්කාපාත වැස්ස
අඳුරු අහසක සෑම පැයකම ශූටින් ස්ටාර්ස් 100ක් දකින්නට බලාපොරොත්තු විය හැකි
බව ඔබ දැන සිටියාද?
මෙම උල්කාපාත වර්ෂාව එහි වේගවත් හා දීප්තිමත් උල්කාපාත හේතුවෙන් හඳුනාගෙන
ඇති අතර එය බොහෝ විට "ගිනිබෝල" ලෙස හැඳින්වෙන අතර මෙය සෑම වසර 133
කට වරක් සූර්යයා වටා ගමන් කරන Swift-Tuttle වල්ගා තරුව නිසා ඇතිවේ. Perseids
ලෙස හඳුන්වන ඔවුන්ගේ නම ව්‍යුත්පන්න වී ඇත්තේ උල්කාපාත හටගත් බව පෙනෙන
Perseus තාරකා මණ්ඩලයෙනි.
5. අගෝස්තු 30 සහ 31 වෙනිදා දකින්නට ලැබෙන නිල් සඳ
2023 දී, අහස විපරම් කරන ඔබට සුපිරි සඳ හතරක් දකින්නට ලැබෙන බවත්, එය
පෘථිවියට සමීප වීම නිසා සඳ වෙනදාට වඩා විශාල ලෙස දිස්වන සංසිද්ධියක් බවත්
ෆෝබ්ස් සඟරාවේ සඳහන් වෙනවා.. කෙසේ වෙතත්, වඩාත්ම දර්ශනීය සුපිරි සඳ
අගෝස්තු අගදී සිදුවනු ඇති අතර එය "නිල් සඳ" ලෙස හඳුන්වනවා. චන්ද්‍රයා පෘථිවිය
වටා පරිභ්‍රමණය වීමට ආසන්න වශයෙන් දින 29ක් ගත වන බැවින් සෑම වසර
කිහිපයකට වරක් සිදු වන එකම මාසයක පූර්ණ චන්ද්‍රයින් දෙකක් සිදු වන විට මෙම
යෙදුම භාවිතා වේ. අගෝස්තු මාසයේ පූර්ණ චන්ද්‍රයා පෘථිවියේ සිට කිලෝමීටර් 357,344
ක් දුරින් පිහිටා ඇති අතර අඛණ්ඩව සවස් වරුවේ සඳ උදාවේදී එහි දීප්තිමත්ම
බැබළෙනු බව ෆෝබ්ස් සඟරාවේ වැඩිදුරටත් සඳහන් වෙනවා.
6. ඔක්තෝබර් 14 වෙනිදා සිදුවන Great Western Ring of Fire Eclipse
බොහෝ දෙනෙක් දැනටමත් 2024 දී මීළඟ පූර්ණ සූර්යග්‍රහණය අපේක්ෂාවෙන් සිටින
අතර, 2023 "ගිනි වළල්ලක්" ලෙසද හඳුන්වන වළයාකාර සූර්යග්‍රහණයක් සහිත
පෙරදසුනක් ඉදිරිපත් කරනු ඇත. ජාතික වනෝද්‍යාන කිහිපයක් ඇතුළුව ටෙක්සාස් හරහා
ඔරිගන්හි නිරිතදිග ප්‍රාන්තවල මෙවැනි සූර්යග්‍රහණයක් දිස්වනු ඇත. සූර්යග්‍රහණය
සිදුවන්නේ තරමක් කුඩා චන්ද්‍රයා, එහි ඉලිප්සාකාර කක්ෂයේ පෘථිවියේ සිට දුරම
ස්ථානයේ දී, සූර්යයාගේ කේන්ද්‍රය අර්ධ වශයෙන් අවහිර කරන විට, එහි ප්‍රතිඵලයක්
ලෙස කැපී පෙනෙන අර්ධ ග්‍රහණයක් ඇති වේ. "Great Western Ring of Fire Eclipse" ලෙස
හැඳින්වෙන මෙම සිදුවීම 2023 ඔක්තෝබර් 14 සෙනසුරාදා සිදුවනු ඇති අතර කලාපය
පුරා සිටින නරඹන්නන්ගේ සිත් ඇදගන්නා බව නිසැක ය.
7. නොවැම්බර් 9 වෙනිදට පෙනෙන සිකුරු සහ අඩ සඳ දසුන
හිරු උදාවෙන්න පැය දෙකකට කළින් නොවැම්බර් 9 වෙනිදට අවදි වෙන්න ඔබට පුළුවන්
නම් දීප්තිමත් සිකුරු ග්‍රහලෝකය සමඟ ආලෝකමත් අඬ සඳක් දකින්නට ඔබට
හැකියාව ලැබෙන බව පවසන්නේ ෆෝබ්ස් සඟරාව.
උතුරු ඇමරිකාවේ ඔයාලගෙ යාලුවො, නෑදෑයො සහ හිතවත් අය ඉන්නවනම් ඔන්න
නොවැම්බර් 9 වෙනිදට දකින්න ලැබෙන මේ සිකුරු සහ අඩ සඳක සුන්දර දර්ශනය ගැන
එයාලව කළින්ම දැනුවත් කරල තියන්න ඔයාට පුලුවන්.ල්
මේ වගේ අපි අවට පරිසරයේ, අහසේ සිදුවන වෙනස්කම් සහ ඒවා අපේ ජීවිතයට
බලපාන ආකාරය වැඩිදුර විස්තර දැනගන්න, ගෙදර අයට, යාලුවො එක්ක ඒ විස්තර
බෙදාගන්න දිගටම ඩී.පී එඩියුකේෂන් එක්ක රැඳී සිටියොත් ඔබට අවස්තාව ලැබෙනවා.
ඩිජිටල් මාධ්‍ය අධ්‍යාපනික වේදිකාවක් ලෙස ධම්මික පෙරේරා මහතාගේ අධීක්ෂණයෙන්
යුතුව බිහිවුණ ඩී.පී එඩියිකේෂන් ප්ලැට්ෆෝමය ලබාදෙන්නෙ පොත පතේ දැනුම
පමණක්ම නොවෙයි. එදිනෙදා ජීවිතයට වටිනා, වටපිටාවේ සිදුවන වැදගත් සිදුවීම්
පිළිබඳව පවා කරුණු සොයාගනිමින් එය සියල්ලන් හේ නොමිලේ බෙදාගන්නට කටයුතු
කිරීම ඇත්තෙන්ම අගය කළ යුතුමයි.
මූලාශ්‍ර: https://www.forbes.com/sites/jamiecartereurope/2022/12/30/10-must-see-sky-events-in-
2023-from-rare-eclipses-to-a-new-bright-comet/?sh=77550ee7234e