අපි හැමෝම කැමතියි මුලු ජීවිත කාලෙම, මුලු දවසෙම, හැම මොහොතක්ම සතුටෙන් ගෙවන්න පුලුවන්නම්. හැබැයි ජීවිතේදී මූණදෙන්න වෙන විවිධ බාධක, කරදර, දුක් කම්කටොළු නිසා හැම මොහොතක්ම සතුටෙන් ගෙවන්න වෙන එක ටිකක් අමාරු දෙයක්. හැබැයි ප්‍රශ්න, කරදර නැති වෙලාවක සතුටෙන් ඉන්න ඔයාත් විශේෂ හේතු හොයනවද?
සතුට කියන්නෙ තෘප්තිමත් ජීවිතයක තීරණාත්මක අංගයක්. අපි කරන ඕනම දෙයක් උනන්දුවෙන්, කැමැත්තෙන් කරන්න වගේම, ජීවිතේ මෝටිවේට් කරගන්න මේ සතුට කියන දේ විශාල වශයෙන් බලපානවා. සතුට, තෘප්තිය සහ ප්‍රබෝධය වගේ ධනාත්මක අදහස් වලින් අපේ මනස පිරිල තියෙනකොට ජීවිතය ගැන ධනාත්මක විදියට හිතන්න වගේම, ගෙවෙන හැම මොහොතකටම ධනාත්මකව මූණ දෙන්න අපිට හැකියාව ලැබෙනවා. ඒ නිසාම අපේ මානසික සහ ශාරීරික සෞඛ්‍යය වර්ධනය වීමකුත් සිදු වෙනවා.
සතුටු හෝමෝන එහෙමත් නැතිනම් මේ හැපි හෝමෝන්ස් ගැන ඔබ දැනුවත් වෙන්න ඕන ඒ නිසාමයි.
අපේ ජීවිතේ සතුටට හේතුවන ධනාත්මක චිත්ත වේගයන්, එහෙමත් නැතිනම් ධනාත්මක අදහස් ඇති කිරීම සඳහා අපේ මොළයේ තිබෙන සතුටට හේතුවන ස්ථාන උත්තේජනය කිරීම සිදු කරන්නෙ මේ සතුටු හෝමෝන.
සෙරටොනින්, ඩෝපමින්, ඔක්සිටොසින් සහ එන්ඩෝර්ෆින් ලෙස සතුටු හෝමෝන වර්ග 4ක් තිබෙනවා. මේ සියලුම හෝමෝන එක්වීමෙන් අපේ සතුටට හේතුවන ධනාත්මක චිත්තවේගයන් උත්තේජනය කිරීමක් සිදු කරනවා වාගේම මේ එක් එක් හෝමෝනයට විශේෂ වූ කාර්‍යයන් තිබෙනවා.
සෙරටොනින් හෝමෝනය අපේ මනසේ විවිධ මනෝභාවයන් ඇති කිරීමට වගේම නින්ද, ආහාර රුචිය, ආහාර දිරවීම, ඉගෙනීමේ හැකියාව සහ මතකය නියාමනය කිරීමට උපකාරී වෙනවා.
ෆීල් ගුඩ් එහෙමත් නැත්තම් සතුට දනවන හෝමෝනයක් ලෙස හඳුන්වන ඩෝපමින් හෝමෝනයේ තිබෙන වැදගත්කම වන්නේ ඉගෙනීම සහ මතකයට අදාල වන ඉතාම ප්‍රසන්න සංවේදනයන් සමග සම්බන්ධ වන නිසා.
“ආදරණීය හෝමෝනය” කියල හඳුන්වන ඔක්සිටොසින් හෝමෝනය දරු ප්‍රසූතිය, මව්කිරි දීම සහ ශක්තිමත් මාපිය-ළමා බැඳීම් සඳහා අත්‍යවශ්‍ය වන හෝමෝනයක්. එය ඕනෑම සබඳතාවක් තුළ තිබිය යුතු විශ්වාසය, සංවේදනය සහ බැඳීම යන කරුණු ප්‍රවර්ධනය කිරීමට දායක වෙනවා.
ශරීරය ආතතියට හෝ අපහසුතාවයට පත් වූ විට එයින් මිදිය හැකි ස්වභාවික වේදනා නාශකයක් ලෙස එන්ඩෝර්ෆින් හෝමෝනය කටයුතු කරනවා.
මේ සතුට හෝමෝන නිවැරදි ලෙස හසුරවා ජීවිතයට සතුට ළඟා කරගන්නේ කෙසේද යන්න දැනගන්නත් ඔබ කැමති ඇති.
- එළිමහනට ගොස් ජීවිතය විඳින්න
මනසේ විවිධ මනෝභාවයක් ඇති කිරීමට හේතුවන සෙරටොනින් හෝමෝනයේ නිසි ක්‍රියාකාරිත්වය මගින් සතුටට හේතුවන කරුණු ගොනු කරගන්න, හිරු එළිය සහිත එළිමහනට යෑමෙන් ඔබට අවකාශය ලැබෙනවා. පර්‍යේෂණ වලට අනුව හිරුගෙන් නිකුත්වන පාරජම්බුල කිරණ නැතිනම් යූ.වී. කිරණ වලට සෙරටොනින් හෝමෝනය නිපදවීමේ වේගය ඉහළ දැමීමේ හැකියාවක් තිබෙනවා. (අධික හිරු එළියට නිරාවරණය වීම විවිධ ලෙඩ රෝගවලට හේතු විය හැකි බැවින් ඩී.පී එඩියුකේෂන් ඔස්සේ ගෙන එන ප්‍රජා සෞඛ්‍යය වැඩසටහන් පෙළ ඔස්සේ මේ පිළිබඳව පෙර දැනුවත් වීම නිර්දේශ කරනවා)
සෙරටොනින් හෝමෝනය ජීවිතයට වැදගත් වන්නේ ආහාර ජීර්ණ පද්ධතියේ නිසි ක්‍රියාකාරීත්වයට, සුවපහසු නින්දක් ලබා ගැනීමට සහ ඉගෙනීම් කටයුතුවලදී උපකාරී වන නිසා. ඩී.පී එඩියුකේෂන් වීඩියෝ මාලාවන් ඔස්සේ ගෙන ඉගෙනීම් කටයුතු වලදී සහ මහජන සෞඛ්‍යය පිළිබඳ වැඩසටහන් ඔස්සේ මේ පිළිබඳව අප වැඩි දුරටත් කතා බස් කරනවා.
- ව්‍යායාම
ව්‍යායාම කිරීම මගිනුත් මේ සතුටු හෝමෝන වර්ධනය කරගත හැකි බව පර්‍යේෂන පත්‍රිකාවල කියවෙනවා. චිත්තවේගීය යහපැවැත්ම කෙරෙහි ධනාත්මක බලපෑමක් එකක් ඇති කරන ව්‍යායාම විශාල වශයෙන් බලපානවා. ව්‍යායාම වලින් පමණක්ම නොවෙයි, අප දිනපතා කරන විවිධාකාර ශාරීරික ක්‍රියාකාරකම් වලිනුත් එන්ඩෝර්ෆින්, සෙරටොනින් සහ ඩෝපමින් කියන හෝමෝන වල ක්‍රියාකාරීත්වය ඉහළ නංවනවා.
- හිනාවෙන්න, හිනාවෙන්න එතකොට තරවෙන්නේ
මේ කියමන ඔයාලත් ඕනතරම් අහල ඇති. හැබැයි කවදාවත් හිතිල තියෙනවද අපි හිනාවෙන හැම වාරයක් පාසාම මේ සතුටු හෝමෝනවල ක්‍රියාකාරී වේගය වැඩි වෙනවා කියල?
කාංසිය සහ ආතතිය වැනි හැඟීම් ඉවත්කරන්න වගේම ඩෝපමින් සහ එන්ඩෝර්ෆින් මට්ටම ඉහළ නංවන්න සිනාවීම එක හේතුවක්.
2017 වසරේ සිදුකළ Social Laughter Triggers Endogenous Opioid Release in Humans කියන පර්‍යේෂණ පත්‍රිකාවේ සඳහන් වෙනවා, මිතුරෙක් හෝ හිතවතෙක් සමග එක්ව සිනාසීම එන්ඩෝර්ෆින් මුදා හැරීමට හේතුවන බව.
ඒවගේම තමයි ආදරය කරන යමෙකු සමග එක්ව සිනාසීම සිරුරේ ඔක්සිටොසින් හෝමෝනය මුදා හැරීමට බලපාන එක හේතුවක්.
- උයන්න, පිහන්න, සතුටෙන් සිටින්න
ආදරේ කරන කෙනෙක් එක්ක එකතුවෙලා ආසාවෙන් කෑම වේලක් උයන එක සතුටු හෝමෝන හතරම උත්තේජනය කරන්න බලපාන හේතුවක් කියල දැනගෙන හිටියද?
රස කෑමක් කන්න ලැබුණම ඔයා සතුටු වෙනවනෙ?
අන්න ඒ වෙලාවෙදි එන්ඩෝර්ෆින් සහ ඩෝපමින් මුදාහැරෙනව වගේම ආදරේ කරන කෙනෙක් එක්ක එකතුවෙලා කෑම වේලක් සකසා ගන්න කොට සහ එකතුවෙලා ආහාර ගන්න කොට ඔක්සිටොසින් හෝමෝනය උත්තේජනය වෙනවා.
ඉතින් මේ වගේ කරුණු රාශියක් එකතුවෙලා ඔයාලගෙ ජීවිතවලට සතුට රැගෙන එන, ශරීරයේ තිබෙන සතුටු හෝමෝන හතරක් වන සෙරටොනින්, ඩෝපමින්, ඔක්සිටොසින් සහ එන්ඩෝර්ෆින් උත්තේජනය කරනවා. මේ හෝමෝනවල ක්‍රියාකාරීත්වය වගේම, සතුට හෝමෝන නිසි පරිදි භාවිතා කරල සතුටෙන් ඉන්නෙ කොහොමද කියන එක ගැන තවත් බොහෝ කරුණු ඩී.පී එඩියුකේෂන් ඔස්සේ ගෙන එන ප්‍රජා සෞඛ්‍යය වීඩියෝ මාලාව ඔස්සේ දැනගන්න අවස්තාව තිබෙනවා.
වැඩිහිටියන්ට පමණක් නොවෙයි ඉගෙනීම් කටයුතුවල නිරතවන දරුවන්ටත් මේ සතුටු හෝමෝන නිරි පරිදි මෙහෙයවීම ඔස්සේ තමන්ගෙ අධ්‍යාපන කටයුතු නිසියාකාරව කරගන්නෙ කොහොමද කියලත් මේ වීඩියෝ මාලාවන් ඔස්සේ දැනගන්න පුළුවන්.
මූලාශ්‍ර:
https://atlasbiomed.com/blog/serotonin-and-other-happy-molecules-made-by-gut-bacteria/
https://www.healthline.com/health/happy-hormone
https://pubmed.ncbi.nlm.nih.gov/28536272/
good