ඉස්කෝලෙ ඇරිල ආවට පස්සෙ ඕනම පොඩ්ඩෙක් කැමති සෙල්ලම් කරන්න. මේ
සෙල්ලම් අස්සෙම පොඩ්ඩට කියල එයාගේ ඉස්කෝලෙන් දීපු ගෙදර වැඩ කරන්න
වෙලාවක් හොයාගන්න අම්මලට ටිකක් මහන්සි වෙන්න වෙනවා.
සෙල්ලමට බර පොඩ්ඩන්ට, කාළය කළමනාකරණය කරන්න කියල දෙන්න
මහන්සි වෙන අම්මලට උදව්වක් විදියට ඩී.පී එඩියුකේෂන් කිඩ්ස් යූ ටියුබ් පේජ්
එක හඳුන්වාදෙන්න පුළුවන්.
ඉතින් අපි බලමු මේ ඩී.පී එඩියුකේෂන් කිඩ්ස් යූ ටියුබ් පේජ් එක මගින්
ඉස්කෝලෙ ඉවර වෙලා ඇවිත්, සෙල්ලමටත් වෙලාවක් වෙන් කරගෙන ගෙදර
වැඩ කරන්න පොඩ්ඩන්ට කියල දෙන්නෙ කොහොමද කියලා.
1. කාල සටහනකට වැඩ කරමු
ඉස්කෝලෙ ඇරිල ගෙදර එන පොඩ්ඩට සෙල්ලම් කරන ගමන්ම වැඩ ටිකත්
හරියට කරන්න කියල දෙන්න පුළුවන් හොඳම විදියක් තමයි කාල සටහනක්
හදාගන්න එක. අමතක නොකර ඒ කාල සටහනට ගෙදර වැඩ කරන වෙලාවක්,
සෙල්ලම් කරන්න වෙලාවක් වගේම විවේක ගන්න වෙලාවකුත් එකතු කරගන්න.
පොඩ්ඩට නිතරම පේන තැනක මේ කාල සටහන එල්ලල තියන්නත් අමතක
කරන්න එපා. කාල සටහනට අනුව ලොකු ලොකු වැඩ පොඩි පොඩි කොටස්
වලට වෙන් කිරීම මගින් පොඩ්ඩට වගේම අම්මටත් වැඩි මහන්සියක් නැතුව
අතපසු වීමක් නැතුව හැම වැඩක්ම වේලාවට ඉවරකරගන්න පුළුවන්
2. අවධානය බිඳෙන්න දෙන්න එපා
පාඩම් වැඩ කරන්න පොඩ්ඩො කොහොමත් ටිකක් කම්මැලි නිසා පොඩි දේකින්
වුණත් අවධානය බිඳෙන්න පුළුවන්. තාක්ෂණයේ දියුණුවත් සමග අද වන විට
බොහෝ දරුවන් ඉගෙන ගන්නේ මාර්ගගත අධ්‍යයන ක්‍රම ඔස්සේ විවිධ
තාක්ෂණික මෙවලම් භාවිතා කරමින්. තාක්ෂණික මෙවලම් භාවිතා කරමින්
අධ්‍යයන කටයුතු වල නිරත වන දරුවන්ට ඉෆෙක්ටිව් ස්ක්‍රීන් ටයිම් සංකල්පය
කියා දීම වඩා වැදගත්.
විශේෂඥයන් කුඩා ළමුන් සඳහා දිනකට පැය 1-2 කට වඩා වැඩි කාලයක් සහ
වැඩිහිටි දරුවන් සඳහා පැය 2-3 කට වඩා තිර කාලය සීමා කිරීමට නිර්දේශ
කරනවා. මෙයට අධ්‍යාපනික සහ විනෝදාත්මක තිර කාලය යන දෙකම ඇතුළත්
වෙනවා.
අක්ෂි ආතතිය සහ තෙහෙට්ටුව වැළැක්වීම සඳහා තිර කාලයෙන් නිතිපතා
විවේක ගැනීම වැදගත්. සෑම විනාඩි 30 කට වරක් විවේකයක් ගැනීමට සහ
ශාරීරික ක්‍රියාකාරකම්වල හෝ වෙනත් තිර නොවන ක්‍රියාකාරකම්වල නිරත වීමට
ළමුන් දිරිමත් කරන්න.
තාක්ෂණික මෙවලම් භාවිතා කර අධ්‍යාපන කටයුතුවල නිරත වන දරුවන්ට
ස්ක්‍රීන් ටයිම් සඳහා කාල සටහනක් සකසා දීමත් මෙහිදී ඉතා වැදගත්.
3. පාඩම් වැඩ කරන්න නිදහස් තැනක් හදලා දෙන්න
පොඩ්ඩාගේ අවධානය වෙනස්වන ශබ්ද ඇහෙන්නෙ නැති, නිදහස් තැනක් පාඩම්
වැඩවලට වෙන් කරල දීමත් කාළය කලමණාකරණය කරගෙන ගෙදර වැඩ
කරන්න පොඩ්ඩට කියල දෙන්න පුළුවන් ඉතාම හොඳ උපක්‍රමයක්.
4. ගෙදර වැඩ වලට අමතරව පොඩ්ඩාට සතුටෙන් යෙදෙන්න පුළුවන්
ක්‍රියාකාරකම් හඳුන්වා දෙන්න
ඩී.පී එඩියුකේෂන් කිඩ්ස් යූ ටියුබ් නාලිකාවේ එන අත්වැඩ ක්‍රියාකාරකම් පිළිබඳ
වීඩීයෝ මාලාව මේ සඳහා හොඳ උදාහරණයක්. දරුවන්ගේ පරිකල්පන ශක්තිය,
නිර්මාණශීලීත්වය සහ කලාත්මක කුසලතා වර්ධනය කරගන්න ඩී.පී
එඩියුකේෂන් කිඩ්ස් යූ ටියුබ් නාලිකාවේ එන අත්වැඩ ක්‍රියාකාරකම් පිළිබඳ
වීඩීයෝ මාලාව බෙහෙවින්ම උපකාරී වෙනවා.
එහි එන අන්තර්ගතය විවිධ වයස් කාණ්ඩවල දරුවන්ට ගැළපෙන ලෙස සකස්
කර ඇති නිසා දරුවන් ආසාවෙන් නරඹන්න තියෙන ඉඩකඩ ඉතාම ඉහළයි.
මෙහි තිබෙන තවත් විශේෂත්වයක් වන්නේ පාසල් විෂය මාලාව සමග
පෙළගස්වා ඇති දරුවන්ගේ වයසට සහ මනසට සුදුසු අන්තර්ගතයයි. දරුවන්ට
පාසලේදී උගන්වන විෂය මාලාවම වඩාත් හොඳින් තේරුම්ගත හැකි ලෙස සකසා
තිබෙන බැවින්, පහසුවෙන්, ඕනෑම තැනක සිට ඉගෙනීමට හැකියාවත් ලැබෙනවා.
සංකීර්ණ සංකල්ප වඩාත් සරලව සහ පහසුවෙන් තේරුම් ගතහැකි ලෙස
ග්‍රැෆික්ස් භාවිතා කිරීමත් මෙහි තිබෙන තවත් එක් විශේෂත්වයක්.
අත්වැඩ ක්‍රියාකාරකම් වලට අමතරව, ගණිතය, භාෂාව සහ තවත් අධ්‍යාපනික
ගීත ඇතුළත් වීඩියෝ පට 3200කට වඩා අන්තර්ගත බැවින් දරුවන්ට නිවසේදීත්
පහසුවෙන් සහ උනන්දුවෙන් පාසල් හෝ පෙර පාසල් වැඩ ඉගෙනීමට මෙයින්
ලැබෙන රුකුල ඉමහත් ය.
සිබිල් වෙත්තසිංහ මහත්මිය විසින් දරුවන්ට සුදුසු ලෙස සකසන ලද විචිත්‍රවත්
චිත්‍ර ඇතුළත් ගීතයන් රෑසක් ඩී.පී එඩියුකේෂන් කිඩ්ස් යූ ටියුබ් නාලිකාවේ
තිබෙනවා. https://www.youtube.com/@dpkidslk ඔස්සේ ඔබට දරුවන්ගේ අධ්‍යාපන
සහ පරිකල්පන හැකියාවන් වර්ධනය කිරීම උදෙසා සකසන ලද වීඩියෝ රැසක්
නැරඹීමේ හැකියාව ලැබෙනවා.
කුඩා දරුවන් වෙනුවෙන්ම සැකසූ ගීත ඇතුළත් වීඩියෝ මාලාව සඳහා පිවිසෙන්න:
https://www.youtube.com/playlist?list=PL88rDRjOnDPAA0FaPLcv9uV3hTRR_Yb37
https://www.youtube.com/playlist?list=PL88rDRjOnDPD-zVp5KenRdY9g2Xk_4m4Q
https://www.youtube.com/playlist?list=PL88rDRjOnDPAcI8fIXME8m_d73RY6p9-J
GY_FO
5. පොඩ්ඩන්ට උදව් කරන්නත් අමතක කරන්න එපා
අවධානය සහ උපකාරය අවශ්‍ය තැන්වලදී දරුවාට සහයෝගය ලබාදීමත් මෙහිදී
ඉතාම වැදගත්. යම් කරුණක් සම්බන්ධයෙන් ඔබේ දරුවා ගැටළුවකට මුහුණ පා
සිටින්නේ නම් එය විසඳා ගැනීම සඳහා ඔබට හැකි පරිදි සහයෝගය ලබා දීම
පාඩම් වැඩ කටයුතු කෙරේ දරුවාගේ අවධානය සහ උනන්දුව පවත්වාගෙන
යාමට උපකාරී වෙනවා.
සෙල්ලමට බර හිතක් තියෙන පොඩ්ඩන්ව, පාසල් වෙලාවෙන් පස්සෙ අධ්‍යාපන
වැඩකටයුතුවල නිරත කරවන්න ටිකක් මහන්සිවෙන්න වුණත් දෙමව්පියන්ගේ
නිසි අවධානය, ආදරය සහ සහයෝගය ලබා දීමෙන් එම ගැටළු වළක්වා ගැනීම
ඉතාම පහසුයි.
කාල සටහනකට අනුව වැඩ කිරීමට හුරු කිරීම, යම් දේකට අවධානය දී එම
කටයුත්ත නිම කිරීමට කියා දීම මෙන්ම ඩී.පී එඩියුකේෂන් කිඩ්ස් යූ ටියුබ්
නාලිකාවෙන් ඔබ වෙත ගෙන අධ්‍යාපනික මෙන්ම බාහිර අත්වැඩ ආදිය සඳහා
දරුවාව යොමු කිරීම ඔස්සේ ළමා මනස වෙහෙසට පත් නොකර අධ්‍යාපන
කටයුතු මෙන්ම බාහිර කටයුතුත් සමබරව කරගෙන යන දරුවෙකු නිර්මාණයක
කරන්නට ඔබට දායක විය හැකියි.
Good
no