DP Education
  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්
DP Education
  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්
No Result
View All Result
DP Education
No Result
View All Result

ශෝර්ටි සම්මාන (Shorty Awards) හිදී අධ්‍යාපන අංශයෙන් ප්‍රේක්ෂක ගෞරව සම්මානය ලංකාවට ගෙන ආ ඩීපී එඩියුකේෂන්!

admin by admin
May 31, 2024
in පුවත් සහ යාවත්කාලීන තොරතුරු
0
ඇමරිකාවේ පැවිති ශෝර්ටි සම්මාන උළෙලේදී (Shorty Awards, USA) අධ්‍යාපන අංශයෙන් ප්‍රේක්ෂක ගෞරව සම්මානය ඩීපී එඩියුකේෂන් විසින් හිමිකරගත් වගයි!

ඇමරිකාවේ පැවිති ශෝර්ටි සම්මාන උළෙලේදී (Shorty Awards, USA) අධ්‍යාපන අංශයෙන් ප්‍රේක්ෂක ගෞරව සම්මානය ඩීපී එඩියුකේෂන් විසින් හිමිකරගත් වගයි!

ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනමේ මුලපිරීමක් වන ඩීපී එඩියුකේෂන් 2019 වසරෙ ඔක්තෝම්බර් මාසයේ ආරම්භයේ සිට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික පරිසරය පරිවර්තනය කරමින් හිඳින බව ඔබත් අපත් හොඳින්ම දන්නා කරුණක්. ඕනෑම අයෙකුට ඕනෑම තැනක සිට ප්‍රවේශ විය හැකි, නිදහස් අධ්‍යාපනය තුළින් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීම අරමුණූ කරගනිමින්, ඩීපී එඩියුකේෂන් ආයතනය රටෙහි සමාජ-ආර්ථික සංවර්ධනය සඳහා ප්‍රධාන කාර්යභාරයක් පසුගිය කාලය පුරාවටම ඉටු කරමින් හිඳිනවා.

ඉතින් ඒ සමාජීය වශයෙන් බුද්ධිමත් අධ්‍යාපනය: නවීන ඉගෙනීම සඳහා සමාජ මාධ්‍ය උත්තේජනය කිරීමෙහි ලා ඩීපී එඩියුකේශන්හි ප්‍රවීණත්වය අගයමින් පසුගිය ශෝර්ටි සම්මාන (Shorty Awards , USA) උළෙලෙහිදී අධ්‍යාපන අංශයෙන් ප්‍රේක්ෂක ගෞරව සම්මානය දිනාගන්නට ඩීපී එඩියුකේෂන් සමත් වුණා.

ශෝර්ටි සම්මාන (Shorty Awards) උළෙල යනු සමාජ මාධ්‍ය සහ ඩිජිටල් ක්ෂේත්‍රයේ හොඳම සංවිධාන සහ පුද්ගලයින්ට අගය කරන ජාත්‍යන්තර සම්මාන උළෙලකි.

ඩීපි එඩියුකේෂන් ආයතනය පැය 23,000ක් හරහා විෂයය්න් 75ක් වැඩි අන්තර්ගතයක් සහිතව ඉගෙනීම සඳහා අවශ්‍ය කරන පුළුල් විද්‍යුත් ඉගෙනුම් වේදිකාවක් පිරිනමයි. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂාවලින් ලබා ගත හැකි මෙම සම්පත් විවිධ ප්‍රේක්ෂක පිරිසකට සපයන අතර, ඕනෑම තැනක සිටින ඕනෑම අයෙකුට තමන ආර්තික තත්ත්වය කුමක් වුවත් මේ අධ්‍යාපනය ලබාගත හැකි බව සහතික කරයි. රටවල් 167කට වඩා වැඩි ප්‍රමාණයකට ළඟා වෙමින් බිලියන 1.3 කට අධික නැරඹුම් වාර සහ මිලියන 245 යූ ටියුබ් නැරඹීම් සමඟින් මෙහි ඇති විශිෂ්ටත්වය තව තවත් පැහැදිලි වේ.

ඩිජිටල් අධ්‍යාපනයේ නවෝත්පාදන වෙනුවෙන් කල එම සුවිශේෂී දායකත්වය වෙනුවෙන් ඩීපී එඩියුකේෂන් සඳහා පිරිනැමුන ප්‍රේක්ෂක ගෞරව සම්මානය සත්‍ය වශයෙන්ම ලැබිය යුත්තක් බව පිළිගත යුතුමයි.. නොමිලේ, ප්‍රවේශ විය හැකි අධ්‍යාපනයක් ලබාදීමට සහ සමාජ-ආර්ථික සංවර්ධනයට මග පෑදීමට ඩීපී එඩියුකේෂන් ලබා දුන් නොසැලෙන කැපවීම වෙනුවෙන් මෙම සම්මානය ලැබීම ගැන සමස්ත ලංකාව වෙනුවෙන්ම අප සතුටු විය යුතුමයි. මෙම සම්මානය ඩීපී එඩියුකේෂන් ආයතනය ලංකාවේ තරුණ ප්‍රජාව අධ්‍යාපනික වශයෙන් දිරිගැන්වීම සහ නගා සිටුවීම සඳහා කරන මෙහෙවර වඩාත් කැපවීමෙන් ඉදිරියට ගෙන යාමට පෙළඹවීමක් ද වෙනු ඇත.

ඩීපී එඩියුකේෂන් හි ඩිජිටල් මූලෝපාය ලෙස, විශේෂිත වෙබ් අඩවි 10ක් සහ යෙදුම් 2ක්, ව්‍යාපෘති මත පදනම් වූ ඉගෙනීම කෙරෙහි අවධානය යොමු කරයි. යූ ටියුබ්, ෆේස්බුක්, සහ ඉන්ස්ටග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා 14ක ක්‍රියාකාරී, ඩීපී එඩියුකේෂන් එහි ප්‍රවේශය තව තවත් ශක්තිමත් කරයි. ඩීපී එඩියුකේෂන් ආයතනය යූටියුබ් හි දැන්වීම්-රහිත අධ්‍යාපනික වීඩියෝ සපයන අතර බාධාවකින් තොරව ගුරු-ශිෂ්‍ය සන්නිවේදනය සඳහා මික්‍රොසොෆ්ට් විවා එන්ගේජ් භාවිතා කරයි.

සිසුන්, ගුරුවරුන් සහ දෙමාපියන්ගේ සහතික ඩීපී එඩියුකේශන්හි ධනාත්මක බලපෑම වඩ වඩාත් අවධාරනය කරයි.

“ඩීපී එඩියුකේෂන් වෙතින් ලබා දෙන අලුත් අධ්‍යාපනික ක්‍රමවේදයන් නිසා ළමයි දැන් තවත් අලුත් විදියට හිතනවා. මාසයක් ඇතුලත මේ දරුවො ඇප්ස් 15කට වඩා වැඩි ප්‍රමානයක් හදල තියෙනවා. සමහර ඒව ඇත්තටම හරිම විශේෂයි. ඩීපී එඩියුකේෂන් ඔස්සේ මේ දරුවන්ට අවුරුදු ක්‍රීඩා, ඩිජිටල් තොරණ් වගේ අලුත් දේවල් කරන්න පොළඹවනවා. ඒක ලොකු දෙයක්. අපිත් ඒ නිසාම මේ දරුවන්ව මේ වගේ අලුත් දේවල් වලට යොමුකරනවා. වඩා වැදගත් වෙන්නෙ මේ ක්‍රියාකාරකම් ඔස්සේ දරුවන්ගේ චින්තනය, නිර්මාණශීලී හැකියාව දියුණු වෙන එක” මේ ගැන අදහස් දරන එක් ගුරුවරයෙක් පවසන්නේ එලෙසින්.

ඩිජිටල් අධ්‍යාපනයේ නවෝත්පාදනයන් වෙනුවෙන් මෙම ගෞරවනීය සම්මානය ලැබීම ඩීපී එඩියුකේෂන් ආයතනයට මහත් ගෞරවයක්. එය මෙම ආයතනයේ සමස්ත කණ්ඩායමේ කැපවීම සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීම මෙන්ම මේ මෙවලම් ඔස්සේ අධ්‍යාපනය ලබන දරුවන්ගේ උද්යෝගය සහ කැපවීම පිළිබිඹු කරන්නක්.

 “මෙම පිළිගැනීම අධ්‍යාපනික විශිෂ්ටත්වයේ සීමාවන් තව දුරටත් තල්ලු කිරීමට අපව පොළඹවන්නක්. අපගේ උත්සාහයන් සඳහා පිළිගැනීමට ලක්වීම ගැන ආයතනයක් වශයෙන් අප ආඩම්බර වන අතර සැමට නොමිලේ, උසස් තත්ත්වයේ අධ්‍යාපනයක් ලබා දීමේ අපගේ මෙහෙවරෙහි නොසැලී සිටින්නටත් අප මෙය හේතුවක් කරගන්නා බව පවසන්න කැමති බව මෙහි නිර්මාතෘ ඇතුලු සමස්ත ඩීපී එඩියුකේෂන් කාර්‍යය මණ්ඩලයම අදහස් දක්වනවා.

  මෙම සම්මානය ශ්‍රී ලංකාවේ සහ වෙනත් රටවල පවා සිටින දරුවන්ගේ ජීවිතවලට අලුත් අරමුණක්, දිරියක් ලබා දෙන්නටත් හේතුවන බව විශ්වාසයි!

වැඩි විස්තර සඳහා පිවිසෙන්න: https://shortyawards.com/16th/socially-smart-education-dp-educations-mastery-in-leveraging-social-media-for-modern-learning

admin

admin

Next Post
2023 උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගත් ටසුන් රිත්මික

කලා අංශයෙන් උසස් පෙළ පළමු තැන ගන්නටසුන් රිත්මිකට උදව් කල ඩීපී එඩියුකේෂන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

DP Education - Blog

© 2023 Dhammika & Priscilla Perera Foundation

Navigate Site

  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්

Follow Us

No Result
View All Result
  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්

© 2023 Dhammika & Priscilla Perera Foundation