DP Education
  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්
DP Education
  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්
No Result
View All Result
DP Education
No Result
View All Result

කාන්තා හිංසනයට එරෙහි ඩීපී එඩියුකේශන් අභිනයන්

admin by admin
May 28, 2024
in පුවත් සහ යාවත්කාලීන තොරතුරු
0
කාන්තා හිංසන විරෝධී ගෝලීය අභිනයන් සමාජගත කිරීම

කාන්තා හිංසන විරෝධී ගෝලීය අභිනයන් සමාජගත කිරීම

‘‘කාන්තාවක් කායික වශයෙන්, වාචික වශයෙන් මෙන්ම සයිබර් හිංසනයට ලක්විය හැකියි. නමුත් බොහෝ විට කාන්තාවන් අපහසුවෙන් මේ හිංසනය දරාගෙන සිටිනවා. මොකද එය වචනයෙන් ප්‍රකාශ කිරීමෙන් තමන් එයට වඩා අපහසුතාවයට ලක්විය හැකියි කියලා ඒ අය හිතන නිසා. මෙය වලක්වාගැනීමට ලෝකයේ සැවොම එකම භාෂාවකින් එකතු කරගන්න හැකිවුණොත් සමාජයේ කාන්තාවන්ට එම හිරිහැරය සැලකිය යුතු ලෙස අවම කරගන්න පුලුවන් වෙයි.මුලු ලෝකයම එකම විදියට භාවිතා කරන සංඥා 8ක් පමණයි තිබෙන්නේ. අපි හඳුන්වාදෙන මේ සංඥා 3 ලෝකයට ගිය විට මුලු ලෝකයම එකම ආකාරයට භාවිතා කරන සංඥා ගණන 11ක් වෙයි”

ඩීපී එඩියුකේශන් නිර්මාතෘවරයා වන ධම්මික පෙරේරා මහතා මේ ලෙසින් අදහස් ප්‍රකාශ කරේ පසුගිය 10 වෙනිදා ජනාධිපති  රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, කථානායක මහින්ද යාපා අබේවර්ධන, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් නියෝජිත කුන්ලේ අදේනී ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ ගිහි පැවිදි දෙපාර්ශ්වයම මධ්‍යයේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති ඩීපී එඩියුකේශන් – හිංසන විරෝධී ගෝලීය අභිනයන් සමාජගත කිරීමේ වැඩසටහන අතරවාරයේදීය.

කාන්තාවක් පොදු ස්ථානයකදී හිංසනයට ලක්වීම ලංකාවට පමණක් නොවෙයි ලෝකයටම පොදු ගැටලුවක්. මහමාර්ගයේදී, බස් රියේදී හෝ වෙනත් ස්ථානයකදි අපහසුතාවයට ලක් වුවත් ඒ වෙනුවෙන් හඬ නගා ඉදිරිපත් වෙන්නේත්, තමන් ඇතුළු සමස්ත කාන්තා ප්‍රජාව වෙනුවෙන්ම පියවරක් ඉදිරියට තබන්නේත් ඉතාම සුලු ප්‍රමාණයක්. බොහෝ විට එයට හේතුව වන්නේ ප්‍රසිද්ධ ස්ථානයක තමන්ට වූ අතවරයක්, අපහසුතාවයක් සම්බන්ධව හඬ නැගීම තමන්ව තවදුරටත් අපහසුතාවයට ලක් කරන්නක් බව බොහෝ දෙනා විශ්වාස කිරීමයි.

ඒ නිසාමයි ඩීපී එඩියුකේශන් මූලිකත්වයෙන්, කාන්තාවක් පොදු ස්ථානයකදී ලිංගික හිංසනයකට ලක් වූ විට, ඒ බව සරල අභිනයක් ඔස්සේ බාහිරට ප්‍රකාශ කරමින් ආරක්ෂාවීමට හැකි ලෙස, ඒ පෙරදැරිකරගත් සංඥා ත්‍රිත්වයක් හඳුන්වාදීම සිදුවන්නේ.

මෙය කාන්තාවන් සවිබලගැන්වීමේ අරමුණින් ක්‍රියාත්මක වූ එම පන්නයේ ලොව පළමු වැඩසටහන වීම ඉමහත් ආඩම්බරයක්.

ඒ යටතේ කාන්තාවක් පොදු සමාජයේ සැරිසැරීමේදී කිසිවකු අතින් ලිංගික හිංසනයකට ලක්වේ නම් එය හස්ත මුද්‍රාවන්ගෙන් දැක්විය හැකි ‘ඔබ මට හිරිහැරයක්’ යන අභිනයත්, ඒ බැව් අභිනයෙන් ප්‍රකාශ කර සිටියදී තවදුරටත් එම හිංසනය ක්‍රියාත්මක වේ නේ ‘ඔබ මට හිරිහැරයක්. මට අන් අයගේ උදව් අවශයයි’ යන අභිනයත්, කාන්තාව ලිංගික හිංසනයට ලක්කළ පුද්ගලයා තමා කළ වරද තේරුම් ගතහොත් එම අභිනයන්ට ප්‍රතිචාර දැක්විය හැකි “මට සමාවෙන්න, මම එසේ නොවන්නම්” යන අභිනයත් මේ ඔස්සේ හඳුන්වාදෙන ලදී.

මෙම උත්සවය සඳහා සහභාගී වූ අතිගරු ජනාධිපතු රනිල් වික්‍රමසිංහ මහතා “හිංසන විරෝධී ගෝලීය අභිනය රටක ව්‍යවස්තාවෙන් නීතියෙන් ඔබ්බට ගොස් කාන්තාව ආරක්ෂාකරදීමේ මගක්” ලෙස පැවසූ අතර කාන්තා හිංසනයට එරෙහි වගන්ති ව්‍යවස්තාව තුළ තිබුණද, ඒ සඳහා නීති පනවා තිබුණද කාන්තාව හිංසනයෙන් මුලුමනින්ම ගලවා ගැනීම සඳහා ඒවා ප්‍රමාණවත් නොවන බවත්, එනිසාම මෙවන් ක්‍රියාමාර්ග වඩා වටිනා බවත් වැඩිදුරටත් අදහස දැක්වූවා.

ධම්මික පෙරේරා මහතාගේ සංකල්පයන් අනුව ක්‍රියාත්මක වන අනෙකුත් වැඩසටහන් ගැන ද තම කෘතවේදීත්වය පළකළ ජනපතිවරයා පැවසූවේ “මේ රටේ අපි නිදහස් අධ්‍යාපනය ලබාදුන්නාට හැමෝටම එය එක මට්ටමෙන් ලබාදෙන්න බැහැ. එහෙම තියෙද්දිත් ඩීපී එඩියුකේශන් ඔස්සේ හැමෝටම එකම මට්ටමෙන් අධ්‍යාපනය ලැබිය හැකි අන්දමේ අලුත් පංති කාමරයක් හැදීම ගැන අපි ස්තුතිවන්ත වෙන්න ඕන” බවයි.

ඒ ඔස්සේ ඩීපී එඩියුකේශන් අද දින අපට මේ උරුමකර දී තිබෙන්නේ අනාගත අධ්‍යාපනයෙන් කොටසක් බවත් වැඩිදුරටත් ප්‍රකාශ කරා.

තමා දියණියන් තිදෙනෙකුගේ පියෙකු ලෙස ලොව වාසය කරන තවත් දියණියක, කාන්තාවක වෙනුවෙන් ඩීපී එඩියුකේශන් ඔස්සේ, ධම්මික පෙරේරා මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වූ කාන්තා හිංසන විරෝධී අභිනයන් ජනගත කිරීම ඉතාමත් විශිෂ්ට ක්‍රියාවලියක් ලෙස හඳුන්වාදෙන්න අපට හැකියාව තිබෙනවා.

එසේම ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යයනයන්ට අනුව සැකසූ පෙරපාසල් දහසක් සමග “ඩීපී කිඩ්ස්” වැඩසටහනද, මෙරට පාසල් අධ්‍යාපනයේ යෙදෙන දරුවන් අතරින් තුනෙන් එකක් විසින් පරිහරණය කරනු ලබන ඩීපී එඩියුකේශන් වැඩසටහනද, පවුල් 122,000ක් දරුවන් සම්බන්ධ වන “ඩීපී අයි.ටී කැම්පස්” මෙන්ම පාසල් 675කට ස්මාර්ට් පංති කාමර ආදියද පිරිනමමින් මෙරට අධ්‍යාපනය වඩ වඩාත් ශක්තිමත් කරන්නට ඩීපී එඩියුකේශන් සහ එහි නිර්මාතෘවරුන් විසින් කල මෙහෙම මෙම උත්සවයේදී වඩ වඩාත් ඇගයීමට ලක්වුණා.

DP Education හි මෙම මුලපිරීම කාන්තාවන්ට කතා කිරීමකින් තොරව උපකාර සඳහා සංඥා කිරීමට මාර්ගයක් සපයන අතර, පොදු ස්ථානවල ඔවුන්ගේ දුක්ඛිත තත්ත්වය සන්නිවේදනය කිරීම පහසු කරයි. මෙම සරල අභිනයන් හඳුන්වා දීමෙන්, කාන්තාවන්ට පොදු ස්ථානයකදී වන හිරිහැරවලට එරෙහිව වඩා පහසු සහ ආරක්ෂිත පියවරක් ගැනීමට ඉඩ සලසයි . මෙම වැඩසටහන කාන්තාවන්ට විශ්වාසයෙන් හා ආරක්‍ෂාවෙන් සිටිය හැකි ආරක්‍ෂිත පොදු අවකාශයන් නිර්මාණය කිරීම වෙනුවෙන් තබන ලද ශක්තිමත් එමෙන්ම වැදගත් පියවරක් ලෙස හඳුන්වාදිය හැක.

කාන්තාවන් මෙම අභිනයන් භාවිතා කරන විට, එය ප්‍රජාව සහ සහයෝගීතාව පිළිබඳ හැඟීමක් පෝෂණය කරමින් උපකාර කිරීමට අවට සිටින්නන් දිරිමත් කරයි. මෙම මුලපිරීම මගින් කාන්තාවන්ට හිරිහැරයට එරෙහිව නැගී සිටීමට බලය ලබා දෙන අතර එවැනි හැසිරීම් නොඉවසන බවට ප්‍රබල පණිවිඩයක් සමාජගත කරයි.

මෙම අභිනයන් ගැන වැඩි පිරිසක් ඉගෙන ගන්නා සහ හඳුනා ගන්නා විට, අපට සැබෑ වෙනසක් ඇති කරන ආධාරක ජාලයක් නිර්මාණය කළ හැකිය. මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට පමණක් නොව සෙසු ලෝකයටම ආදර්ශයක් සපයන්නකි.

 සියලු දෙනාටම පොදු අවකාශයන් ආරක්ෂිත බව පිළිගැනීමට ලක් කිරීමට මෙන්ව වැඩසටහන් ඔස්සේ අපට එක්ව කටයුතු කළ හැක.

සුපරීක්ෂාකාරී සමාජයක පුරවැසියන් වීමට සහ සෑම පුද්ගලයෙකුටම නිදහසේ සහ බියකින් තොරව සමාජයට ප්‍රවිශ්ඨ විය හැකි බව සහතික කිරීමට අපි සැවොම කැප වෙමු!

admin

admin

Next Post
කුරුණෑගල ඩීපී එඩියුකේෂන් අයි ටී කැම්පස් සහතික පත්‍ර ප්‍රදානෝත්සවය

කුරුණෑගල ඩීපී එඩියුකේෂන් අයි ටී කැම්පස් සහතික පත්‍ර ප්‍රදානෝත්සවය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

DP Education - Blog

© 2023 Dhammika & Priscilla Perera Foundation

Navigate Site

  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්

Follow Us

No Result
View All Result
  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්

© 2023 Dhammika & Priscilla Perera Foundation