ලංකාව වැනි රටක දරුවන්ට අනාගතය වඩා යහපත් කරගැනීමට ලැබී ඇති එකම දායාදය වන්නේ ලාංකේය නිදහස් අධ්‍යාපන ක්‍රමවේදය. ඒත් ඇත්තටම ලංකාවෙ අපි කතා කරන මේ නිදහස් අධ්‍යාපනය ඇත්තටම නිදහස්ද යන කාරණාව අපි සියලුම දෙනාට ගැටලුවක්.
කොළඹ සහ එම නාගරික ප්‍රදේශ වල හිඳින දරුවන්ට පාසල් මට්ටමෙන්, අතිරේක අධ්‍යපන මෙවලම් මට්ටමෙන් තමන්ගේ දැනුම වඩාත් ඔපමට්ටම් කරගන්න හැකියාව සහ අවස්තාව තියෙනවා. ඒත් ලංකාවෙ ඇත දුශ්කර ගම්වල ඉන්න දරුවන්ට ඒ වරප්‍රසාද හිමිවන්නෙ ඉතාම කලාතුරකින්.
ඩීපී එඩියුකේෂන් අධ්‍යාපන වේදිකාව ලාංකේය සිසු ප්‍රජාව අතරේ මෙතරම්ම ජනප්‍රිය වෙන්නත් හේතුව වන්නේ ලංකාවේ අස්සක් මුල්ලක් නෑර විසිරී සිටින සියලුම දරුවන් වෙනුවෙන් එක හා සමාන අධ්‍යාපනික මෙවලක්, පාඩම් මාලා, පාඨමාලා ප්රදානය කරන්න කැපවීම නිසාමයි. සියලුම දරුවන්ට එක හා සමාන අධ්‍යාපනයක් යන මෙහෙවර ඉටු කරන්නට නිරත්තරයෙන් කැපවෙන ඩීපී එඩියුකේෂන් ආයතනය ලාංකේය සිසු ප්‍රජාව වඩාත්ම ඉහළ තලයක තැබීම අමුත්තක්, පුදුමයක් නොවන්නේ අන්න ඒ නිසාමයි.
දැයේ දරුවන් වෙනුවෙන් ගුණාත්මක අධ්‍යාපනයක් නොමිලේ සැපයීමේ මෙහෙවරක නිරත වන ඩීපී එඩියුකේෂන්, 2024 Calin Popular Awards උළෙලේදී විශේෂ ඇගයීම් සම්මානයෙන් පිදුම් ලබමින්, සමාජයේ විශාල දායකත්වයක් ලබාදෙන නාමයක් බවට පත්වී තිබෙන්නේත් ඒ නිසාමයි.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්රය දිගු ඉතිහාසයකින් සමන්විත, ජනතාවගේ ඉල්ලුමට සරිලන ගුණාත්මක අධ්‍යාපනයක් සැපයීම තුළින් දරුවන්ගේ අනාගතය වඩා යහපත් කිරීමට උපායශීලිව කටයුතු කරනවා. එහෙත්, ගොඩක්ම ඈත ගම්වල දරුවන්ට අධ්‍යාපනය සීමා වී තිබීම, අවශ්‍ය පහසුකම් ලබා නොදීම, විවිධ ආර්ථික හා සමාජීය කාර්යබාධකයන් නිසා අධ්‍යාපනය ලබන්නට නොහැකිවීම වැනි ගැටලු අද ශ්‍රී ලංකාවේ මතු වෙනවා. මේ තත්වය මධ්‍යයේ ඩීපී එඩියුකේෂන් නොමිලේ අධ්‍යාපන අවස්ථා සැපයීමේ මෙහෙවරේ නියැළීම දැවැන්ත උපකාරයක් වී තිබෙන බව කියන්නෙ අප නොවෙයි අප සමග එක්වී සිටින අපේ සිසු ප්රජාවමයි.
ඉදිරියේදී දරුවන්ට අධ්‍යාපනය ලැබීම පමණක් නොව, එම අධ්‍යාපනය ගුණාත්මක සහ ප්‍රායෝගික දැනුමකින් සමන්විත විය යුතු බව අප හැමෝම හොඳින්ම දන්න කරුණක්. ඩීපී එඩියුකේෂන් විසින් මෙය සැලකිල්ලට ගනිමින්, දරුවන්ගේ දැනුම වර්ධනය කිරීම සඳහා විශිෂ්ට පාඨමාලා නිර්මාණය කිරීමෙන් පමණක් නොව, පර්යේෂණ හා අධ්‍යාපන නවීන ක්‍රමවේද එක්කොට, දරුවන්ගේ අනාගතය හොඳින් සැලසුම් කරන ක්‍රියාවලියක් නිර්මාණය කරනවා.
මෙම ක්‍රියාකාරකම් තුළින් දරුවන්ගේ මූලික අයිතීන්ගෙන් එකක් වන අධ්‍යාපනය සඳහා වූ ප්‍රවේශය ඉතාමත්ම සාර්ථක අයුරින් පුළුල් කරමින්, සියලු දරුවන්ට නිදහස් හා සාර්ථක අධ්‍යාපනයක් ලබාගැනීමේ අයිතිය ඉටුකරමින් විශිෂ්ට උදාහරණයක් සපයයි.
ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගෝලීය අධ්‍යාපන ක්‍රමවලට වඩා වෙනස් තත්වයක පිහිටා ඇති අතර, මෙහිදී විෂයමය දැනුමටම වැඩි අවධානය යොමු කෙරෙනවා. අන්තර්ජාතික අධ්‍යාපන ක්රමවලදී විෂයමය දැනුමට පමණක් සීමා නොවී, දරුවන්ගේ ක්‍රියාශීලි මනස වර්ධනය කිරීමට, නව නිර්මාණාත්මක චින්තන වර්ධනය කරා හැරවීමට සහ තාක්ෂණික හා පර්යේෂණාත්මක නවෝත්පාදන ගොඩනගන ලෝක සමාජයට සාපේක්ෂව දරුවන් සූදානම් කිරීමට වැඩි අවධානයක් යොමු කෙරෙනවා.
ඩීපී එඩියුකේෂන්, ශ්‍රී ලංකාවේ දරුවන්ට අත්‍යවශ්‍ය වන ගුණාත්මක අධ්‍යාපනය නොමිලේ සැපයීම තුළින් මෙහි ඇති හිඟයක් පුරවා, ගෝලීය අධ්‍යාපන ක්‍රමවේදයන්ට සමීප කරමින්, මෙරට දරුවන්ට වඩා හොඳ අනාගතයක් අත්කර දීමට පියවර ගනු ලබනවා. මෙයට අමතරව, ඩීපී එඩියුකේෂන් විසින් සංවිධානය කරන පාඨමාලා හා වැඩමුළු මඟින් දරුවන්ට පෞරාණික අධ්‍යාපන ක්‍රමවලට අමතරව, නව තාක්ෂණික හා සමාජීය ක්‍රමවේදයන් පිළිබඳව දැනුවත් කිරීමත් සිදු කරනවා. .
මෙම උත්සාහයන් තුළින් දරුවන්ගේ සිහින සැබෑ කරවා ගනිමින්, ඔවුන්ව ලෝකයේ ඕනෑම තරගකාරී අවස්ථාවකට සූදානම් කිරීමටත්, මෙන්ම ගෝලීය මට්ටමේ හැකියාවන් ගොඩනැඟීමටත් උපකාරී වන හෙයින්, දරුවන්ගේ අනාගතය වෙනස් කෙරේ. මෙසේ, ඩීපී එඩියුකේෂන් ගෝලීය අභියෝගයන්ට මුහුණදීමට සුදානම් ශ්‍රී ලාංකේය දරුවන් කණ්ඩායමක් සාදා ගැනීමේ මෙහෙවරක් බවට පත්වී තිබේ.
අප සමාජය තුළ අධ්‍යාපන සාර්ථකත්වයේ මුල්ම කේන්ද්‍රස්ථානය වන දරුවන්ගේ හැකියාවන්, රුචි අරුචිකම්, හා සිහින සවිමත් කිරීම සඳහා පමණක් නොව, ඔවුන්ගේ නව නිර්මාණාත්මක හැකියාවන්ද අවබෝධ කර ගැනීමට කටයුතු කරනවා.
ඉතින් ඩීපී එඩියුකේෂන් විසින් 2024 Calin Popular Awards උළෙලේදී ලැබූ මෙම විශේෂ ඇගයීම සමාජය පුරාම වැනි දහස් ගණනක් දරුවන්ගේ අධ්‍යාපන අයිතීන්, සහ ඔවුන්ගේ අනාගතයේ ඇති ප්‍රබලත්වය පිළිබඳව නිශ්චිතව සහතික කළ උපරිම ප්‍රමිතියක් ලෙස සලකන්නට හැකියාව තිබෙනවා.