DP Education
  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්
DP Education
  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්
No Result
View All Result
DP Education
No Result
View All Result

“සාමාන්‍ය පෙළින් දිවයිනේ හතරවෙනි තැනට එන්න මට උදව් කලේ ඩීපී එඩියුකේෂන්” – නඳුනි පමුදිතා රණවක

admin by admin
January 21, 2025
in ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
0
“සාමාන්‍ය පෙළින් දිවයිනේ හතරවෙනි තැනට එන්න මට උදව් කලේ ඩීපී එඩියුකේෂන්” – නඳුනි පමුදිතා රණවක

“මගේ නම නදුනි පමුදිතා රණවක. මම 2023 අපොස සාමාන්‍ය පෙළ විභාගයෙ දිවයිනේම සිව්වන ස්ථානය ලබාගත්තා. ඉතින් ඇත්තටම කියන්න ඕන මට ගොඩක් සතුටුයි. මම ඉගෙනුම ලබන්නෙ ගාල්ල සංඝමිත්තා බාලිකා පාසලේ. එක වසරෙ ඉඳලා මේ වෙනකල් උගන්නපු සියලුම ගුරු මෑණිවරුන් පියවරුන් මේ වෙලාවෙ හරි ආදරෙන් මතක් කරනවා. මගේ මේ ජයග්‍රහණය වෙනුවෙ අම්මා, තාත්තා, ආච්චි, සීය වගේ පවුලෙ හැමෝම ලොකු සහයෝගයක් දුන්නා. ඒ වගේම ගොඩක් කැපකිරීම් කරා. මේ අවස්තාවෙ මගෙ ජයග්‍රහණයෙදි අමතකම කරන්න බැරි තවත් කෙනෙක් තමයි ඩීපී එඩියුකේශන්.ඇත්තටම කොවිඩ් වසංගත කාලයේ අපට අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් අධ්‍යාපන කටයුතු මදක් මග හැරුණා. ඉතින් ඉස්කෝලෙ යන්නත් බැරුව අපි ඔන්ලයින් තමයි ගොඩක් වෙලාවට පාඩම් වැඩ කටයුතු කරගත්තෙ”

තමන් මුහුණ දුන්න අපොස සාමාන්‍ය පෙළ විභාගය ඉහලම ලකුණු එක්ක, දිවයිනේ සිව්වන ස්ථානය ලබාගෙන ජයග්‍රහණය කරපු නදුනි පමුදිතා රණවක තමයි මේ විදියට තමන්ගෙ අදහස් අපිත් එක්ක බෙදාගත්තෙ.

ලංකාවේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය කියන්නේ හැම දරුවෙකුගේම ජීවිතේ හරිම වැදගත් සන්ධිස්තානයක්. මේ විභාගයට සාර්ථකව මුහුණ දෙන්න පාසල් යන වයසෙ දරුවො ඉතාම ඇප කැප වෙලා වැඩ කරනවා. සෑහෙන්න තරඟකාරිත්වයක් තියෙනවා, එතකොට එයට සූදානම් වෙන්න උනන්දුවෙන් ඉගෙන ගන්නත් වෙනවා. විභාගයේදී හොඳ ප්‍රතිඵල අරගන්න අරමුණෙන් අවුරුදු ගාණක් ඉගෙන ගන්න දේවල් පැය කිහිපයක් ඇතුලෙ පරික්ෂාවට ලක්කරලා, තමන්ගේ දක්ෂතාවය හොඳටම පෙන්වන්න ඕන. තරගකාරිත්වය එක්ක මේක දරුවන්ට පීඩනයක් විදියට දැනෙන්න පුලුවන් කියන එකත් අමතක කරන්න බෑ. හොඳම උදාහරණය තමයි පසුගිය කොවිඩ් කාලයේ පාසල් සහ අතිරේක පංති වැසී යාමත් එක්ක දරුවන්ට සුපුරුදු විදියට තමන්ගෙ අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යන්න බැරිවුන එක.

ඒ හේතුව නිසාම දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමවේදයක්ට හුවමාරු වෙන්න පුලුවන් වුණත් සියලු විෂයයන් ආවරණය කරන, පලපුරුදු ගුරුවරුන් යොදාගෙන පරීක්ෂණ සහ අධ්‍යයන කරුණු ගැන කතාබස් කරන එක වේදිකාවක් හොයාගන්න එක අසීරු දෙයක් වෙන්න තිබුනා ඩීපී එඩියුකේෂන් අධ්‍යාපන වේදිකාව ඒ කාලෙ දරුවන්ට තිබුනේ නැත්තම්.

මේ අභියෝග හමුවේ දරුවන්ට අත්වැල් සපයන විශිෂ්ට අධ්‍යාපන වේදිකාවක් වගේ, ඩීපී එඩියුකේෂන් දරුවන්ට හොඳම අධ්‍යාපන කේන්ද්‍රයක් වෙලා තිබෙනවා. ඔවුන් ඒකෙන් සරලව පැහැදිළිව පාඩම් කියලා දෙන්න, විෂය අපේක්ෂාවන් ඉක්මවා යා හැකි ආකාරයට ගුරුවරුන්ගෙන් සහය ලබා දෙන්නත් කටයුතු කරනවා. විශේෂයෙන්ම, එතන තියෙන දැනුම, සැලසුම් සහ විශිෂ්ට විෂය සැලසුම්, දරුවන්ට විභාගයට මුහුණ දීමට විශ්වාසය ලබා දෙනවා.

ඩීපී එඩියුකේෂන් අත්දැකීම් සහ මාර්ගෝපදේශයෙන් දරුවන්ට තමන්ගේ ඉගෙනීමේ හැකියාවන් වඩා හොඳ තත්ත්වයකට පත්කරගෙන විභාගයට ලෑස්ති වෙන්න, ඒවගේම අනාගතයට සාර්ථක පිවිසීමක් ලබා දෙනවා.

“මම හැමදම ඩීපී එඩියුකේෂන් ඔස්සේ පාඩම් නරඹන්න පුරුදු වුනා. ඇත්තටම ඉතාම ලස්සනට, පිලිවෙලට වගේ හරිම සජීවි විදියට ඩීපී එඩියුකේෂන් එක්ක එකතුවෙලා ඉන්න ගුරුවරුන් ඒ පාඩම් අපිට කියලා දෙනවා. ඉස්කෝලෙ ටීච පාඩම් උගන්නන්නත් කලින් සමහර වෙලාවට මම ඩීපී එඩියුකේෂන් පාඩම බලනවා.පාඩමක ගැටලුවක් ආව වෙලාවට මම සමහර වෙලාවට ඉස්කෝලෙ ටීචට ඒ ගැටලුව යොමු කරන්න කලින් ඩීපී එඩියුකේෂන් බලලා ඒ ගැටලුව විසඳගත්ත අවස්තාත් තියෙනවා. ස්වයං අධ්‍යයනයෙදි ඩීපි එඉඩ්‍යුකේෂන් මට ලොකු සහයක් වෙලා තියෙනවා” කියලත් අපිත් එක්ක කියන්න නඳුනි අමතක කලේ නැහැ.

ඩීපී එඩියුකේෂන් දරුවන්ට විභාගය පිළිබඳ ගැටළු සහ අවිනිශ්චිතභාවය ජයගැනීමට අභිප්‍රේරණය ලබාදීමේදී විශේෂ භූමිකාවක් රඟදක්වනවා. තමන්ටම විශ්වාසයක් ඇතිකර ගැනීමට සහ ඒ ප්‍රතිඵලය ගැන අරමුණක් තබාගෙන, එයට සුදානම් වීමට ඔවුන්ට ශක්තිමත් වෙන්න විවිධ කටයුතු කරනවා.


ඩීපී එඩියුකේෂන් එක් එක් විෂය සඳහා වෙනස්ම ක්‍රමවේද භාවිතා කරනවා. ඒවා දරුවන්ට විෂය පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබා දී අලුත්ම ඉගෙනීමේ ක්‍රමවේද හඳුන්වා දෙනවා. මෙය ඔවුන්ගේ දැනුම වර්ධනය කරන අතර, ප්‍රශ්න අහන්න හැකි ආරක්ෂිත අවකාශයක් ලබා දීම මඟින් විභාග සාර්ථක වීමට පහසු කරනවා.


ඩීපී එඩියුකේෂන් මගින් දරුවන්ට සාමාන්‍ය පෙළ විභාගයේ තරඟකාරිත්වය හමුවේ නිවැරදි ඉලක්කයක් සකස් කරගන්නta විශේෂ උපදෙස් ලබාදෙනවා. මෙය ඔවුන්ගේ සාර්ථකත්වයට මග පහසු කරන අතර, තමන්ගේ අරමුණට ළඟා වීම වඩා ඵලදායී සහ පහසු කරන්නටත් හේතු වෙන බව කිව යුතුමයි.


ඩීපී එඩියුකේෂන් මගින් දරුවන්ට විභාග අත්දැකීම ජීවිතයේ සාර්ථකත්වයට ගෙනයාමට ප්‍රවීණත්වය සහ මූලික කුසලතා ලබාදෙනවා. මේ අත්දැකීම ඔවුන්ගේ ජීවිතයේ මූලික සලකුණක් වෙලා, අනාගතය සඳහා හොඳ පදනමක් හදනවා.


“ඩිපී එඩියුකේෂන් අධ්‍යාපන වේදිකාව හදපු එක ගැන මම ධම්මික පෙරේරා මහතාට ඉතාම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මට සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙන නංගිලා මල්ලිලට කියන්න තියෙන්නෙ ඉස්කෝලෙන් සහ අතිරේක පංතිවලින් ලැබෙන උදව්වට අමතරව ඩීපි එඩියුකේෂන් එක්ක එකතුවෙලා විභාගයට උදව් ලබාගන්න කියලා”

ඉතින් නඳුනිගේ මේ ජයග්‍රහණය අපට කියාපාන්නෙ එකම එක දෙයක්.

ඒ, ශීඝ්‍රයෙන් වෙනස් වන ලෝකයක අභියෝගවලට සාර්තකව මුහුණ දෙන්නට, අධිෂ්ඨානය, සහයෝගය සහ නිවැරදි මෙවලම් භාවිතා කිරීම වඩා යහපත් ප්‍රතිඵල සහ ජයග්‍රහන ලබා දෙන බවයි.

Tags: best websiteDP EducationFree EducationInternational LanguagesLearn Free
admin

admin

Next Post
1 – 13 දක්වා පාසල් දරුවන්ගේ අධ්‍යාපනය තාක්ෂණයෙන් පෝෂණය කරන ඩීපී එඩියුකේෂන්

1 – 13 දක්වා පාසල් දරුවන්ගේ අධ්‍යාපනය තාක්ෂණයෙන් පෝෂණය කරන ඩීපී එඩියුකේෂන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

DP Education - Blog

© 2023 Dhammika & Priscilla Perera Foundation

Navigate Site

  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්

Follow Us

No Result
View All Result
  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්

© 2023 Dhammika & Priscilla Perera Foundation