DP Education
  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්
DP Education
  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්
No Result
View All Result
DP Education
No Result
View All Result

ඩීපී එඩියුකේශන් ඔස්සේ ජීවිතය ජයගත් දරුවන්

ඩීපී එඩියුකේශන් ඔස්සේ ජීවිතය ජයගත් දරුවන්

admin by admin
September 20, 2024
in ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
0
ඩීපී එඩියුකේශන් ඔස්සේ ජීවිතය ජයගත් දරුවන්

“මගේ වයස දැන් අවුරුදු දහ තුනයි. මම දැන් ඩීපී එඩියුකේශන් කෝඩින් පාසලේ ප්‍රොජෙක්ට් 324ම අවසන් කරලා මොරටුව විශ්ව විද්‍යාලයේ වර්ඩ් ප්‍රෙස් පාඨමාලාව හදාරනවා. මේ වෙද්දි මම ඇප් හදලා තියෙනවා. වෙබ් සයිට් තුනක් හදලා තියෙනව. මම හැදුව ඇප් එක වෙදර් ඇප් එකක්. ඒකෙන් පුලුවන් ලෝකෙ තියෙන ඕනම රටක, ඕනම තැනක වෙදර් එක අපිට ඒ වෙලාවෙ බලාගන්න පුළුවන්

මම දැනට හදලා තියෙන්නෙ මේ වෙලාවෙ පවතින කාලගුණ තත්ත්වයන් පෙන්වන වෙදර් ඇප් එකක්. මට දැන් උවමනා කරන්නෙ ප්‍රදේශීය මට්ටමෙන් අයහපත් කාලගුණ තත්ත්වයන් පෙන්නුම් කරන වෙදර් ඇප් එකක් බවට ඒක තවත් දියුණු කරගන්න”

මේ විදියට හෝමාගම විල්ෆ්‍රඩ් සේනානායක ක්‍රීඩාංගනයේදී පසුගිය 11 වන දා පැවැත්වුණ බස්නාහිර පළාතේ ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් හි සිසු සිසුවියන් ඇගයීමේ සහතිකපත් ප්‍රදානෝත්සවය අතරවාරයේදි තමන් ඩීපී එඩියුකේශන් ඔස්සේ ලබාගත් දැනුම ඉදිරියට ඒ දැනුම තවත් වර්ධනය කරගන්න පුළුවන් ආකාරය ගැන අදහස් දැක් වුවේ අවුරුදු 13ක් වයසැති පුංචි පුතෙක්.

ලෝකය දැන් හරිම දියුණුයි. ඒ දියුණුව සහ ඒ දියුණුව නිසා උරගා බලන්න ලැබුණු අවස්ථාවන් සහ ඉඩකඩ ඔස්සේ තමන්ගේ දක්ෂතා උරගා බලන්න තරම් අපේ පොඩ්ඩි හරිම දක්ෂයි. ඒ නිසාම තමයි අපේ  රටේ ඉන්න මේ වගේ පුංචි වැඩ්ඩන්ව තව තවත් අධ්‍යාපනයෙන් සන්නද්ධ කරන්න, ඔවුන්ව අනාගතයේදී ලෝකයම ජයගන්න පුළුවන් දරුවන් බවට පත්කරන්න පුළුවන් අන්දමේ අධ්‍යාපනික මෙවලම් සහ තාක්ෂණ කුසලතා අවශ්‍ය වන්නේ.

ධම්මික පෙරේරා මහතාගේ සංකල්පයක් අනුව බිහිවුණ ඩීපී එඩියුකේශන් ආයතන මෙතරම්ම වැදගත් වන්නේත් අන්න ඒ අනාගතය ලෝකය සහ ඒ ලෝකයේ ඉදිරියට යා හැකි මාර්ග ගැන දැන්ම තියා දුරදක්නා නුවණින් දකින්න පුළුවන් වුණ නිසා.

ඩීපී එඩියුකේශන් ආයතනය, රටවටා අයිටී කැම්පස් විශාල ප්‍රමාණයක් මෙහෙයවමින්, ඩීපී එඩියුකේශන් වෙබ් අඩවිය සහ යූ ටියුබ් නාලිකාව ඔස්සේ සාමාන්‍ය පෙළ, උසස් පෙළ, තාක්ෂණය, භාෂා ප්‍රවීණත්වය වැනි දේවල් පිළිබඳව පවා දැනුමට යමක් එකතුකරමින් කරගෙන යන මේ මහගු වගකීම, යුතුකම ඇත්තෙන්ම අගය කල යුතුමයි.

“දුප්පත්කම තුරන් කල හැකි යතුර අධ්‍යාපනය” බවට ධම්මික පෙරේරා මහතා කියන කතාව සත්‍යයක්. අනාගතය ලෝකය ජයගන්න අපිට හැකියාව ලැබෙන්නේ ඒ අනාගත ලෝකය තුළ අපිට කෙතරම් නම් කාලයක් සාර්ථකව, ස්ථාවරව ඉන්නට පුළුවන්ද කියන කරුණ මත.

“පාසල් පද්ධතිය තුළ ටැබ්ස් අනූ හත්දාහක් තියෙනවා, කම්පියුටර්ස් හැටදාහක් තියෙනවා. හැබැයි මේ කිසිම එකකට ප්‍රෝග්‍රෑම් එකක් නෑ. ප්‍රෝග්‍රෑම් එකක් නැතුව මේ කිසිම දේකින් තේරුමක් නෑ. ප්‍රෝග්‍රෑම් එකක් නැතුව කොහොමද දෙයක් ඉගෙන ගන්නෙ? අපි අපේ පළවෙනි ප්‍රොජෙක්ට් 100න් දරුවන්ට කියලා දෙන්නෙ ප්‍රශ්න විසඳන විදිය. ප්‍රශ්න විසඳන්න ඉගෙන ගත්ත දරුවෙක් කවදාවත් දුප්පතෙක් වෙන්නෙ නැහැ” මේ උත්සවය අතරවාරයේ තමන්ගේ අරමුණ ගැන සහ රටේ අනාගතය ගැන අදහස් දක්වමින් ධම්මික පෙරේරා මහතා දැරුවේ මෙන්න මේ වගේ අදහසක්.

අපේ රටේ අධ්‍යාපනය බොහෝ කාලයක් තිස්සේ දරුවන්ටා පුරුදු පුහුණු කලේ පොත්වල ලියා තියෙන කරුණු එලෙසින්ම කටපාඩම් කරන ප්‍රශ්නයට පිළිතුරු ලියන්න පමණයි. ඒ ඇරෙන්න ප්‍රශ්නයක් අලුතෙන්ම සිතා විසඳන ආකාරය ගැන දැනුමක් හෝ අත්දැකීමක් අපේ දරුවන්ට ලබා දෙන්න තරම් අපේ අධ්‍යාපන ක්‍රමය පොහොසත් නැහැ.

නමුත් ඒ යල්පැනගිය ක්‍රමවේදයන් වෙනස් කර, ප්‍රශ්න අසමින් ඉගෙන ගන්න, ප්‍රශ්න වලට පිළිතුරු සොයාගන්න තැනකට දරුවන්ව රැගෙන එන්න ඩීපී එඩියුකේශන් ඔස්සේ ලබාදෙන දැනුමට සහ අවස්තාවන්ට හැකියාව සහ ඉඩකඩ ලැබී තිබෙනවා.

අනාගතය ලෝකය තුළ තාක්ෂණික දැනුම නොමැතිව අපිට කරන්නට හැකි දෙයක් නොමැති තරම්. අනාගත ලෝකය සැකසිලා තියෙන්නෙම තාක්ෂණය මුල් කරගත් අත්තිවාරමක් උඩ. ඒ අත්තිවාරම උඩ ගොඩනැගෙන රැකියා අවස්තාවන් පවා තාක්ෂණය මුල් කරගෙන ගොඩනැගෙන ඒවා.

අපේ රටේ අනාගතය අපේ දරුවන්. ඒ දරුවන් අද දවසේ ලබාගන්නා දැනුම තමයි ඔවුන් හෙට දවසේ රටේ ආර්ථිකය ගොඩනගන්න යොදාගන්නේ. හෙට දවසේ රට සහ රටේ ආර්ථිකය හොඳ තැනකට රැගෙන යන්නට නම් අපි අද දවසේ අපේ දරුවන්ට ලබා දිය යුතු වන්නේත් හොඳම දේ.

ඩීපී එඩියුකේශන් ආයතනය ගම් නියම්ගම් සිසාරා යමින්, අධ්‍යාපනය සැමටම ප්‍රවේශ විය හැකි දෙයක් බවට සාමාන්‍යකරණය කරමින් කරන මේ මෙහෙවර වැදගත් වන්නේ ඒ නිසමයි. ඩීපී එඩියුකේශන් මගින් අද දැනුමෙන් සන්නද්ධ කරන දරුවන්ට හෙට දවසේ රට භාරදෙන්නට අප බිය නොවිය යුත්තේත් ඒ නිසාමයි!

admin

admin

Next Post
ඩීපී එඩියුකේශන් කෝඩින් තරගාවලියෙන් ජය ලැබූ මහ ජනාධිපති විද්‍යාලයේ දරුවන් ඇගයීම

ඩීපී එඩියුකේශන් කෝඩින් තරගාවලියෙන් ජය ලැබූ මහ ජනාධිපති විද්‍යාලයේ දරුවන් ඇගයීම

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

DP Education - Blog

© 2023 Dhammika & Priscilla Perera Foundation

Navigate Site

  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්

Follow Us

No Result
View All Result
  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්

© 2023 Dhammika & Priscilla Perera Foundation