DP Education
  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්
DP Education
  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්
No Result
View All Result
DP Education
No Result
View All Result

කලා අංශයෙන් උසස් පෙළ පළමු තැන ගන්නටසුන් රිත්මිකට උදව් කල ඩීපී එඩියුකේෂන්

admin by admin
June 5, 2024
in ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
0
2023 උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගත් ටසුන් රිත්මික

2023 උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගත් ටසුන් රිත්මික

උසස් පෙළ විභාගය හුදු ශාස්ත්‍රීය දැනුම පරීක්ෂා කිරීමේ විභාගයක් නොවේ. එය අනාගතයට විවර වන දොරටුවක් ලෙස හැඳින්වීම වඩා උචිතයි. වසර ගණනාවක් පුරාවට ඉගෙන ගත් පැය කිහිපයක් ඇතුළත උරගා බැලිය යුතු ඉතාම තරගකාරී විභාගයක් ලෙස අප සියල්ලන්ම උසස් පෙළ විභාගයක සලකනවා.

සාම්ප්‍රදායික ඉගෙනුම් ක්‍රම කඩාකප්පල් කරමින් සහ ලංකාව පුරා සිසුන්ගේ ඔරොත්තු දීමේ හැකියාව පරීක්ෂා කරමින්, ගෝලීය COVID-19 වසංගතය මෙන්ම ලංකාව මුහුණ ආර්තික අර්බුධ මැද විශේෂයෙන්ම පාසල් අධ්‍යාපනය ලබන දරුවන් ඒ අධ්‍යාපනය ලබාගන්න කල කැපවීම මහමෙරක් තරම් විශාලයි. ඒ අභියෝග ජයගෙන තමන්ගේ අරමුණ කරා ගිය ටසුන්ගේ ගමන විශිෂ්ට වන්නේ ඒ නිසාමයි.

ටසුන්ගේ කතාව කැපවීමේ පරිවර්තනීය බලය සහ ඩීපී එඩියුකේෂන් වැනි නව්‍ය අධ්‍යාපනික වේදිකාවල සඵලතාවය අවධාරනය කරන්නක්. නවීකරණය කරන ලද අධ්‍යයන ක්‍රම සහ පුද්ගලාරෝපිත සහය තුළින් ටසුන් උසස් පෙළ විෂය මාලාවේ සංකීර්ණතා හරහා ගමන් කරමින් කලා විෂය ධාරාවෙන් ජයග්‍රහණයක් අත්කර ගත් පුවත අපට දැනගන්නට ලැබුනේ පසුගිය සතියේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිපල නිකුත් වීමත් සමගමයි.

“මම ඉගෙනගත්තේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ.මට මේ ජයග්‍රහණය ලබාගන්න එක වසරේ සිට උදව් කල සියලුම ගුරුවරුන්ම් විදුහල්පතිවරුන් සහ පාසල මතක් කරන්නම ඕන. මේ ජයග්‍රහණය ලබාගන්න මට ලොකුම හයියක් වුනේ මගේ අම්මා, තාත්තා සහ අක්කා. ඒ වගේම  මට මේ ලබාගත්ත ජයග්‍රහනයෙදි අමතක කරන්නම බැරි කෙනෙක් ඉන්නවා. ඒ තමයි ඩීපී එඩියුකේෂන්. ඒ වෙනුවෙන් මම ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනමේ සභාපති සහ නිර්මාතෘ ධම්මික පෙරේරා මහතාටත් ඉතාම ස්තුතිවන්ත වෙනවා”

නොසැලෙන කැපවීමකින් සහ නිවැරදි මඟපෙන්වීමකින් බාධා ජයගෙන අධ්‍යයන විශිෂ්ටත්වය ළඟා කර ගැනීමට හැකි බව ඔහුගේ සාර්ථකත්වය සියලු සිසුන්ට මතක් කර දීමක්. ටසුන් ගේ ගමන ඩීපී එඩියුකේෂන් වැනි අධ්‍යාපනික වේදිකාවල සිසුන්ට ඔවුන්ගේ සම්පූර්ණ හැකියාවන් අවබෝධ කර ගැනීමට සහ ගැටලුකාරී තත්ත්වයන් හමුවේ සාර්ථක වීමට බල ගැන්වීමේ සඵලතාවය පිළිබඳ සාක්ෂියක්.

“මේ වගේ සේවාවක් ලංකාවේ සියලුම දරු දැරියන්ට නොමිලේ ලබාදීම ගැන මම ඉතාමත් ස්තුතිවන්ත වෙනවා ඩීපී එඩියුකේෂන් ආයතනයට. අපි උසස් පෙළට මුහුණ දෙද්දි අපිට දරුණුවටම බලපෑව බාධකය වුනේ කොරෝනා උවදුර. පාසල් හෝ පංති යන්න අපිට හැකියාවක් තිබුනෙ නෑ. ඩීපී එඩියුකේෂන් ආයතනය විසින් ලබාදුන්න මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේදයන් ඇත්තටම අපිට විශාල හයියක් වුනා ඒ වෙලාවෙ උසස් පෙළ විභාගයට සූදානම් වෙන්න.

ඒ විතරක් නෙවෙයි අපිට හරියට ආවරණය නොවුන පාඩම් කොටස් නැවත බලාගන්න වගේම ගැටලු තියෙන තැන් පහසුවෙන් විසඳගන්න ඩීපී එඩියුකේෂන් අපිට ලොකු උදව්වක් වුණා”

ඩීපී එඩියුකේෂන්  විසින් නොමිලේ සපයන මාර්ගගත අධ්‍යාපන වේදිකාවේ සාර්තකත්වය මොනවට පිළිඹිඹු කරන කතාංගයක් ලෙස ටසුන්ගේ ජයග්‍රහණ පිළිබඳ කතාව සඳහන් කරන්න හැකියි.

“මම තාම ඉගෙන ගන්න නංගිලා මල්ලිලා ගෙන් ඉල්ලන්නෙ ඩීපී එඩියුකේෂන් වගේ නොමිලේ ලබාගන්න පුලුවන් අධ්‍යාපන ක්‍රමවේදයන් භාවිතා කරල ඔයාලගෙ අරමුණු වලට යන්න නොකඩවා මහන්සි වෙන්න කියලා”

අනාගත සිසු පරපුරට ටසුන් රිත්මික ලබාදෙන්නෙ හරිම පැහැදිලි පණිවිඩයක්.

කැපවීමෙන්, අධිශ්ටානයෙන් වගේම නොමිලේ අධ්‍යාපනය ලබා දෙන ඩීපී එඩියුකේෂන් වැනි මාර්ගගත අධ්‍යයන ක්‍රම සමගින් උසස් පෙළ කඩයිම ඉහළින්ම සමත් වීම සිහිනයක් හෝ කළ නොහැක්කක් නොවේ, එය පහසුවෙන්ම ඉටු කර ගත හැකි අරමුණක්.

ඔහු ලබාගත් ජයග්‍රහණය ගැන ටසුන් රිත්මිකට සුබ පතන අතරම ලාංකේය අධ්‍යාපනය වඩා පුළුල් කිරීමට සහ තවදුරටත් ශක්තිමත් කිරීමට ඩීපී එඩියුකේෂන් වැනි ආයතන කරන මෙහෙවර අගය නොකරම බැහැ.

තාක්ෂණය ඉතාම දියුණු ලොවක එකී තාක්ෂණය සිසු සමාජය යහමගට ගෙන යන්නට අත්වැලක් කොටගත් ඩීපී එඩියුකේෂන්  හි නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙරේරා මහතාගේ දුරදක්නා නුවණ අදත්, හෙටත් ලාංකේය සිසු ප්‍රජාව වෙනුවෙන් කරන්නා වූ මෙහෙය මෙතෙකැයි කියා නිමකල නොහැකි වන්නේ ඒ නිසාමයි.

admin

admin

Next Post
AL Tech Island First 2024

2023 අපොස උසස් පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් ලංකාවෙන් පළමු තැන ගත් ෂෙහානි නවෝද්‍යාට උදව්වක් වුණු ඩීපී එඩියුකේශන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

DP Education - Blog

© 2023 Dhammika & Priscilla Perera Foundation

Navigate Site

  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්

Follow Us

No Result
View All Result
  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්

© 2023 Dhammika & Priscilla Perera Foundation