DP Education
  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්
DP Education
  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්
No Result
View All Result
DP Education
No Result
View All Result

උපතින්ම ආබාධිත අශාන් ඩීපී එඩියුකේෂන් එක්ක සාමාන්‍ය පෙළ කඩයිම ජයගත්තේ මෙන්න මෙහෙම!

admin by admin
December 14, 2023
in ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
0
Ashan Janith

උපතින්ම ආබාධිත අශාන් ජනිත් සේනාධීරට 2021 සාමාන්‍ය පෙළ විභාගයේදී A -4ක, B – 4ක සහ C -1ක විශිෂ්ඨ ප්‍රතිපලයක් ලබාගන්න අවශ්‍ය ඒ අමතර සහය ලබා දුන්නේ ධම්මික පෙරේරා මහතා විසින් රටේ සුවහසක් වූ සිසුන්ගේ අධ්‍යාපනය උදෙසා නොමිලේ සකස් කොට ඇති ඩී.පී එඩියුකේෂන් අධ්‍යාපන නාලිකාවයි.

කෝවිඩ් -19 වසංගත කාළයේ පාසල් සහ අමතර පන්ති පැවැත්වීමට තිබූ බාධක නිසා පාසල් යන දරුවන් විශාල ගැටළුවලට මුහුණ දුන්නා. ධම්මික පෙරේරා මහතාගේ දුර දක්නා නුවණ ඔස්සේ ඒ කාල වකවානුවේදී එළිදැක්වුණු ඩී.පී එඩියුකේෂන් අධ්‍යාපන නාලිකාව, සිසු දරු දැරිවියන්ට නිවසේ සිටම තම අධ්‍යාපන කටයුතුවල නිසි පරිදි නිරත වීමට අවශ්‍ය සහයෝගය සහ හැකියාව ලබා දුන්නා.

“මගේ ලෙඩෙත් එක්ක ලොකුවට පාඩම් කරන්න බැරි නිසා .පී එඩියුකේෂන් තමයි මගේ සිහින සැබෑ කලේ” ලෙස අශාන් ජනිත් සේනාධීර පවසන්නේත් අන්න ඒ ලැබුණු සහයෝගය නිසාමයි.

ඩී.පී එඩියුකේෂන් ඔස්සේ හඳුන්වා දුන් සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට අදාල වැඩසටහන් මෙන්ම පසුගිය ප්‍රශ්න පත්‍ර විචාර වැඩසටහන් ඔස්සේ තම සාමාන්‍ය පෙළ සිහිනය සැබෑ කරගත් අශාන් ඉන් නොනැවතී ඩී.පී එඩියුකේෂන් සහ මොරටුව විශ්ව විද්‍යාලය මගින් නොමිලේ මෙහෙයවනු ලබන ට්‍රේනී ෆුල් ස්ටැක් ඩිවලොපර්  පාඨමාලාව හදාරන්නේත් අනාගතයේ මෘදුකාංග ඉන්ජිනේරුවරයෙකු වීමේ සිහිනය සැබෑ කරගැනීමේ අදිටන ඇතුවයි.

ලංකාව තුළ අධ්‍යාපනයට පවා විශාල මුදලක් වැය කළ යුතු යුගයක, ලක් මාතාවගේ දරුවන් නොහොත් රටේ අනාගතය නුවණින් බබළවන්නට, නොමිලේ ලබාදෙන මෙම සේවාව අශාන් අගය කරන්නේත් ඒ නිසාමයි.

සාමාන්‍ය පෙළ පමණක් නොව පෙර පාසල් අවදියේ සිට උසස් පෙළ දක්වාත් ඉන් ඔබ්බට ජීවන කුසලතා, පිරිවෙණ් අධ්‍යාපනය, පරිගණක තාක්ෂණය, දහම් පාසල්, අයි.ඊ.එල්.ටී.එස් සහ විවිධ භාෂාවන් ඉගෙනීමේ හැකියාවත් සලසන ඩී.පී එඩියුකේෂන්, ඉගෙනීමේ පිපාසාවෙන් පෙළෙන ඕනෑම පුද්ගලයෙකුගේ පවස සංසිඳුවන කෙම්බිමක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.

වයස අවුරුදු 2-7 අතර දරුවන් වෙනුවෙන් විශේෂයෙන්ම නිර්මාණය කරන ලද ඩී.පී කිඩ්ස්, 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා දරුවන් සඳහා අධ්‍යාපනික වැඩසටහන් ඇතුළත් කර නිමැවුණු ඩී.පී ස්කූල්, පිරිවෙණ් අධ්‍යාපනය ලබන දරුවන් සහ භික්ෂූන් වහන්සේ වෙනුවෙන් නිර්මිත ඩී.පී පිරිවෙණ් අධ්‍යාපනය සහ ඩී.පී ප්‍රාචීන අධ්‍යාපනය වැඩසටහන්, ඩී.පී දහම් පාසල මෙන්ම ඩී.පී තොරතුරු තාක්ෂණ ඇකඩමිය, ඩී.පී අයි.ඊ.එල්.ටී.එස්, ඩී.පී ජපන් භාෂාව, ඩී.පී ස්කිල්ස් ෆොර් ලයිෆ් මෙන්ම  ඩී.පී ඩිජිටල් පුස්තකාලය හරහා පුස්තකාල අවකාශයද, ඩී.පී ඩිජිටල් යුනිවර්සිටි සඳහා උසස් අධ්‍යාපන අවකාශයද, ඩී.පී පබ්ලික් හෙල්ත් ඔස්සේ පොදු ජනයාගේ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව කරුණුද මෙහි අන්තර්ගත වන අතර, ලොව පුරා සිටින ඕනෑම අයෙකුට මෙම වැඩසටහන් නොමිලේ නැරඹීමට ඉඩකඩ සලසා තිබීමද අගය කළ යුතුමයි.

දක්ෂයින්ට වැඩි අවධානය ලබා දෙමින් මෙහෙයවනු ලබන බොහෝ අධ්‍යාපන ආයතනයන් අතර, විශේෂ අවශ්‍යතා සහිත අශාන් වැනි රටේ අනාගතය භාරගන්නට සිටින දිරිය දරුවන් නැණ නුවණින් පෝෂණය කරනු වස් ඇරඹුණු ඩී.පී එඩියුකේෂන් අධ්‍යාපන නාලිකාව, ඔබේ දරුවාටත් අධ්‍යාපනයෙන් ඉහළට යෑමට මග හසර සකසා ගත හැකි අත්වැළකි.

“බාධක කොතෙක් ආවත් යන අතරමග – යා යුතු තැනට යනවාමයි ගලන ගඟ” යන කියමන මොනවට පැහැදිළි කරමින්, තමන්ට උපතින්ම ලද බාධක සියල්ල මැඩ පවත්වාගනිමින්, නොමිලේ ලබා ගත හැකි සියල මෙවලම් සහ සහයන් යොදාගනිමින් අශාන්ට ඉදිරියට යන්නට උපකාරී වුණු .පී එඩියුකේෂන්, එදත්, අදත්, හෙටත් ඉගෙනුම් පිපාසාවෙන් පෙළෙන රටේ සුවහසක් ජනයාට නොමිලේ තම ඉහළම, විශිෂ්ඨතම සේවාවන් සපයන්නට කටයුතු කරනු ඇත.

admin

admin

Next Post
Children Happy

සතුටෙන් ඉන්න ඕන කරන සතුටු හෝමෝන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

DP Education - Blog

© 2023 Dhammika & Priscilla Perera Foundation

Navigate Site

  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්

Follow Us

No Result
View All Result
  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්

© 2023 Dhammika & Priscilla Perera Foundation