DP Education
  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්
DP Education
  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්
No Result
View All Result
DP Education
No Result
View All Result

මහනුවර පැවැත්වුණ පොත් ප්‍රදර්ශනයේදි ඩීපී එඩියුකේශන් ගැන දරුවන් දැක් වූ අදහස්

ඩීපී එඩියුකේශන් ඔස්සේ ජීවිතය ජයගත් දරුවන්

admin by admin
November 6, 2024
in ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
0
මහනුවර පැවැත්වුණ පොත් ප්‍රදර්ශනයේදි ඩීපී එඩියුකේශන් ගැන දරුවන් දැක් වූ අදහස්

“මම ඉන්නෙ මහනුවර වුනාට ඩීපී එඩියුකේශන් අධ්‍යාපනය නිසා මට පුළුවන් වෙලා තියෙනව කොලඹ ඉන්න ගුරුවරු එක්කත් එකතුවෙලා, ඒ ඒ පලාත්වල ඉගෙන්වීම් කටයුතු වෙන විදිය දැනගන්න පුළුවන්. මට ආනන්ද නාලන්ද රෝයල් වගේ ඉස්කෝල වල ළමයි පවා ඕ ලෙවල්ස් කරන්නෙ කොහොමද කියලා පවා දැනගන්න මේ නිසා අවස්තාව ලැබුණා.

ඒ පාසල්වල, ඒ පළාත්වල ළමයි පේපර්ස් කරන විදිය, විභාගවලට ලෑස්තිවෙන විදිය පවා මට මහනුවර ඉඳලම දැනගන්න පුළුවන්කම ලැබුණා. ඩීපී එඩියුකේශන් එකෙන් ලැබුණ ඒ සහයෝගය නිසා තමයි මට විභාගෙට කලින් හොඳ පෙරහුරුවක් ලබාගන්න පුළුවන් වුණේ. විභාගෙට එන්න පුලුවන් මොන වගේ ප්‍රශ්නෙද, මම උත්තර ලියන්න ඕන කොහොමද කියල තේරුම් අරගෙන විභාගෙට හොඳ සූදානමකින් යන්න මට පුළුවන් වුනේ, විශ්වාසයක් ආවේ ඩීපී එඩියුකේශන් නිසා.

මම ඕලෙවල් කරේ ඉංග්ලිශ් මීඩියම් නිසා ක්ලාසස් තිබුණෙ හරිම අඩුවෙන්. ඒ වෙලාවෙ තමයි තාත්තා මට ඩීපී එඩියුකේශන් දාලා දුන්නෙ. ඒ උදව්වෙන් තමයි මට ඕ ලෙවල් වලට A 9 ක් දාන්න පුලුවන් වුණේ. ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි සාහිත්‍ය වගේ සබ්ජෙක්ට්ස් පවා හොඳම ප්‍රතිඵලයක් එක්ක හොඳටම කරන්න මට පුළුවන් වුනේ ඩීපී එඩියුකේශන් නිසා”

මේ විදියට ඩීපී එඩියුකේශන් නිසා තමන්ට අපොස සාමාන්‍ය පෙළ විභාගය ඉතාම ඉහළ ප්‍රතිඵල සමග ජයගන්න පුළුවන් වීම ගැන දරුවෙක් අදහස් දැක්වුවේ පසුගිය ජුලි මාසයේ මහනුවර පැවති පොත් ප්‍රදර්ශනයේදී ඩීපී එඩියුකේශන් ප්‍රදර්ශන කුටියට පැමිණ.

ඩීපී එඩියුකේශන් ආයතනය රටේ තරුණ දරුවන්ව දැනුමෙන් සන්නද්ධ කරන්න දරන කැපවීම සහ මෙහෙවර ඇත්තෙන්ම අගය කල යුතුමයි. තාක්ෂණික දැනුම මෙන්ම, භාෂා ප්‍රවීණත්වය, තරගකාරී විභාග සඳහා පුහුණුව ලබා දෙමින් ලාංකේය තරුණ තරුණියන් අනාගතය සඳහා දැනුමෙන් සන්නද්ධ කරන්නට ඩීපී එඩියුකේශන් නිරත්තරයෙන්ම කටයුතු කරනවා.

2024 වසරේ ජුලි 1 වන දා සිට 7 වන දා දක්වා මහනුවර Kandy City Center හි පැවැත්වුණ පොත් ප්‍රදර්ශනය හා සමගාමීව එහි ඩිජිටල් අධ්‍යාපන සහකරු ලෙස සහභාගී වූ ඩීපී එඩියුකේශන් ප්‍රදර්ශන කුටිය දින හත පුරාම තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ වන්නට කැමැත්තක් දැක්වූ ලාංකේය දරු දැරියන් රැසකගෙන් පිරී ඉතිරී ගියා.

“මම සාමාන්‍ය පෙලට කරන්නෙ අයි ටී. ඒකට මට ඩීපී එඩියුකේෂන් කෝඩින් ස්කූල් එකෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් උදව් වෙනවා. ඒ වගේම ඩීපී එඩියුකේෂන් එකෙන් ලබා දෙන ඔන්ලයින් දැනුමෙන් මට මම දන්නෙ නැති ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්” කියා මෙන්ම

“ඇත්තටම හොඳයි, ධම්මික පෙරේරා මහත්මයාට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මේ වගේ දෙයක් පටන්ගත්ත එක ගැන. මේකෙන් අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්. දැනටමත් අපිට ඇප් එහෙම හදන්න පුලුවන් ඩීපී එඩියුකේශන් කෝඩින් ස්කූල් එකෙන් ලැබුන දැනුම නිසා,” යැයි ඩීපී එඩියුකේශන් ප්‍රදර්ශන කුටිය වෙත පැමිණි දරුවන් ඩීපී එඩියුකේශන් වෙතින් ඔවුන්ට ලබා දෙන තොරතුරු තාක්ෂණ දැනුම වෙත ආයතනයට සහ එහි නිර්මාතෘවරුන්ට ස්තුතිවන්ත වෙන්නත් අමතක කලේ නැහැ.

“දුප්පත්කම තුරන් කල හැකි එකම එන්නත අධ්‍යාපනය” බවට ප්‍රකාශ කරමින් ඩීපී එඩියුකේශන් නිර්මාතෘ ධම්මික පෙරේරා මහතා විසින් ආරම්භ කරන ලද මෙම මහඟු අධ්‍යාපනික තෝතැන්න ඉදිරි අනාගතයේදී ලංකාව මෙන්ම මේ පුංචි රටේ ජීවත්වන තරුණ තරුණියන්ගේ ජීවිත වඩාත් ඔප මට්ටම් කරන්නට මෙන්ම වඩාත් උස් තැන්වලට ඔසවා තබන්නට හේතුවන බව නිසැකයි.

ධම්මික පෙරේරා මහතාගේ දැක්ම සහ කැපවීම ඔස්සෙ ක්‍රියාත්මක වන ඩීපී එඩියුකේශන් ඔස්සේ ඔහුගේ අරමුණ වන දුප්පත්කමෙන් මිදුනු, දැනුමෙන් පිරුණු රටක් සහ ජනතාවක් හඳුන්වා දීමයි. මෙම ව්‍යාපෘතිය සහ එහි දැක්ම අනාගතයේදී ලංකාවේ තරුණ පරම්පරාවගේ දක්ෂතා වර්ධනය කිරීමට හේතු වනු ඇත. ඩීපී එඩියුකේශන් හි නවෝත්පාදන සහ අධ්‍යාපනික විප්ලවයන් රටේ අනාගතය වෙනස් කරමින්, තරුණ පරම්පරාවට නොමඳ ආසිරි ලබා දෙනු ඇති බව අපේ විශ්වාසයයි!

Tags: DP Educationeducation websiteFree EducationInternational Languageskandy book fairLearn Free
admin

admin

Next Post
බස්නාහිර පළාතේ ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් හි සිසු සිසුවියන් ඇගයීමේ සහතිකපත් ප්‍රදානෝත්සවය

බස්නාහිර පළාතේ ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් හි සිසු සිසුවියන් ඇගයීමේ සහතිකපත් ප්‍රදානෝත්සවය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

DP Education - Blog

© 2023 Dhammika & Priscilla Perera Foundation

Navigate Site

  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්

Follow Us

No Result
View All Result
  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්

© 2023 Dhammika & Priscilla Perera Foundation