“ගිනි කාස්ටකේ සැපයි කියලා උපන්දා ඉඳලා දන්න පරම්පරාවක තවත් පුරුකක් මං. හරි හතරැස් කොටුව ඇතුලෙ ඉගෙන ගන්න එක කොච්චර සාදාරණද නැද්ද කියල මට තේරුම් යනකොට මම පහේ ශිෂ්‍යත්වෙ ෆේල් වෙලා.
ලෝකය ගැන හොයන්න තියා අනුරාධපුරේ ගැන දැනගන්නවත් මට මායිම් පනින්න හැකියාවක් තිබුනේ නෑ. ඉර නගිනවා, මුදුන් වෙනවා, බැහැල යනවා.
ජීවිත කාලයේම මේ ඒකාකාර චිත්‍ර දිහා බලාගෙන ඉන්න එක තමයි අපේ දෛවය”
මෙය අපට නුපුරුදු කතාවක් නොවේ. මෙවන් කතා දහස් ගණනක් අදටත් අපේ රට ඇතුලු සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල්වල ඈත ගම්මානවල, දුෂ්කර ජීවිතයක් ගත කරන මිනිසුන්ට, දරුවන්ට උරුමයි.
ඉතා ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන ජනතාව බොහෝ විට සැලකිය යුතු අධ්‍යාපනික අසමතුලිතතාවයකට මුහුණ දෙනවා. විශේෂයෙන් තාක්ෂණය සහ සම්පත් වෙත ප්‍රවේශ වීමේදී. මෙම දුෂ්කර ප්‍රදේශවල, යටිතල පහසුකම් සහ සම්පත් හිඟකම ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගැනීමට අපේක්ෂා කරන සිසුන්ට අභියෝග එල්ල කරනවා. පරිගණක සඳහා සීමිත ප්‍රවේශය, අන්තර්ජාල සම්බන්ධතාව සහ ඩිජිටල් ඉගෙනුම් ද්‍රව්‍ය නවීන අධ්‍යාපනික මෙවලම් සහ තාක්ෂණයන් සමඟ සම්බන්ධ වීමට ඇති නොහැකියාව බොහෝ දරුවන්ව පැහැබර අනාගතයක් පිලිබඳ සිහින දැකීමෙන් වලක්වනවා.
එහෙත් අපි අද කතා කරන්නෙ තමන්ගෙ ඉරණම වෙනස් කරගන්න අරමුණු කරගත්ත දරුවෙක්ගේ කතාවක්. තමන්ගෙ හැකියාව, උනන්දුව සහ කැපවීම තමන්ගෙ ජීවිතය ආලෝකවත් කරගත්ත දරුවෙක් ගැන.
ඒ සහන්.
දෙපාරක් හිතන්නෙ නැතුව පනින්නට අපහසුයි කියා සිතූ ජීවිතයේ උස මාවත පැන්න දරුවෙක්ගෙ කතාව.
“අප්පච්චිගෙන් මට උරුම වෙන්න තිබුනෙ දේවල් වලින් මම කැමතිම මේ බයිසිකලේට.මේකෙ නැගල කොච්චර දුරක් මම දැන් පැදල ඇද්ද? ර්ඒත් ගම ඇතුලෙ කැරකිල කැරකිල වැටුනෙ එකම තැනකට. බයිසිකලේ වෙනුවට මට අත්තටු දෙකක් දෙන්න පුලුවන් උනානම් අප්පච්චි මොන විදියෙන් හරි ඒක කරලා
හන්දියෙන් එහාට මිනිස්සු වගේම අලිත් ඉන්නවා. එකෙක් දෙන්නෙක් නෙවෙයි රංචු පිටින්. උන් රෑට ගමේ පාරවල් අල්ලගෙන ඉන්නෙ. අලින්ගෙන් අපේ හීන වගේම ජීවිතෙත් බේරගන්න එකට තමා මෙහෙ අය ජීවත් වෙනව කිව්වෙ.
හැමදාම අලි කඩන දඬු වැට හදන්න අප්පච්චි හරි හරියට මහන්සි උනා. මාත් අප්පච්චි එක්ක මහන්සි උනා.”
මේ අපට නුපුරුදු කතාවක් නොවේ.
ඇතැම් ග්‍රාමීය ප්‍රදේශවල වන අලි මිනිසුන්ට මෙන්ම සතුන්ටද අභියෝගයක් වෙමින් නිදහසේ සැරිසරන බව අපි හොඳින්ම දන්නවා. අලි ඇතුන් බොහෝ විට ගමේ පාරේ සැරිසරන අතර මිනිසුන්ගේ ජීවිත සහ ජීවනෝපායන් අවදානමට ලක් කරනවා. ගම්වාසීන් තම ආරක්ෂාව සහ තම භෝගවල ආරක්ෂාව පිළිබඳ නිරන්තර බියෙන් ජීවත් වෙනවා.
අවාසනාවන්ත ලෙස වන අලි ගැවසීම මෙම ප්‍රදේශවල සිසුන්ගේ සහ තරුණ තරුණියන්ගේ අධ්‍යාපන අවස්ථා වලටද බලපානවා. විශේෂයෙන් රාත්‍රී ගමන්වලදී අලි ඇතුන් හමුවීමට ඇති බිය නිසා සිසුන්ට පාසල් වෙත යාමට හෝ සාමකාමී පරිසරයක අධ්‍යාපනය ලැබීමට අපහසුවක්. එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ සිසුන්ට අධ්‍යාපන අවස්ථා මගහැරී හෝ අලි ඇතුන්ගේ නිරන්තර තර්ජන මධ්‍යයේ තම අධ්‍යයන කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීමට අරගල කරන්නට සිදු වී තිබෙනවා.
“හැමදාම බියෙන් සැකෙන් ගත කරන හෙටක් නොදකින අප්පච්චිගෙ ජීවිතේ දකින මට ඕන උනේ ඊට වඩා එහා ලෝකයක් දකින්න.
අපේ ගමේ මිනිස්සු අලින්ට වඩා බයයි තාක්ෂණයකට. හුලු අත්තට එහා තාක්ෂනයක් දන්නවනම් ඒ කෑලි හතරෙ ටෝච් එක. ඒත් මට ඕන උනේ අලුත් තාක්ෂණය එක්ක හරි හරියට දුවන්න. අලි වැටෙන් එහා තියෙන අලුත් ලෝකෙට පාර කපාගන්න”
නව තාක්ෂණය වැලඳ ගැනීමටත්, ඉහළ ඉලක්ක කරා යාමටත් කැමති දරුවන්ට, ගම්බද ප්‍රදේශවල වන අලි මිනිස් ගැටුම් වැනි අභියෝග ජයගත නොහැකි බාධක නොවේ. එවැනි තත්ත්වයන් නිසා ඇති වන දුෂ්කරතා නොතකා, තාක්ෂණික ක්ෂේත්රයේ විශිෂ්ටත්වය දැක්වීමට අධිෂ්ඨාන කර ගත් පුද්ගලයන් මෙම අභියෝග ජය ගැනීමට මාර්ග සොයා ගන්නවා. ඔවුන් අධ්‍යාපන අවස්ථා වෙත ප්‍රවේශ වීමට සහ ඔවුන්ගේ දැනුම සහ කුසලතා වැඩි දියුණු කිරීමට ඩිජිටල් මෙවලම් සහ සම්පත් වල බලය උපයෝගී කර ගන්නවා.
“මම නගරයට ආවෙ අලුත් බලාපොරොත්තු මල්ලක් කරේ තියාගෙන. නවතින්න පොඩි කාමරයක් හොයාගත්ත. පත්තර ඒජන්සියක රස්සාවක් හොයාගත්ත. මගෙ රැලේ බයිසිකල් එක අප්පච්චි එව්ව. මේකෙන් ලැබිච්ච පොඩි වැටුපෙන්. මේ රස්සාව නිසා මට ඇති තරම් පත්තර කියවන්න ලැබුනා. අන්න එතනදි තමයි මම දැනගත්තෙ මම මවපු හීන ඇත්තටම පත්තර වල තියෙනව කියල.
ඩීපී එඩියුකේෂන් අයි.ටී කැම්පස් – ඒ තමයි මගෙ ඇස් ගිණි කණ වට්ටපු දැන්වීම
මං එදා තමයි දැනගත්තෙ රටේ ලෝකෙ දියුණුව ගැන හිතන මිනිස්සු අපි වගේ අයටත් ගොඩයන පාරවල් හදල තියෙන බව.
එදා තමයි මම ජීවිතේ දෙවනි දඬුවැට පැන්නෙ. මම එදා තමයි හරියටම ඉපදුනේ.උදලු කැතු පුරුදු අතින් මව්ස් එක මුලින්ම අල්ලපු දවසෙ වෙව්ලුවා. මොනිටර් එකේ වින්ඩෝස් ඕපන් වෙනකොට මට මහා බයක් දැනුනා. ඒම හැඟීමක් දැනිච්ච හැම වෙලාවකම මම ඇස් පියාගෙන මටම කිව්ව දෙයක් තිබුනා.
සහන්, ඔයාට පුලුවන්. ඔයා මේ දේ කරන්නම ඕන”
සහන් ජීවිතය ජයගන්න, අනාගතයට පියවර තබන්න ඒ විදියට කටයුතු කරා.
“සහන් කියන්නෙ ඇත්තටම දුශ්කර ගමක දරුවෙක්. පුංචි කාලෙ ඉඳල සහන්ල අලි කරදරේ වින්දා. දක්ශ දරුවෙක්ට ලැබුන මේ අවස්තාව අනුව සහන් දුර ගමනක් යාවි කියල මම විශ්වාස කරනව”
එහෙම සහන් ගැන අදහස් දක්වනේ අනුරාධපුරයේ වැඩ වසන ධම්මකුසල හිමියන්.
ජීවිතයේ අසීරුතා දහසක් මැද, තමන්ගේ ස්ව ශක්තියෙන්, වැට කඩොලු බිඳ දමමින්, ජීවිතයේ ඉදිරියට යන්නට වෙහෙස වන සහන් වැනි දරුවන් රැසකට ලංකාව පුරා බොහෝ දුශ්කර ගම්මානවල පිහිටුවා ඇති ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් ලබාදෙන්නෙ විශාල අත්වැලක්.
ඒ අත්වැල ඔස්සේ සහන් වැනි තවත් දක්ශ දරුවන් රැසකගේ ජීවිත සාර්තක කරමින්, ඔවුන්ගේ අනාගතයත් රටේ අනාගතයත් සර්වප්‍රකාරයෙන්ම සාර්තක කරගන්නට ඩීපී එඩියුකේශන් වෙතින් දෙන සවිය අපට අමතක කරන්නට බැහැ.
ඒ වගේම ඔබේ හීනවලට පණ දෙන්නේ ඔබම බව අමතක කරන්න එපා. ඒ හීන වලට පණ දෙන ගමනේ ඔබ ලඟින්ම අපි ඉන්න බවත් අමතක කරන්න එපා.
“ප්‍රශ්න ඇතුලෙ ජීවත් වෙනවා වෙනුවට උත්තර එක්ක ජීවිතේ දිනන්න වෙර දරන, බාධක වැට කඩොලු පනින දරුවන්ට ඉහළට යන්නට ඉණිමං තනන ලාංකේය අධ්‍යාපනයේ නවමු මුහුණුවර – ඩීපී එඩියුකේෂන්”