DP Education
  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්
DP Education
  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්
No Result
View All Result
DP Education
No Result
View All Result

ඩීපී එඩියුකේෂන් තුලින් 2022 උසස් පෙළ විභාගය ජයගත් සිසුන්

admin by admin
June 5, 2024
in ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
1
ඩීපී එඩියුකේෂන් තුලින්  2022 උසස් පෙළ විභාගය ජයගත් සිසුන්

පෙළ විභාගය තවත් එක් සාමාන්‍ය විභාගයක් ම නොවේ. වසර ගණනාවක් පුරාවට තමා ඉගෙන ගත් සහ උකහාගත් දැනුම උපයෝගී කරගනිමින් අනාගතයට පිවිසීම පිණිස පාලම් තනන අභියෝගාත්මක විභාගයක් ලෙස උසස් පෙළ විභාගය හඳුන්වා දිය හැක. 2022 වසරේදී අප රට පමණක් නොව මුලු ලොවම මුහුණ දුන් දරුණු COVID-19 වසංගතය විසින් ඇති කරන ලද බාධා කිරීම් හේතුවෙන් මෙම අභියෝගය තවත් අභියෝගාත්මක වූ බව රහසක් නොවේ. එහෙත්, මෙම දුෂ්කර කාලවලදී පවා, සිසුන් තිදෙනෙකු තම සාර්ථකත්වයේ මාවත ආලෝකමත් කිරීමට සමත් වූ අතර, ඔවුන් සියලු දෙනාම ඔවුන්ගේ විශිෂ්ට ජයග්‍රහණ ලබා ගැනීමට ඩීපී එඩියුකේෂන්  අත්වැලක් වූ ආකාරය කියන්නේ මෙලෙසින්.

“COVID-19 වසංගත තත්ත්වය එක්ක පාසල් වසා දැමීම නිසා අපිට ඔන්ලයින් ක්‍රමයට තමයි ඉගෙනීම් කටයුතු කරන්න පුලුවන් වුනේ. පාසලට යන්න අවස්ථාව ලැබුනෙ ඉතාම අඩුවෙන්. ඒත් ඔන්ලයින් ඉගෙනුම් කටයුතු කරද්දි මට ඩීපී එඩියුකේෂන්  ලොකු උදව්වක් වුණා. ඒ වෙනුවෙන් මම ධම්මික පෙරේරා මහතාට ඉතාම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඉදිරියෙදි උසස් පෙළ කරන්න ඉන්න නංගිල මල්ලිලට මට කියන්න තියෙන්නෙ පාසල් අධ්‍යාපන කටයුතු වලට අමතරව ඩීපී එඩියුකේෂන්  ඔස්සේත් දැනුම හොයාගෙන උසස් පෙළ ඉහළින්ම ජයගන්න කියල”

ඒ අදහස් උසස් පෙළ විභාගයට ගණිත අංශයෙන් විශිෂ්ට සමාර්ත තුනක් ලබාගෙන දිවයිනේ පළමු තැනට පත්වුන කොලඹ රාජකීය විද්‍යාලයේ මනෙත් මනුල පෙරේරාගෙන්.

විශේෂයෙන්ම COVID-19 වසංගතය නිසා ඇති වූ බාධා කිරීම් සමඟ ඔහුගේ සාර්ථකත්වය කරා යන ගමන අභියෝගවලින් තොර එකක් නොවේ. මනුල ඔහුගේ ජයග්‍රහණය ලබා ගැනීම සම්බන්ධව පාසල් අධ්‍යාපනයට අමතරව, ඩීපී එඩියුකේෂන්  හි අගනා ඔන්ලයින් පාඩම්, අධ්‍යයන කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට උපයෝගී කර ගත් බව පවසන්නේ ඉමහත් සතුටෙන් සහ කෘතවේදීව.

මනුලගේ ​​කතාව අධිශ්ඨානශීලීත්වය සහ කැපවීම ගැනත් අධ්‍යයන ක්‍රම නවීකරණය කිරීම පිණිස ඇරඹුණ ඩීපී එඩියුකේෂන්  වැනි අධ්‍යාපනික වේදිකාවල සාර්තකත්වය පිළිබඳවත් මනා සාක්ෂියකි. මනුලගේ ​​ගමන සියලුම සිසුන්ට ආදර්ශයක් වන අතර, නොසැලෙන කැපවීම සහ ඩීපී එඩියුකේෂන්  හි සහාය ඇතිව උසස් පෙළ විභාගයේ සාර්ථකත්වය ළඟා කර ගත හැකි බව අවධාරණය කරයි.

“දුරස්ත අධ්‍යාපන ක්‍රමය ඔස්සේ තමයි අපිට Covid 19 වසංගත කාලයේ ඉගෙන ගන්න ලැබුණෙ. එතනදි මට ඩීපී එඩියුකේෂන්  ලොකු සහයෝගයක් දුන්නා. ලිඛිත විභාගයට පමණක් නෙවෙයි මම මගේ ප්‍රායෝගික පරීක්ෂන වලටත් ඕන කරන දැනුම ලබාගන්න ඩීපී එඩියුකේෂන්  උපකාරී කරගත්තා. මම ඒ වෙනුවෙන් ධම්මික පෙරේරා මහතාට ඉතාමත් උපකාරී වෙනවා”

 ඩීපී එඩියුකේෂන්  පිළිබඳව ඒ අදහස් ගෙන එන්නේ උසස් පෙළ තාක්ෂණවේදී විශය ධාරාවෙන් ලංකාවේ පළමු තැනට පැමිණි ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සමුදිත නයනප්‍රිය.

සමුදිතගේ ජයග්‍රාහී ගමන ඩීපී එඩියුකේෂන්  ඔස්සේ නොමිලේ  ලබා දෙන මාර්ගගත අධ්‍යාපනයෙන් පොහොසත් වූ අතර, එය ඔහුට න්‍යායික සහ ප්‍රායෝගික පරීක්ෂණ දෙකෙහිම විශිෂ්ටත්වය දැක්වීමට ඉමහත් උපකාරයක් විය.

සමුදිතගේ විශිෂ්ට ජයග්‍රහණය මගින් විභාගයට සූදානම් වීමේදී ඩීපී එඩියුකේෂන්  ඔස්සේ ලද විශේෂඥ මගපෙන්වීමේ වැදගත්කම මොනවට කියා පායි. අනාගත උසස් පෙළ විභාග සිසුන්ට ඔහු මේ හා එක්වන්න යැයි ආරාධනා කරමින්, ඩීපී එඩියුකේෂන්  හි විශේෂඥ ගුරු මණ්ඩලයෙන් ප්‍රතිලාභ ලබා ගැනීමට ඔවුන් දිරිමත් කරමින්, සාර්ථකත්වයේ මාවත විවර කිරීමේදී මෙම වේදිකාවේ වැදගත්කම අවධාරණය කරයි.

“අපොස උසස් පෙළ විභාගයෙන් ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ පළමු තැන ලබාගන්න මට පුලුවන් වුනා. Covid 19 වසංගත තත්ත්වය එක්ක අපිට පාසලේ ගුරුවරු එක්ක සජීවීව සම්බන්ධ වෙන්න ලැබුනේ නැහැ. ඒ මොහොතේ තමයි මට ඩීපී එඩියුකේෂන්  ගැන දැනගන්න ලැබුනේ.මගේ මේ ජයග්‍රහණය වෙනුවෙන් මම පාසල් ගුරුවරුන්ට අමතරව ඩීපී එඩියුකේෂන්  ඔස්සේ මට සහය වුණ සියලුම ගුරුවරුන්ටත් ධම්මික පෙරේරා මහතාටත් ඉතාමත් ස්තුතිවන්ත වෙනවා”

එලෙසින් අදහස් බෙදාගන්නෙ මාතර සුජාතා බාලිකාවෙන් ඉගෙනුම ලබා ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ පළමු තැනට පැමිණි ප්‍රමෝදි මුණසිංහ.

ප්‍රමෝදිගේ කතාව සාර්ථකත්වයට සීමා මායිම් නොමැති බවත්, නිවැරදි සම්පත් සමඟ ඕනෑම සිසුවෙකුට තම සිහින සැබෑ කර ගත හැකි බවත් සිහිපත් කරයි. ඩීපී එඩියුකේෂන්  ඔස්සේ නොමිලේ ලබාදෙන මාර්ගගත අධ්‍යාපනික මාධ්‍ය ප්‍රයෝජනයට ගෙන උසස් පෙළ විභාගය ඉහළින්ම සමත් වන්නට කටයුතු කරන ලෙස අනාගත සිසු සිසුවියන්ගෙ ප්‍රමෝදි ඉල්ලා සිටිනවා.

ඩීපී එඩියුකේෂන්  විසින් නොමිලේ සපයන මාර්ගගත අධ්‍යාපන වේදිකාවේ සාර්තකත්වය මොනවට පිළිඹිඹු කරන කතාංග තුනක් ලෙස මනුලගේත්, සමුදිතගෙත්, ප්‍රමෝදිගේත් ජයග්‍රහණ පිළිබඳ කතාවන් සඳහන් කරන්න හැකියි.

තාක්ෂණය ඉතාම දියුණු ලොවක එකී තාක්ෂණය සිසු සමාජය යහමගට ගෙන යන්නට අත්වැලක් කොටගත් ඩීපී එඩියුකේෂන්  හි නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙරේරා මහතාගේ දුරදක්නා නුවණ අදත්, හෙටත් ලාංකේය සිසු ප්‍රජාව වෙනුවෙන් කරන්නා වූ මෙහෙය මෙතෙකැයි කියා නිමකල නොහැක.

admin

admin

Next Post
Thiraj Prabasha

අගහිඟකම් දහසක් මැද ජීවිතය දිනන්නට වෙර දරන අපේ කාළයේ පුංචි වීරයා - තිරාජ් ප්‍රභාෂ

Comments 1

  1. Gihani savindi says:
    1 year ago

    ❤️🥰

    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

DP Education - Blog

© 2023 Dhammika & Priscilla Perera Foundation

Navigate Site

  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්

Follow Us

No Result
View All Result
  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්

© 2023 Dhammika & Priscilla Perera Foundation