DP Education
  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්
DP Education
  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්
No Result
View All Result
DP Education
No Result
View All Result

අදියරෙන් අදියර ජීවිතය ඉදිරියට යන්නට ඩී.පී එඩියුකේෂන් කතරගම චතුමිට උදව් කළේ මෙන්න මෙහෙම!

admin by admin
December 14, 2023
in ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
0
Chathumi Nethsarani Coding

මො/දෙටගමුව කණිටු විදුහලේ අට ශ්‍රේණියේ ඉගෙන ගන්න පුංචි දැරිවියකට, නොමිලේ ලැබුණු ලක්ශ 25ක් වටිනා පරිගණක පාඨමාලාවක 100 වන අදියර දක්වා යෑමට හැකියි කියා ඔබ විශ්වාස කරනවාද?

එය සැබවින්ම ඇත්තක්.

කෝවිඩ් – 19 අර්බුධ සමයේ නිවෙස්වලට වී සිටින දැයේ සුවහසක් දුවා දරුවන්ගේ අධ්‍යාපන පිපාසය සංසිඳුවාලනු පිණිස තම දුර දක්නා නුවණ මෙහෙයවා ධම්මික පෙරේරා මහතා විසින් අරඹන ලද ඩී.පී එඩියුකේෂන්, මො/දෙටගමුව කණිටු විදුහලේ අට ශ්‍රේණියේ ඉගෙන ගන්න පුංචි චතුමි නෙත්සරණි ගම්හේවාට, නොමිලේ ලබා දෙන ලක්ෂ 25ක් වටිනා පරිගණක පාඨමාලාවක 100 වන අදියර දක්වා යන්නට උපකාරී වුණා.

පාසලෙන් ලැබෙන දැනුමට අමතරව ඩී.පී එඩියුකේෂන් ඔස්සේ  තම අධ්‍යාපනික කටයුතුවල නිරත වෙමින් සිටි චතුමිට ඩී.පී කෝඩින් ගැන දැනගන්න ලැබෙන්නෙ ඒ අතරවාරෙ. 

තම පෞද්ගලික පරිහරණය උදෙසා පරිගණකයක් නොමැති නිසාවෙන් තමන්ගේ තොරතුරු තාක්ෂණ පංතියේ පරිගණකය භාවිතා කරමින්, නිදහස සහ ඉඩකඩ ඇති කාලවේලාවන් හිදී නිවසේදීත් දුරකතනය යොදාගනිමින් ඩී.පී කෝඩින් පාඨමාලාව හදාරන්න චතුමි යොමුවන්නේ තමන් තුළ ඇති දැනුම පිපාසය නිසාමයි.

කෝඩින් පාඨමාලා දුරකතනයකින් හැදෑරීම කෙතරම අපහසු කාර්‍ය්‍යක්ද යන්න ඔබටත් මටත් අලුත් කරුණක් නෙවෙයි. එවන් අසීරුතා මැදදීත් නොපසුබට උත්සාහය සහ දැනුම පිපාසන සංසිදවා ගන්නට ඇති කැමැත්ත නිසා කෝඩින් පාඨමාලාවට අදාල තොරතුරු පොතක ලියාගෙන කෝඩින් ඉගෙන ගන්නට පුංචි චතුමි කටයුතු කරනවා.

“සතියකට සැරයක් මම පංතියට යනවා ගිහින් අලුතෙන් දේවල් හදනවා” ලෙස ඩී.පෝ කෝඩින් පාසලෙන් තමන් දැනුමෙන් පෝෂණය වූ ආකාරය අපත් සමග බෙදාගත් චතුමි, වැඩි වශයෙන් මෙම කෝඩින් පාඨමාලාවට අදාල ව්‍යාපෘති නිම කර තිබෙන්නේ නිවසේදී දුරකතනය භාවිතා කරමිනුයි.

තොරතුරු තාක්ෂන විද්‍යාගාරය භාවිතා කර විශාල වෙලාවක් වැය කරමින් මෙම පාඨමාලා හදාරන්නට නොහැකි වීම නිසා නිවසේදී දුරකතනයෙන් අධ්‍යයන කටයුතුවල නිරත වුණු චතුමිට පැමිණි විශාලම ගැටළුවක් වුනේ ඩී.පී කෝඩින් පාසලේ කියාදෙන ඇතැන් ව්‍යාපෘති දුරකතනය හරහා සම්පූර්ණ කිරීමට නොහැකි වීමයි. එනමුත් එතැනින් නොනැවතී අදාල තොරතුරු පොතක ලියාගනිමින්, නැවත තොරතුරු තාක්ෂණ පංතියට ගිය දිනක පොතේ ලියාගත් කරුණු විග්‍රහ කරමින් ව්‍යාපෘති වල නිරත වන්නට තරම් චතුමිගේ තිබූ උනන්දුව සහ කැපවීම අගය කළ යුතුමයි.

ඒ අසීමිත උනන්දුව සහ දැනුම පිපාසය නිසාවෙන්ම අද වන විට ඩී.පී කෝඩින් පාසලෙන් නොමිලේ ලබාදෙන ලක්ෂ 25ක් වටිනා මෙම පරිගණක පාඨමාලාවේ අදියර 100ක් දක්වා සහතික 11ක් දිනාගනිමින් එන්නට පුංචි චතුමිට හැකියාව ලැබී තිබෙනවා.

බොහෝ අපහසුතා මැද තමන් විසින්ම තමා දිරිගන්වමින්, නොනැවතී, නොවැටී ජීවිතය ඉදිරියට යන්න උත්සාහ කරන චතුමිට ඩී.පී එඩියුකේෂන් වෙතින් එම ගමනට ලැබුනේත් නොමද උපකාරයක්. 

ලංකාව තුළ අධ්‍යාපනයට පවා විශාල මුදලක් වැය කළ යුතු යුගයක, ලක් මාතාවගේ දරුවන් නොහොත් රටේ අනාගතය නුවණින් බබළවන්නට, ධම්මික පෙරේරා මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාවට නැංවුණ ඩී.පී එඩියුකේෂන් ඩිජිටල් අධ්‍යාපන අවකාශය ගැන චතුමි සහ ඇයගේ දෙමව්පියන් මෙන්ම සුවහස ලාංකික සිසු ජනතාව අගය කරන්නේත් ඒ ලැබුණු මගපෙන්වීම් සහ උපකාරයන් නිසාමයි.

“කාටත් හිමි පොදු දේ නම් – නැති බැරි හිඟ අවහිරකම් – මේ දේ මැඩගෙන දස්කම් – පෑම තමයි සුරුවිරුකම්” ලෙස එදා ටිබෙට් ජාතික ඇස්.මහින්ද හිමියන් විසින් රචික කවියට දිය හැකි හොඳම නිදසුනක් වන්නේ, බොහෝ බාධා මැද, තමන් ලද සම්පත් යොදාගනිමින් ජීවිතය ඉදිරියට යන්නට හැකි සැමවිටකම වෙහෙසන පුංචි චතුමි නෙත්සරණි ගම්හේවා දියණියයි.

එවන් ලක් දරුවන්ගේ දැනුම පිපාසය සංසිඳුවාලමින්, නොමිලේ ලැබිය හැකි සම්පත් වලින් උපරිම ප්‍රයෝජන්උපකාරී වුණු .පී එඩියුකේෂන්, එදත්, අදත්, හෙටත් ඉගෙනුම් පිපාසාවෙන් පෙළෙන රටේ සුවහසක් ජනයාට නොමිලේ තම ඉහළම, විශිෂ්ඨතම සේවාවන් සපයන්නට කටයුතු කරනු ඇත.

admin

admin

Next Post
2023 වසරේ අපිට ඉහළින් ඇති අහස වෙනස් වෙන්නේ මෙන්න මේ විදියට!

2023 වසරේ අපිට ඉහළින් ඇති අහස වෙනස් වෙන්නේ මෙන්න මේ විදියට!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

DP Education - Blog

© 2023 Dhammika & Priscilla Perera Foundation

Navigate Site

  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්

Follow Us

No Result
View All Result
  • මුල් පිටුව​
  • දිවියට සවියක්
  • දෙමාපියන්ට උපදෙස්
  • ඩීපී එඩියුකේෂන් තුලින් දිවිය ජයගත් දරුවෝ
  • පුවත් සහ යාවත්කාලීන තොරතුරු
  • දැනුමට යමක්

© 2023 Dhammika & Priscilla Perera Foundation